පාසල් රග්බි පිටිය උණුසුම් කරමින් මේ දිනවල පැවැත්වෙන Dialog පාසල් රග්බි තරගාවලියේ ඊයේ (22) පැවති තරගයෙන් අපරාජිත සාන්ත ජෝසප් ක්‍රීඩකයින් ලකුණු 17-03ක් ලෙස පරාජය කරන්නට රාජකීය විද්‍යාලයීය ක්‍රීඩකයින්ට හැකි වුනා.
තරග ආරම්භයේ දී හිමි වූ දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් ලකුණු ලබා ගැනීම ආරම්භ කිරීමට සාන්ත ජෝසප් ක්‍රීඩක ඩිල්හාර සුභාෂ්ට හැකි වුනා.
එයට පිළිතුරු ලෙස සිය ලකුණු ලබා ගැනීම ආරම්භ කළ රාජකීය විද්‍යාලය වෙනුවෙන් පළමු ලකුණ එක් කිරීමට ජනිත් මාරසිංහට හැකි වුනේ උත්සාහක දිනුමක් සාර්ථකව අවසන් කරමිනුයි.
එම අර්ධය තුළ තවත් ලකුණු ලබා ගැනීමට සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ට නොහැකි වීම නිසා පළමු අර්ධය අවසන් වුනේ රාජකීය විද්‍යාලයට පෙරමුණ ලබා දෙමිනුයි.
- ඉසිපතනය අපරාජිත වෙද්දී සාන්ත අන්තෝනියට දැවැන්ත ජයක්
- ඉසිපතන සහ ත්‍රිත්ව ක්‍රීඩකයින් අපරාජිකත්වය රැක ගනී
- රාජකීය, වෙස්ලි, විද්‍යාර්ථ හා සාන්ත ජෝසප් ජයග්‍රහණ අතරට
- පාසල් රග්බි තෙවැනි සතියේ තරග කල් දමයි
- විද්‍යාර්ථය හමුවේ පීතරයින් පසුබසිද්දී කිංග්ස්වුඩ්ට රාජකීය ප්‍රහාරයක්
දෙවැනි අර්ධය තුළ සිය ආධිපත්‍ය පැතිර වීමට සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ට හැකි වූවත් උත්සාහක දිනුම් වාර්තා කිරීමට ඔවුන් දැරූ උත්සාහයන් වැළැක්වීමට රාජකීය පසු පෙළ ක්‍රීඩකයින්ට හැකි වුනා.
සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ගේ බලාපොරොත්තු සුන් කරමින් 65 වැනි මිනිත්තුවේ දී තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට දනුජ සමනරත්නට හැකි වුනා.
රාජකීය විද්‍යාලයේ ජය තහවුරු කරමින් තරගයේ තෙවැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට හංසක හිග්ගොඩට හැකි වුනේ සාන්ත ජෝසප් ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු සියල්ල සුන් කරමිනුයි.
අවසන් ලකුණු තත්වය: රාජකීය විද්‍යාලය 17 (3T, 1C) – 03 (1P) සාන්ත ජෝසප් විද්‍යාලය
NDB තරගයේ වීරයා: අබ්දුල්ලා යූසුෆ් (රාජකීය විද්‍යාලය)
ලකුණු ලබා ගත් ක්‍රීඩකයින්,
- රාජකීය විද්‍යාලය: ජනිත් මාරසිංහ 1T, දනුජ සමනරත්න 1T, හංසක හිග්ගොඩ 1T, Nabeel Yahiya 1C
- සාන්ත ජෝසප් විද්‍යාලය: ඩිල්හාර සුභාෂ් 1P
Dialog පාසල් රග්බි ලීගයේ සියලූම තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟ.
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<