Home Sinhala නැමීබියාවට ඉතිහාසගත ජයග්‍රහණයක්

නැමීබියාවට ඉතිහාසගත ජයග්‍රහණයක්

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

456
Image Courtesy: AP Images

මේ දිනවල ක්‍රියාත්මක වන 2021 ICC T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩයේ තවත් තීරණාත්මක තරගයක් අද (22) අයර්ලන්තය සහ නැමීබියාව අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Sharjah නුවර Sharjah ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමට පසුව A කාණ්ඩයෙන් සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම තේරීම සඳහා තීරණාත්මක වූ මෙම තරගයට පෙර කණ්ඩායම් ද්විත්වයම තරගය බැගින් ජයග්‍රහණය කර තිබුණා.

ඒ අනුව මෙම තීරණාත්මක තරගයෙන් අයර්ලන්තය කඩුලු 8කින් පරාජයට පත්කරමින් සුපිරි 12 දෙනාගේ වටයට පිවිසීමට නැමීබියානු ක්‍රීඩකයන්ට හැකි වුනා.

දෙපිලේම ලෝක කුසලාන ඉරණම තීරණය කිරීම සඳහා පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනා ගත් අයර්ලන්ත නායක Andrew Balbirnie පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

  • අයර්ලන්තය: Paul Stirling, Kevin O Brien, Andrew Balbirnie (c), Gareth Delany, Curtis Campher, Harry Tector, Neil Rock (wk), Simi Singh, Mark Adair, Craig Young, Joshua Little
  • නැමීබියාව: Zane Green (wk), Craig Williams, Michael van Lingen, Gerhard Erasmus (c), David Wiese, JJ Smit, Jan Frylinck, Pikky Ya France, Jan Nicol Loftie-Eaton, Ruben Trumpelmann, Bernard Scholtz

සිය නායකයාගේ තීරණයට උපරිම සාධාරණයක් ඉටු කරමින් අයර්ලන්ත පළමු කඩුල්ල සඳහා ලකුණු 62ක සම්බන්ධතාවක් ගොඩනැගීමට Paul Stirling සහ Kevin O Brienට හැකි වුනේ කණ්ඩායමට සාර්ථකව ආරම්භයක් ලබා දෙමිනුයි.

පළමු පන්දුවාර කිහිපයේ දී තරමක පසුබෑමකට ලක්වූවත් Paul Stirling ලකුණු 38කට සහ Kevin O Brien ලකුණු 25කට පිටියෙන් ඉවත් කරමින් සිය කණ්ඩායම තරගයට ගෙන ඒමට Bernard Scholtz සහ Jan Frylinck සමත් වුනා.

එතැන් පටන් අයර්ලන්ත පිතිකරුවන් සිය පාලනයට ගනිමින් ඉතාමත් දක්ෂ පන්දු යැවීමක් ප්‍රදර්ශනය කිරීමට නැමීබියානු පන්දු යවන්නන්ට හැකි වීම නිසාවෙන් අයර්ලන්ත ඉනිම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 125ට සීමා වුනා.

Paul Stirling සහ Kevin O Brienට අමතරව සාර්ථක වූ එකම පිතිකරුවා වූ Andrew Balbirnie ලකුණු 21ක් රැස්කිරීමට සමත් වූ අතර අනෙකුත් කිසිවෙකුට ලකුණු 10 සීමාව පසුකිරීමට හැකි වුනේ නැහැ.

පන්දු යැවීමේ දී නැමීබියාව වෙනුවෙන් Jan Frylinck කඩුලු 3ක් සහ David Wiese කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වූ අතර Bernard Scholtz සහ JJ Smit අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ලකුණු 126ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නැමීබියාව වෙනුවෙන් ඉනිම ආරම්භ කළේ Zane Green සහ Craig Williams විසිනි.

නැමීබියානු ආරම්භක සම්බන්ධතාව ලකුණු 25කට සීමා කරමින් Craig Williams දැවී ගියේ Curtis Campherගේ පන්දුවක් හමුවේ Kevin O Brien රැක ගත් දක්ෂ උඩපන්දුව නිසාවෙනි.

තණතීරුවේ හැසිරීම තේරුම් ගැනීමත් සමඟ දෙවැනි කඩුල්ල සඳහා ගොඩ නැගූ වටිනා ලකුණු 48ක සම්බන්ධතාවයකින් පසු ලකුණු 24ක් ලබා සිටි Zane Green පිටියෙන් ඉවත් කිරීමට Curtis Campherට හැකි වුනා.

සිය කණ්ඩායමට අවශ්‍යම වූ අවස්ථාවේ අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් අර්ධ ශතකයක් ලබා ගැනීමට නැමීබියානු නායක Gerhard Erasmusට හැකි වූ අතර David Wieseගේ වේගවත් ප්‍රහාරයත් සමඟ ඔවුන් කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී සීමාව පසු කළා.

Gerhard Erasmus පන්දු 49ක් තුළ හයේ පහර එකක් සහ හතරේ පහර තුනක් සමඟින් ලකුණු 53ක් රැස්කිරීමට සමත් වූ අතර David Wiese පන්දු 14ක් තුළ ලකුණු 28ක් රැස්කිරීමට සමත් වුනා.

අයර්ලන්ත කණ්ඩායමේ සාර්ථක වූ එකම පන්දු යවන්නා වෙමින් Curtis Campher ලකුණු 14කට කඩුලු 2ක් බිඳී හෙළීමට සමත්වූවත්, මෙම පරාජයත් සමඟ තරගාවලියෙන් ඉවත් වීමට ඔවුන්ට සිදු වුනා.

මෙම ජයග්‍රහණය සමඟ සිය පළමු විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී ම සුපිරි 12 අතරට පිවිසීමට නැමීබියානු කණ්ඩායමට හැකි වූ අතර පන්දු යැවීමෙන් කඩුලු 2ක් සහ පිතිකරණයෙන් වේගවත් ලකුණු 28ක් ලබා ගත් David Wiese තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා.

  • අයර්ලන්තය: 125/8 (20) – Paul Stirling 38, Kevin O Brien 25, Andrew Balbirnie 21, Jan Frylinck 3/21, David Wiese 2/22
  • නැමීබියාව: 126/2 (18.3) – Gerhard Erasmus 53*, David Wiese 28*, Curtis Campher 2/14

2021 පන්දුවාර විස්ස ලෝක කුසලානයේ A කාණ්ඩයේ තවත් තරගයක් අද (22) රාත්‍රියේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර Sharjah හී Sharjah ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

එම තරගයේ තොරතුරු ඇතුළුව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<


Result


Ireland
125/8 (20)

Namibia
126/2 (18.3)

Batsmen R B 4s 6s SR
Paul Stirling c Bernard Scholtz b Jan Nicol Loftie-Eaton 38 24 5 1 158.33
Kevin O’Brien c Zane Green b Jan Frylinck 25 24 2 0 104.17
Andy Balbirnie lbw b Jan Frylinck 21 27 2 0 77.78
Gareth Delany b David Wiese 9 18 0 0 50.00
Curtis Campher b Jan Frylinck 4 5 0 0 80.00
Harry Tector c Zane Green b David Wiese 8 6 1 0 133.33
Neil Rock b JJ Smit 5 5 0 0 100.00
Mark Adair run out () 5 5 0 0 100.00
Simi Singh not out 5 4 0 0 125.00
Craig Young not out 1 1 0 0 100.00


Extras 4 (b 0 , lb 1 , nb 0, w 3, pen 0)
Total 125/8 (20 Overs, RR: 6.25)
Fall of Wickets 1-62 (7.2) Paul Stirling, 2-67 (8.4) Kevin O’Brien, 3-94 (14.2) Gareth Delany, 4-101 (16.1) Andy Balbirnie, 5-104 (16.6) Curtis Campher, 6-110 (17.4) Harry Tector, 7-116 (18.4) Neil Rock, 8-121 (19.4) Mark Adair,

Bowling O M R W Econ
Ruben Trumpelmann 3 0 18 0 6.00
David Wiese 4 0 22 2 5.50
JJ Smit 4 0 27 1 6.75
Bernard Scholtz 3 0 25 1 8.33
Jan Frylinck 4 0 21 3 5.25
Pikky Ya France 2 0 11 0 5.50


Batsmen R B 4s 6s SR
Craig Williams c Kevin O’Brien b Curtis Campher 15 16 3 0 93.75
Zane Green c Kevin O’Brien b Curtis Campher 24 32 1 0 75.00
Gerhard Erasmus not out 53 49 3 1 108.16
David Wiese not out 28 14 1 2 200.00


Extras 6 (b 1 , lb 1 , nb 0, w 4, pen 0)
Total 126/2 (18.3 Overs, RR: 6.81)
Fall of Wickets 1-25 (5.1) Craig Williams, 2-73 (13.2) Zane Green,

Bowling O M R W Econ
Josh Little 4 0 22 0 5.50
Craig Young 3.3 0 33 0 10.00
Mark Adair 1.4 0 12 0 8.57
Curtis Campher 3 0 14 2 4.67
Kevin O’Brien 2.2 0 15 0 6.82
Simi Singh 4 0 28 0 7.00