ප්‍රබල මහනුවරට යුද හමුදාවෙන් ප්‍රබල අභියෝගයක්

579

‘Dialog’ අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ දෙවන අදියර යටතේ මහනුවර ක්‍රීඩා සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය අතර අද (03) රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී පැවති තරගයෙන් ලකුණු 29-20ක ජයග්‍රහණයක් හිමිකර ගන්නට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය.

තරගය ආරම්භ වීමට පෙර සිටම ක්‍රීඩාංගණය තුළ දැඩි සුළං සහිත තත්වයක් පැවති අතර තරගය තුළ දඬුවම් පහර අවස්ථාවන් සහ ප්‍රවර්තන අවස්ථාවන් සාර්ථක කර ගැනීම සඳහා කණ්ඩායම් දෙකටම එය දැඩි අභියෝගයක් විය.

අ‍ව‍ස‍න්‍ ස‍ට‍නේ‍ යු‍ධ‍ වි‍රු‍ව‍න්‍ ප‍සු‍බ‍සි‍යි‍

ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ යු‍ධ‍ හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායමත්, CH & FC කණ්ඩායමත් අතර තරගය අද (28) හැ‍ව්‍ලො‍ක්‍ ක්‍රී‍ඩා‍ පිටියේ දී පැවැත්විය. එ‍හි‍ දී‍ ත‍ර‍ගයේ‍…

තරගයේ ආරම්භක මිනිත්තු කිහිපය තුළ කණ්ඩායම් දෙකම උත්සාහක දිනුමක් වාර්තා කරගන්නට දැඩි උත්සාහයක් දැරුවත් ඒ සඳහා පැහැදිලි අවස්ථාවක් නිර්මාණය කර ගන්නට දෙපිළේම ක්‍රීඩකයින් සමත් වූයේ නැත. එහි දී කණ්ඩායම් දෙකේම ආරක්ෂක ක්‍රීඩකයින් දියත් කළ ක්‍රීඩා විලාශය කැපී පෙනෙන්නට විය.

කෙසේ නමුත් තරගයේ 15 වන මිනිත්තුවේ දී මහනුවර ක්‍රීඩා සමාජය උත්සාහක දිනුමක් වාර්තා කර ගනිමින් තරගයේ ලකුණු ලබා ගැනීම ආරම්භ කරන්නට සමත් විය. එහි දී දනුෂ්ක රංජන් ලබා දුන් පන්දුව ප්‍රතිවාදී ක්‍රීඩකයින් පසුකරමින් උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යන්නට රිචඩ් ධර්මපාල සමත් විය. අනතුරුව තිලිණ විජේසිංහ විසින් එය සාර්ථකව ප්‍රවර්තනය කර ගැනීමට ද සමත් විය. (KSC 07-00 ASC)

ඊට වහාම පිළිතුරු දැක්වූ යුද හමුදා ක්‍රීඩකයින් පිට පිට උත්සාහක දිනුම් දෙකක් වාර්තා කර ගනිමින් දඬුවම් පහර අවස්ථාවක් ද සාර්ථක කර ගත්තේ ප්‍රබල මහනුවර ක්‍රීඩා සමාජය තරගයේ පසුපසට ඇද දමමිනි. එහි දී පළමු උත්සාහක දිනුම සමීර බුලත්සිංහල විසින් ද, දෙවන උත්සාහක දිනුම මනෝජ් බණ්ඩාර විසින් ද වාර්තා කර ගනු ලැබීය. එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාවන් ද්විත්වය මෙන්ම ලැබුණු දඬුවම් පහර අවස්ථා ද සාර්ථක කර ගන්නට ගයාන් සාලින්ද සමත් විය. (KSC 07-17 ASC)

අනතුරුව උත්සාහක දිනුමක් වාර්තා කර ගනිමින් නැවතත් තරගයට අවතීර්ණ වන්නට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය. එහි දී පන්දුව හොඳින් හුවමාරු කරමින් ඉදිරියට රැගෙන ගිය ඔවුන් අවසානයේ එය ලවංග පෙරේරා වෙත බාර කළ අතර ඔහු පහසුවෙන් එය උත්සාහක දිනුම් කලාපයට රැගෙන යාමට සමත් විය. එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව ද තිලිණ විසින් සාර්ථක කර ගනු ලැබීය. (KSC 14-17 ASC)

පළමු අර්ධය: මහනුවර ක්‍රීඩා සමාජය 14 – 17 යුද හමුදා ක්‍රීඩා සමාජය

තරගයේ දෙවන අර්ධයට සාර්ථක ආරම්භයක් ලබාගත් ප්‍රබල මහනුවර ක්‍රීඩා සමාජය උත්සාහක දිනුම් දෙකක් වාර්තා කර ගනිමින් නැවතත් තරගයේ ඉදිරියට එන්නට සමත් විය. එහි පළමු අවස්ථාවේ දී ගයාන් වීරරත්න විසින් ප්‍රතිවාදී ක්‍රීඩකයින් පසු කර යමින් විශිෂ්ට උත්සාහක දිනුමක් වාර්තා කර ගනු ලැබූ අතර දෙවන උත්සාහක දිනුම වාර්තා කර ගනු ලැබුවේ හේෂාන් කල්හාර විසිනි. එහි දී ලැබුණු පළමු ප්‍රවර්තන අවස්ථාව තිලිණ විසින් සාර්ථක කර ගනු ලැබුවත් දෙවන අවස්ථාව සාර්ථක කර ගන්නට ඔහු සමත් වූයේ නැත. (KSC 26-17 ASC)

අනතුරුව තරගයේ 58 වන මිනිත්තුවේ දී යුද හමුදා ක්‍රීඩා සමාජයට දඬුවම් පහර අවස්ථාවක් හිමි වූ අතර එය ලබාගත් ගයාන් සාලින්ද පන්දුව සාර්ථකව ගෝල රාමුව තුළින් යොමු කරන්නට සමත් විය. (KSC 26-20 ASC)

පසුව මහනුවර ක්‍රීඩා සමාජයට හිමි වූ දඬුවම් පහර අවස්ථාවක් ලබාගත් තිලිණ එය සාර්ථක කර ගනිමින් කණ්ඩායම් දෙක අතර ලකුණු පරතරය ඉහළ නංවා ගන්නට සමත් විය. (KSC 29-20 ASC)

තරගයේ ඉතිරි මිනිත්තු කිහිපය තුළ කණ්ඩායම් දෙකම උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට දැඩි උත්සාහයක් දැරුවත් එය සාර්ථක කර ගන්නට දෙපිළේම ක්‍රීඩකයින් සමත් වූයේ නැත.

ඒ අනුව දෙවන අර්ධයේ දියත් කළ ප්‍රබල ක්‍රීඩා විලාශයත් සමඟ ප්‍රසාද ලකුණක් ද සමගින් යුද හමුදාවේ අභියෝගය ජය ගන්නට අපරාජිත මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය.

සම්පූර්ණ කාලය: මහනුවර ක්‍රීඩා සමාජය 29 (4T 3C 1P) – 20 (2T 2C 2P) යුද හමුදා ක්‍රීඩා සමාජය

ThePapare තරගයේ වීරයා – ගයාන් වීරරත්න (මහනුවර ක්‍රීඩා සමාජය)

ලකුණු ලබා ගැනීම

  • මහනුවර  ක්‍රීඩා සමාජය – රිචඩ් ධර්මපාල 1T, ලවංග පෙරේරා 1T, ගයාන් වීරරත්න 1T, හේෂාන් කල්හාර 1T, තිලිණ විජේසිංහ 3C 1P
  • යුද හමුදා ක්‍රීඩා සමාජය – සමීර බුලත්සිංහල 1T, මනෝජ් බණ්ඩාර 1T, ගයාන් සාලින්ද 2C 2P

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<