අයර්ලන්තයේ සිම්බාබ්වේ සංචාරයත් කල් දමයි

67

එළඹෙන අප්‍රේල් මස 2 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබුණු අයර්ලන්ත කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරය, මේ වන විට උග්‍ර අතට පත්ව ඇති COVID-19 වයිරස ව්‍යාප්තිය නිසා කල් දමන්නට තීරණය කර තිබෙනවා. මේ තීරණය ගෙන ඇත්තේ අයර්ලන්ත හා සිම්බාබ්වේ ක්‍රිකට් ආයතන අතර පැවැත්වුණු සාකච්ඡාවකින් අනතුරුවයි.  

කොරෝනා වසංගත තත්වය නිසා තවත් ක්‍රිකට් තරග රැසක් කොට උඩට

මේ දිනවල ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාව තුළ ද වේගයෙන් පැතිරෙමින් යන නව කොරෝනා…

සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ ගිව්මෝ මැකෝනි මහතා මේ පිළිබඳ තීරණය මාධ්‍යයට දන්වා සිටියා.

“අපි අයර්ලන්තය හා සිම්බාබ්වේ කණ්ඩායම අතර ක්‍රිකට් තරගාවලිය එළඹෙන අප්‍රේල් මාසයේ බුලේවායෝ හිදී පවත්වන්නට කටයුතු සුදානම් කර තිබුණා. නමුත් මේ දිනවල මහජන සෞඛ්‍යයට ඇති අවදානම සලකා බලා තරගාවලිය කල් දමන්නට අපි තීරණය කළා.” 

“එය තමයි කරන්න තිබුණු හොඳම දේ. දිනෙන් දින පැතිර යන කොරෝනා වයිරසය නිසා ක්‍රීඩකයින්ගේ හා ප්‍රේක්ෂකයින්ගේ ආරක්ෂාව තමයි ප්‍රමුඛ වෙන්නේ. මෙම ව්‍යසන තත්වය මැඩපවත්වන්නට සමත් වුණු පසුව අප සූදානම් තරගාවලිය නැවත පවත්වන්න.”

මේ වන විට සිම්බාබ්වේ රාජ්‍යයේ COVID19 වයිරසයට ගොදුරු වූ රෝගීන් වාර්තා වී නොමැති අතර අයර්ලන්ත වැසියන්ට එරටට පැමිණීමට තහනමක් පනවා ද නැහැ. කෙසේ වෙතත් ක්‍රිකට් ආයතන දෙකම ගත හැකි හොඳම ක්‍රියාමාර්ගය ගෙන ඇතැයි අයර්ලන්ත ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි වොරන් ඩේට්‍රොම් මහතා පවසා සිටිනවා.

නවසීලන්ත පන්දු යවන්නෙක් නිරෝධායන කෙරේ

නවසීලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ලෝකී ෆර්ගසන් නිරෝධායනයට ලක් කිරීමට නවසීලන්ත ක්‍රිකට්…

“පවතිත තත්වය යටතේ ගත හැකි හොඳම තීරණය තමයි මෙය. අපි නව කොරෝනා ව්‍යාප්තිය අඩාල කරන්නට අපි ලබා දිය යුතු සියලුම සහය ලබා දිය යුතුයි. අපි අයර්ලන්ත හා බ්‍රිතාන්‍ය රජයන් දෙකෙන්ම උපදෙස් ද ගත්තා. ඒ අනුව ඉදිරි සති කිහිපයේ දී අපි ආරක්ෂාව පළමු තැන තබා කටයුතු කරනවා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<