2022 IPL තරග 55ක් මුම්බායි හිදී; තරග 15ක් පූනේ හිදී!

ඉන්දීය ප්‍රිමියර් ලීගය 2022

466
IPL 2022 set to have 55 matches in Mumbai
NDTV

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග මුම්බායි හිදී සහ පූනේ හිදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. මුම්බායි හි Wankhede, Brabourne සහ DY Patil ක්‍රීඩාංගණ හිදී තරග 55ක් පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර ඉතිරි තරග පූනේ හි MCA ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

සියලුම කණ්ඩායම් Wankhede සහ DY Patil ක්‍රීඩාංගණයේ දී තරග හතර බැගින් ක්‍රීඩා කිරීමට නියමිත අතර Brabourne සහ Pune හිදී තරග තුන බැගින් ක්‍රීඩා කිරීමට නියමිතයි.

Cricbuzz වාර්තා කරන පරිදි තරගාවලිය ආරම්භ කිරීමට දැනට දින දෙකක් යෝජනා කර තිබෙනවා. ඒ මාර්තු මස 26 සෙනසුරාදා හෝ 27 ඉරිදා දිනයයි. තරග ආරම්භක දිනය තවමත් නිශ්චිත ලෙස නිවේදනය කර නැහැ.

තරගාවලියේ අවසන් තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ තවමත් තීරණය කර නැහැ. තරගාවලිය එළඹෙන මැයි මාසයේ 29 වැනිදා අවසන් වීමට නියමිතයි.

අද දින (24) පැවැත්වෙන IPL තරග සංවිධායකයින්ගේ රැස්වීමේ දී තරග සැලසුම පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<