දැවැන්ත පුහුණුකරුවෙකු ළදරුවෙකු මෙන් හැඬවූ Mapimpiගේ කතාව

467
The story of Makazole Mapimpi

“Chasing the Sun” වාර්තාමය වැඩසටහන් මාලාවේ අවසාන කතාංගය පසුගිය සති අන්තයේ දී විකාශය වන්නට වූයේ සමස්තයක් ලෙස රග්බි ක්‍රීඩාව පමණක් නොව මනුෂ්‍යත්වය පිළිබඳව ද විදහා දැක්වූ ඉතා සුවිශේෂී කතාන්දරයක නිමාව සනිටුහන් කරමිනි. 

පසුගිය 2019 වසරේ ජපානයේ දී පැවති රග්බි ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වන්නට මාස 18ක කාලයකට පෙර සිට නොවැම්බර් මස 2 වැනි දින දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර පැවති එහි අවසන් මහා තරගය දක්වාම දකුණු අප්‍රිකාවේ ‘Springboks’ ජාතික රග්බි කණ්ඩායමේ ගමන්මගේ තිරය පිටුපස විශේෂ සිදුවීම් මෙම වාර්තාමය වැඩසටහන් මාලාව හරහා රසිකයින් වෙත සමීප කරනු ලැබීය. 

දකුණු අප්‍රිකානු කඳවුර ඔවුන් මේ වන විට ප්‍රශංසාවට ලක්වන තරමට ම දැඩි විවිධත්වයකින් ද සමන්විත වීම හේතුවෙන් මෙම වැඩසටහන් මාලාව ආරම්භයේ සිට ම දැඩි සිත්ගන්නා සුළු බවක් ගනු ලබයි. ඒ අනුව වත්මන් Springboks කණ්ඩායම අතිශය ධනවත් මෙන්ම දැඩි දරිද්‍රතාවයෙන් පිරි වැනි විවිධ සංස්කෘතික පසුබිම් ගණනාවකින් පැමිණි ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් වන බව නොරහසකි. 

කෙසේ නමුත් මේ අතරින් මුළු රග්බි ලෝකයේ ම සුවිශේෂ අවධානයක් දිනා ගන්නට සමත් වූ චරිතයක් ලෙස ඔවුන්ගේ ප්‍රධාන පුහුණුකරු Rassie Erasmus හඳුනා ගත හැක. ඒ ඔහු ඊට පෙර කටයුතු කරමින් සිටි අයර්ලන්තයේ Munster ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකාරීත්වය අත්හැර දැඩි අවුල් සහගත තත්වයක සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායමක් තමන් යටතට ගෙන විශිෂ්ට සහය කාර්ය මණ්ඩලයක ද සහයෝගය ඇතිව ඉතා කෙටි කාලයක් තුළ ඔවුන්ව රග්බි ලෝක ශූරයින් බවට පරිවර්තනය කිරීමට සමත්කම් පෑමත් සමඟයි.

තවත් රග්බි පුවත්:

කොටස් 5කින් සමන්විත වූ මෙම වාර්තාමය වැඩසටහන් මාලාවේ හැඟීම්බර ම අවස්ථාව එහි අවසානයේ දී දිගහැරුණා යැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. ඒ කණ්ඩායමේ winger ක්‍රීඩක Makazole Mapimpiගේ ඉතා දුක්ඛිත කතා පුවත පිළිබඳව මතකයට නැඟීමේ දී Erasmus හඬාවැටෙන සිදුවීමයි. 

ලෝක කුසලාන අවසන් මහා තරගයක දී දකුණු අප්‍රිකානු රග්බි ඉතිහාසය තුළ පළමු උත්සාහක දිනුම වාර්තා කර ගත් Mapimpiගේ ඒ කතා පුවත සැබැවින් ම සුරංගනා කතාවක් බඳු වන්නේ එරට Eastern Cape හි පිහිටා ඇති Tsholomnga නම් කුඩා ගම්මානයක දැඩි දරිද්‍රතාවයෙන් යුතු පසුබිමක් තුළ උපත ලබා අද වන විට ඔහු එරට තරුවක් දක්වා ඉහළට පැමිණීමට සමත් වීමත් සමඟයි. 

“ක්‍රීඩකයින්ගේ ‘jersey’ එකේ පිටිපස්සේ තියෙන අංකවල ක්‍රීඩකයින්ට ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ගේ ඡායාරූප ඇතුළත් කරගන්න පුළුවන්. ඒත් Mapimpiගේ අංකවල තිබ්බේ ඔහුගේ ඡායාරූප විතරයි. වෙන කවුරුත් ඒ ඡායාරූපවල හිටියේ නැහැ. ඉතින් මම ඔහුගෙන් ඇහුවා ඇයි එහෙම කරන්නේ කියලා. එතකොට ඔහු කිව්වේ ‘මට එහෙම කවුරුත් නැහැ’ කියලා. ඔබ දන්නවා ඔහුගේ මව මෙන්ම සහෝදරයා ද මියගිහින් ඉන්නේ කියලා. ඔහු ළඟ ඔවුන්ගේ ඡායාරූප නැහැ. ඉතින් ඔහු එක දෙයක් වෙනුවෙන් නෙමෙයි ක්‍රීඩා කරන්නේ. ඔහුට ඉතා විශාල හදවතක් තියෙනවා. ඉතා විශාල හදවතක්,” Erasmus ඉතා හැඟීම්බර වෙමින් පැවසීය. 

එම සංවේදී වීඩියෝව පහතින්.

https://www.ultimaterugby.com/ වෙබ් අඩවියේ පළවූ ලිපියක පරිවර්තනයකි. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<