මතීෂ පතිරණ ලොව වේගවත්ම පන්දුවේ වාර්තාව අලුත් කළා ද?

373

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (19) දින පැවති ඉන්දු – ශ්‍රී ලංකා තරගය ශ්‍රී ලංකාව ලකුණු 90 කින් පරාජය වුනු නමුත් එම තරගයේ දී සිදුවූ සිදුවීමක් ගැන මේ වන විට මුළු ලොවම කතා බහට ලක් කරමින් සිටියි. 

වාර්තා රැසක් බිහි වූ තරගයේ ජය එංගලන්තයට

ජාත්‍යන්තර ක්‍රිකට් කමිටුවේ “ලෝක ටෙස්ට් ශූරතාවය” වෙනුවෙන් සටන් වැදි එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර……….

ඒ ලසිත් මාලිංගගේ ඉරියව්වට සමාන ඉරියව්වකින් පන්දු යවන මතීෂ පතිරණ යැවූ පැයට කිලෝමීටර 175ක් ලෙස සටහන් වූ පන්දුව පිළිබඳව යි. 

ඉන්දීය ඉනිමේ සිව්වන පන්දුවාරයේ දී මතීෂ පතිරණ විසින් යශස්වී ජයිස්වාල් වෙත පන්දුවක් යොමු කළ අතර එය සජීව ලෙස විකාශනය වූ තරගයක් නිසාවෙන් වේග මාපකවල ලැබෙන දත්තයන් රූපවාහිනියේ තිරය මතද සනිටුහන් වේ. එහිදී එම පන්දුවේ වේගය පැයට කිලෝමීටර 175 ක් හෙවත් පැයට සැතපුම් 108 ක් ලෙස වාර්තා විය. එය සැබෑවක් නම් එය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඕනෑම තරගයක දී යොමු කළ වේගවත්ම පන්දුව බවට ලෝක වාර්තා පොත් අලුත් කරනු ඇත. 

කෙසේ නමුත් එම පන්දුව “වයිඩ්” පන්දුවක් ලෙස කඩුලු රකින්නා ලෙස කටයුතු කළ කමිල් මිශාර වෙත ඇදී ගිය අතර දැක ගන්නට ලැබුනු රූප රාමු වලට අනුව එම පන්දුව කඩුලු රකින්නා පහසුවෙන්ම රැක ගන්නා ලදි. 

එසේම පිතිකරුවා පන්දුව වෙත ඉතාමත් හොඳින් සිය දෑස් යොමා සිටි අතර එහිදී ද එතරම් වේගයක් පෙනෙන්නට නොවීය. එය එම පන්දුවේ වේගය පිළිබඳව වේග මාපකවල සටහන් වූ දත්තය තාක්ෂණික දෝෂයක් ලෙස බොහෝ වාර්තා පළකර තිබූ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් තවමත් මේ පිළිබඳව නිල ප්‍රකාශයක් සිදුකර නොමැත. 

දැනට වාර්තා වී තිබෙන දත්තයන් අනුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වේගවත්ව ම යවා තිබෙන පන්දු තුන පහත පරිදි වේ. 

  • 161.3 kph: ශොයිබ් අක්තාර් 2003 වසරේ එංගලන්තයට එරෙහිව පැවති තරගයක දී – නිව්ලන්ඩ්ස් 
  • 161.1kph: ශෝන් ටෙයිට් 2010 වසරේ එංගලන්තයට එරෙහිව පැවති තරගයක දී – ලෝර්ඩ්ස් 
  • 161.1kph: බ්‍රෙට් ලී 2005 වසරේ නවසීලන්තයට එරෙහිව පැවති තරගයක දී – නේපියර්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<