Home Sinhala තිසර පෙරේරා ඇතුළු Jaffna Stallions අපරාජිතවම ඉදිරියට

තිසර පෙරේරා ඇතුළු Jaffna Stallions අපරාජිතවම ඉදිරියට

ලංකා ප්‍රිමියර් ලීගය 2020 - Coverage powered by My Cola

254

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (01) දින හම්බන්තොට දී නිමාවූයේ Jaffna Stallions කණ්ඩායමට ලකුණු 54ක ජයග්‍රහණයක් හිමිකර දෙමිනි. Kandy Tuskers කණ්ඩායමට එරෙහිව පැවති එම තරගයේ දීද තරගයේ වීරයා බවට පත්වූ තිසර පෙරේරා පිතිකරණයෙන් ලකුණු 68ක් ද, පන්දු යැවීමෙන් කඩුලු 2ක් සහ පන්දු රැකීමෙන් උඩපන්දු තුනක් රැකගනිමින් සුපිරි තුන් ඉරියව් දස්කම් දක්වන ලදි. 

කාසියේ වාසිය දිනාගත් Jaffna Stallions නායක තිසර පෙරේරා පළමුව පිතිකරණය සඳහා අවස්ථාව ලබා ගත්තේ පෙර තරග වලට සාපේක්ෂව වෙනස් තීරණයක් ලබා ගනිමිනි. 

Photos – Jaffna Stallions vs Kandy Tuskers – Match 8 | LPL 2020

Kandy Tuskers සහ Jaffna Stallions යන කණ්ඩායම් දෙකම මෙම තරගය සඳහා අවතීර්ණ වූයේ ඔවුන් අවසන් වරට සහභාගී වූ තරග ජයග්‍රහණය කරමිනි. කෙසේ නමුත් Jaffna Stallions කණ්ඩායම බිනුර ප්‍රනාන්දු වෙනුවට සුරංග ලක්මාල් අද තරගය සඳහා කණ්ඩායමට කැඳවා තිබූ අතර Kandy Tuskers කණ්ඩායම සිය ජයග්‍රාහී කණ්ඩායමේ කිසිඳු වෙනසක් නොකරමින් මෙම තරගය සඳහා අවතීර්ණ විය. 

Jaffna Stallions ඉනිම ආරම්භ කළ අවිශ්ක ප්‍රනාන්දු සහ මිනෝද් භානුකගේ පළමු කඩුල්ලේ සබඳතාවය මෙම තරගය තුළද වැඩි වේලාවක් පවත්වා ගැනීමට නොහැකි වූයේ අවිශ්ක ලකුණු 3ක් රැස්කර ගෙන සිටිය දී  දුවද්දී දැවී යාමකට හසුවූ නිසයි. ලකුණු 15ක් රැස්කර ගෙන සිටි මිනෝද්ගේ කඩුල්ල අසේල ගුණරත්න විසින් දවා ගැනීමත් සමඟම පළමු පන්දු 33 තුළ ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් යුගලය ක්‍රීඩාගාරය තුළ රැඳවීමට Kandy Tuskers කණ්ඩායමට හැකි විය. 

තවත් LPL විස්තර: 

Jaffna Stallions සහ Dambulla Viikings අතර පසුගියදා පැවති තරගයේ දී මෙන් Jaffna Stallions පළමු කඩුලු 4 මෙම තරගයේ දීද අවම ලකුණු ප්‍රමාණයක් තුළ දැවී ගිය අතර පන්දුවාර 9කුත් පන්දු 3ක් අවසානයේ ඔවුන්ගේ ප්‍රබල කඩුලු 4ක් ලකුණු 49කට දැවී ගොස් දැඩි අසීරු මට්ටමක පසුවිය. Jaffna Stallions නායක තිසර පෙරේරා හට මෙම තරගයේ දීද පිතිකරණයෙන් වැඩි බරක් ඇදීමට සිදු වූ අතර ඔහු නොකඩවා දෙවැනි වරටත් අර්ධ ශතකයක් වාර්තා කර ගැනීමට සමත් වූයේ සිය පිතිකරණ රිද්මය සහ සිය හැකියාව නැවතත් මනාව විදහාපාමිනි. 

5වන කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ ධනංජය ද සිල්වා සහ තිසර ලකුණු 118ක දැවැන්ත සබඳතාවයක් ගොඩනංවමින් ඔවුන්ගේ බිඳ වැටුනු ලකුණු පුවරුව ශක්තිමත් මට්ටමකට රැගෙන ගියේ ඔවුන්ගේ මැදපෙළ පිතිකරණයට තරගයක් වෙනස්ම ආකාරයේ මට්ටමකට රැගෙන යාමට හැකි බව නැවත වතාවක් සාක්ෂාත් කරමිනි. තිසර පෙරේරා පන්දු 28කට පමණක් මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 5ක් එල්ල කරමින් ලකුණු 68ක් රැස්කර ගන්නා විට ධනංජය ද සිල්වා හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් එල්ල කරමින් ලකුණු 61ක් රැස්කර ගත්තේ Jaffna Stallions ලකුණු සටහන ලකුණු 185/8ක් දක්වා රැගෙන යමිනි. 

පන්දු යැවීමේ දී Kandy Tuskers කණ්ඩායම වෙනුවෙන් Naveen-ul-Haq ලකුණු 44කට කඩුලු 3ක් දවා ගන්නා විට, අසේල ලකුණු 20කට කඩුලු 2ක් දවා ගන්නා ලදි. 

2020 LPL තරගාවලියේ සිය අපාරාජිකත්වය රැකගෙන සිටින එකම කණ්ඩායම බවට පත්ව සිටි Jaffna Stallions කණ්ඩායම මෙම තරගය අවසානයේ දීද එය එලෙසම රැකගැනීම වෙනුවෙන් ලකුණු 186ක ඉලක්කයක් Kandy Tuskers පිතිකරුවන්ගෙන් බේරාගත යුතුව තිබුනි. 

Kandy Tuskers ඉනිම ආරම්භ කළ කුසල් පෙරේරා සහ Rahmanullah Gurbaz යන දෙදෙනාම ලකුණු 25 සීමාව පසුකිරීමට පෙර දවා ගැනීමට වමතින් වේගපන්දු යවන Usman Shinwari සමත් වූයේ Jaffna Stallions කණ්ඩායමේ ප්‍රධාන පන්දු යැවීමේ තුරුම්පුව ඔහු බවට තවදුරටත් අණසක පතුරුවමිනි. 

අනතුරුව පිටියට පැමිණි Brendan Taylor සමඟ ස්ථාවර වූ කුසල් මෙන්ඩිස් තුන්වන කඩුල්ල සඳහා ලකුණු 23ක සබඳතාවයක් ගොඩනංවමින් පිටියේ ස්ථාවර වීමට වෑයම් කළ ද සුරංග ලක්මාල් සිය නායක තිසර සමඟින් කතාබහ කර සිය පන්දු යැවීමේ අන්තය මාරු කරමින් ක්‍රියාත්මක කළ පළමු පන්දුවාරය තුළම මෙන්ඩිස්ගේ කඩුල්ල දවා ගැනීමට ලක්මාල් සමත් වූයේ ධනංජය ද සිල්වාගේ දක්ෂ උඩපන්දු රැකීම ද සවියක් කරගනිමිනි. 

පෙර තරගයේ දී Kandy Tuskers කණ්ඩායමට ඔවුන්ගේ පළමු ජයග්‍රහණය ලබා ගැනීම සඳහා සවියක් වූ Brendan Taylor මෙම තරගය තුළද සිය ප්‍රහාරය කිසිඳු අඩුවක් නොමැතිව එල්ල කළ නමුත් ලකුණු 46 සීමාවේ දී ඔහුගේ ඉනිම සඳහා තිත තැබීමට Duanne Olivier සමත් වූයේ තිසර පෙරේරා midwicket කලාපයේ සිට රැකගත් සුපිරි උඩ පන්දුව නිසයි. 

අනතුරුව Kandy Tuskers කණ්ඩායමේ බිඳ වැටීම ආරම්භ වූ අතර Jaffna Stallions කණ්ඩායම පන්දු යැවීමේ දී සහ පන්දු රැකීමේ දී දැක්වූ දස්කම් ඉතාමත් ඉහළ මට්ටමක තිබීම සහ තිසර පෙරේරාගේ දක්ෂ නායකත්වය නිසාවෙන් පන්දුවාර 17කුත් එක් පන්දුවක් අවසානයේ ලකුණු 131කට Kandy Tuskers ඉනිම සීමා කිරීමට Jaffna Stallions කණ්ඩායමට හැකි විය. අවසන් පෙළ පිතිකරුවන් සමඟ එක්ව Kandy Tuskers ඉනිම ගොඩනැගීම සඳහා වෙහෙස වූ අසේල ගුණරත්න හතරේ පහර 4ක් සමඟ පන්දු 24ක දී ලකුණු 31ක් රැස්කර ගනිමින් දස්කම් දැක්වූ නමුත් එය Kandy Tuskers කණ්ඩායම ජයග්‍රහණය දක්වා රැගෙන යාම සඳහා ප්‍රමාණවත් වූයේ නැත. 

පන්දු යැවීමේ දී Jaffna Stallions කණ්ඩායම වෙනුවෙන් Usman Shinwari කඩුලු 3ක් දවා ගත්තේ දැනට LPL තරගාවලියේ දෙවන වැඩිම කඩුලු ලාභියා බවට පත්වෙමිනි. ඊට අමතරව සිය තුන් ඉරියව් දස්කම් දැක්වූ තිසර පෙරේරා කඩුලු 2ක් දවා ගන්නා විට වනිඳු හසරංග සහ සුරංග ලක්මාල් අතරේ කඩුලු 2ක බැඟින් බෙදී ගියේය. 

තරගයේ වීරයා – තිසර පෙරේරා (Jaffna Stallions) 

ඒ අනුව ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ තරග 8ක් අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ දැනට ඉදිරියෙන් පසුවන්නේ Jaffna Stallions කණ්ඩායම වන අතර ඔවුන් තරග තුනකට සහභාගී වී එම තරග තුනම ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටියි. 

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු My Cola අනුග්‍රාහකත්වය යටතේ ThePapare.com හරහා ඔබ වෙත ගෙන ඒමට සූදානම්. රැඳී සිටින්න, ThePapare.com අප සමඟම. 

Result


Jaffna Kings
185/8 (20)

Kandy Falcons
131/10 (17.1)

Batsmen R B 4s 6s SR
Avishka Fernando run out (Seekkuge Prasanna) 3 5 0 0 60.00
Minod Bhanuka st Kusal Janith b Asela Gunarathne 15 23 2 0 65.22
Dhananjaya de Silva c Nuwan Pradeep b Naveen ul Haq 61 38 5 3 160.53
Tom Moores b Asela Gunarathne 4 6 0 0 66.67
Shoaib Malik run out (Kamindu Mendis) 9 7 1 0 128.57
Thisara Perera c Seekkuge Prasanna b Naveen ul Haq 68 28 5 5 242.86
Wanindu Hasaranga c Dilruwan Perera b Nuwan Pradeep 5 4 1 0 125.00
Chathuranga de Sliva c Seekkuge Prasanna b Naveen ul Haq 5 5 1 0 100.00
Usman Shinwari not out 6 6 1 0 100.00
Suranga Lakmal not out 0 0 0 0 0.00


Extras 9 (b 0 , lb 1 , nb 2, w 6, pen 0)
Total 185/8 (20 Overs, RR: 9.25)
Did not bat Duanne Olivier,

Bowling O M R W Econ
Munaf Patel 3 0 14 0 4.67
Dilruwan Perera 3 0 30 0 10.00
Asela Gunarathne 3 0 20 2 6.67
Naveen ul Haq 4 0 44 3 11.00
Seekkuge Prasanna 1 0 9 0 9.00
Kamindu Mendis 2 0 23 0 11.50
Nuwan Pradeep 4 0 44 1 11.00


Batsmen R B 4s 6s SR
Kusal Janith c Minod Bhanuka b Usman Shinwari 4 4 0 0 100.00
Rahmanullah Gurbaz c Duanne Olivier b Usman Shinwari 6 5 0 1 120.00
Kusal Mendis c Dhananjaya de Silva b Suranga Lakmal 20 9 1 2 222.22
Brendon Taylor c Thisara Perera b Duanne Olivier 46 32 4 3 143.75
Kamindu Mendis c Suranga Lakmal b Thisara Perera 9 10 1 0 90.00
Asela Gunarathne lbw b Thisara Perera 31 24 4 0 129.17
Seekkuge Prasanna c Thisara Perera b Wanindu Hasaranga 1 3 0 0 33.33
Dilruwan Perera c Minod Bhanuka b Usman Shinwari 9 8 0 1 112.50
Naveen ul Haq c Usman Shinwari b Wanindu Hasaranga 4 3 1 0 133.33
Nuwan Pradeep c Thisara Perera b Suranga Lakmal 0 4 0 0 0.00
Munaf Patel not out 0 1 0 0 0.00


Extras 1 (b 1 , lb 0 , nb 0, w 0, pen 0)
Total 131/10 (17.1 Overs, RR: 7.63)
Bowling O M R W Econ
Usman Shinwari 3 0 17 3 5.67
Suranga Lakmal 3 0 27 2 9.00
Chathuranga de Sliva 2 0 30 0 15.00
Duanne Olivier 3 0 30 1 10.00
Thisara Perera 2.1 0 9 2 4.29
Wanindu Hasaranga 4 0 17 2 4.25



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<