ඉන්දීය රුපියල් බිලියන 5.52කින් අවසන් වුන IPL වෙන්දේසිය

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2022

5182

2022 වාරය සඳහා වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් වෙන්දේසිය ඊයේ (13) නිමා වුනේ ඉන්දීය රුපියල් බිලියන 5.52ක වාර්තාගත වටිනාකමක් සටහන් කරමින්. එහි දී විදෙස් ක්‍රීඩකයන් 67ක් ඇතුළුව ක්‍රීඩකයන් 204 දෙනෙකු අලෙවි වී තිබුණා.

මෙවර වෙන්දේසියේ දී වැඩිම වටිනාකමක් සහිත ක්‍රීඩකයින් බවට ඉන්දීය ක්‍රීඩකයන් පත්ව තිබීම විශේෂත්වයක්. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ වැඩිම වටිනාකමක් සහිත ක්‍රීඩකයන් තිදෙනා ලෙස Ishan Kishan, Deepak Chahar සහ Shreyas Iyer පත්වුනා.

තරගාවලි ඉතිහාසයේ මෙවන් සිදුවීමක් වාර්තා වූ එකම අවස්ථාව වූයේ 2011 තරගාවලියයි. එම වසරේ දී ඉහළම ලංසු ලබා ගත් ක්‍රීඩකයන් හත්දෙනාම ඉන්දීය ක්‍රීඩකයින් වුනා.

ඉන් අනතුරුව 2021 වන තෙක් තරගාවලියේ ක්‍රීඩකයින් 13 දෙනෙකු ඉන්දීය රුපියල් කෝටි 10ට වැඩි වටිනාකමක් සහිතව ක්‍රීඩා කළ අතර ඉන් හත්දෙනෙකු විදෙස් ක්‍රීඩකයන් වුනා.

2022 වසරේ වෙන්දේසියේ දී ක්‍රීඩකයින් 11 දෙනෙකු කෝටි 10 සීමාවට ළඟා වූ අතර එහි විදෙස් ක්‍රීඩකයන් සිව්දෙනෙකු පමණක් සිටීම මෙවර වෙන්දේසියේ තවත් සුවිශේෂී කරුණක් වුනා.

මෙවර වෙන්දේසියේ දී ක්‍රීඩකයින් පස් දෙනෙකු හට ඔවුන්ගේ වටිනාකම මීට පෙර පැවති වටිනාකම මෙන් 2000% හෝ ඊට වැඩි ප්‍රමාණයකින් ඉහළ නංවා තිබුණා. ඉන් ක්‍රීඩකයන් සිව්දෙනෙකුම පසුගිය වසරේ දී Royal Challengers Bangalore නියෝජනය කළ ක්‍රීඩකයන්.

එම ක්‍රීඩකයන් අත‍රින් Harshal Patel සහ වනිඳු හසරංග තවමත් Royal Challengers Bangalore සතුවනවා. Harshal Patel 2021 වසරේ දී ඉන්දීය රුපියල් ලක්ෂ 20ක වටිනාකමක් සහිතව Royal Challengers Bangaloreට එක්වූ අතර ඔහුගේ වත්මන් වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 10.75ක් වනවා. එය ඔහුගේ පෙර වටිනාකම මෙන් 53.75 ගුණයක්.

ඊට අමතරව ඉන්දීය රුපියල් ලක්ෂ 20ක වටිනාකමක් සහිතව Kolkata Knight Riders නියෝජනය කළ Prasidh Krishna ඉන්දීය රුපියල් කෝටි 10ක මුදලකට මිල දී ගැනීමට Rajasthan Royals කටයුතු කර තිබුණා.

මෙවර වෙන්දේසියේ අලෙවි වූ ක්‍රීඩකයින් 204 දෙනාගෙන් 146 දෙනෙකුම තුන් ඉරියව් ක්‍රීඩකයින් හෝ පන්දු යවන්නන් වනවා. මේ ක්‍රීඩකයන් ද විශාල මුදලකට අලෙවි වීම විශේෂත්වයක්.

වැඩිම මුදලකට මිල දී ගත් ක්‍රීඩකයන් 30 දෙනාගෙන් පිතිකරුවන් හෝ කඩුලු රකින්නන් සිටින්නේ 7 දෙනෙකු පමණයි. ඉන්දීය රුපියල් කෝටි 10 (එනම් ඇමරිකානු ඩොලර් මිලියන 1.3) හෝ ඊට වැඩි ලංසු උපයා ගත් ක්‍රීඩකයින් 11 දෙනෙකු සිටින අතර ඉන් 5 දෙනෙක් පන්දු යවන්නන් වනවා.

ඒ අතරින් තිදෙනෙක් තුන් ඉරියව් ක්‍රීඩකයන් වන අතර දෙදෙනෙක් කඩුලු රකින්නන් වනවා. මෙම ක්‍රීඩකයන් අතරින් විශේෂඥ පිතිකරුවන් සිටින්නේ එක් අයෙකු පමණයි.

මෙවර වෙන්දේසියේ දී Mumbai Indians කණ්ඩායමේ මිල දී ගැනීම් පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබුණා. ඔවුන් විසින් Ishan Kishan ඉන්දීය රුපියල් කෝටි 15.25කට (ඇමරිකානු ඩොලර් මිලියන 2කට) මිල දී ගත් අතර එය ඕනෑම ක්‍රීඩකයෙකු සඳහා ඔවුන් ගෙවා ඇති ඉහළම මුදලයි.

වෙන්දේසියේ දෙවැනි දවසේ දී ඔවුන් Tim David ඉන්දීය රුපියල් කෝටි 8.25කට (ඇමරිකානු ඩොලර් මිලියන 1.1කට) මිල දී ගත් අතර එය ඔවුන් විදෙස් ක්‍රීඩකයෙකු වෙනුවෙන් ගෙවා ඇති ඉහළම මුදල වනවා.

මේ අතර Mumbai Indians විසින් 2022 තරගාවලිය සඳහා ක්‍රීඩා නොකරන Jofra Archer ඉන්දීය රුපියල් කෝටි 8කට (ඇමරිකානු ඩොලර් මිලියන 1ක්) මිල දී ගනු ලැබුවා. එම ක්‍රීඩකයන් තිදෙනා වෙනුවෙන් පමණක් Mumbai Indians ඉන්දීය රුපියල් කෝටි 31.5ක් (ඇමරිකානු ඩොලර් මිලියන 4.2ක්) වියදම් කර තිබෙනවා. ඔවුන් මිල දී ගත් සෙසු ක්‍රීඩකයන් 18 දෙනාටම වැය කර තිබුණේ ඉන්දීය රුපියල් කෝටි 16.4ක් පමණයි.

2021 වසරේ දී Chennai Super Kings ඉන්දීය රුපියල් කෝටි 9.25ක (ඇමරිකානු ඩොලර් මිලියන 1.2) වටිනාකමක් සහිතව මිල දී ගත් Krishnappa Gowtham මෙවර එම වටිනාකමෙන් 1/10 ක මුදලකට එනම් ඉන්දීය රුපියල් ලක්ෂ 90කට Lucknow Super Giants කණ්ඩායම විසින් මිල දී ගෙන තිබුණා.

පසුගිය වසරේ දී වැඩිම වටිනාකමක් සහිත ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය නොකළ ක්‍රීඩකයා බවට පත්වූ ඔහු එම වසරේ දී එක් තරගයක් හෝ ක්‍රීඩා කර තිබුණේ නැහැ. ඔහුගේ වටිනාකම පෙර වසරට සාපේක්ෂව 90.27% අඩු වී තිබූ අතර එය මෙවර වෙන්දේසියේ විශාලතම වැටුප් කප්පාදුව බවට පත්වුනා.

වසර හතරකට පසු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙත එක්වූ Tymal Mills හට ද විශාල වැටුප් කප්පාදුවක් සිදු වී තිබුණා. ඔහුට 2017 දී Royal Challengers ඉන්දීය රුපියල් කෝටි 12ක වටිනාකමක් ගෙවා තිබූ අතර මෙවර Mumbai Indians ඔහු මිල දී ගෙන තිබුණේ ඉන්දීය රුපියල් කෝටි 1.5ක මුදලකටයි.

Jaydev Unadkat ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ වැඩිම වතාවක් අලෙවි වූ ක්‍රීඩකයා බවට පත්වුනා. මෙවර Mumbai Indians විසින් ඔහුව ඉන්දීය රුපියල් කෝටි 1.3කට මිල දී ගත් අතර එය ඔහු ඉන්දීය ප්‍රිමියර් ලීග් වෙන්දේසියේ දී අලෙවි වූ 10 වැනි අවස්ථාව වනවා.

Unadkat ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කණ්ඩායම් හයක් නියෝජනය කළ ක්‍රීඩකයන් කිහිප දෙනාගෙන් කෙනෙකු බවට පත්වනවා.

මෙවර වෙන්දේසියේ දී එක් එක් කණ්ඩායම් විසින් මිල දී ගත් ක්‍රීඩකයන් සහ වියදම් කළ මුළු මුදල මෙසේයි.

කණ්ඩායම මිල දී ගත් සමස්ත ක්‍රීඩකයන් සංඛ්‍යාව වියදම් කළ මුළු මුදල වෙන්දේසියේ දී මිල දී ගත් වැඩිම වටිනාකම සහිත ක්‍රීඩකයා
Chennai Super Kings

 

25 (විදෙස් 8) ඉන්දීය රුපියල් කෝටි 87.05 Deepak Chahar ඉන්දීය රුපියල් කෝටි 14
Delhi Capitals

 

24 (විදෙස් 7) ඉන්දීය රුපියල් කෝටි 89.90 Shardul Thakur ඉන්දීය රුපියල් කෝටි 10.75
Royal Challengers Bangalore

 

22 (විදෙස් 8) ඉන්දීය රුපියල් කෝටි 88.45 Harshal Patel සහ වනිඳු හසරංග ඉන්දීය රුපියල් කෝටි 10.75
Kolkata Knight Riders

 

25 (විදෙස් 8) ඉන්දීය රුපියල් කෝටි 89.55 Shreyas Iyer ඉන්දීය රුපියල් කෝටි 12.25
Mumbai Indians

 

25 (විදෙස් 8) ඉන්දීය රුපියල් කෝටි 89.90 Ishan Kishan ඉන්දීය රුපියල් කෝටි 15.25
Sunrisers Hyderabad

 

23 (විදෙස් 8) ඉන්දීය රුපියල් කෝටි 89.90 Nicholas Pooran ඉන්දීය රුපියල් කෝටි 10.75
Rajasthan Royals

 

24 (විදෙස් 8) ඉන්දීය රුපියල් කෝටි 89.05 Prasidh Krishna ඉන්දීය රුපියල් කෝටි 10.00
Punjab Kings 25 (විදෙස් 7) ඉන්දීය රුපියල් කෝටි 86.55 Liam Livingstone ඉන්දීය රුපියල් කෝටි 11.50
Lucknow Super Giants

 

21 (විදෙස් 7) ඉන්දීය රුපියල් කෝටි 90 Avesh Khan ඉන්දීය රුපියල් කෝටි 10
Gujarat Titans

 

23 (විදෙස් 8) ඉන්දීය රුපියල් කෝටි 89.85 Lockie Ferguson ඉන්දීය රුපියල් කෝටි 10

මෙවර තරගාවලිය පිළිබඳව සහ වෙන්දේසියේ දී අලෙවි වූ ක්‍රීඩකයින් ගැන ඔබේ අදහස පහළින් Comment කරන්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<