දුෂ්මන්ත චමීර සහ මහීෂ් තීක්ෂණටත් IPL වරම්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2022 - ක්‍රීඩක වෙන්දේසිය

2667

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද (13) දෙවැනි සහ අවසන් දිනයටත් ඉන්දියාවේ Bengaluru දී පැවැත්වුනා.

එහි දී ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඉන්දීය රුපියල් කෝටි දෙකක මුදලකට මිල දී ගැනීමට Lucknow Super Giants සමත් වුනා.

එසේම නැගී එන දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ඉන්දීය රුපියල් ලක්ෂ 70ක මුදලකට මිල දී ගැනීමට Chennai Super Kings සමත් වුනා.

දුෂ්මන්ත චමීර පසුගිය වසරේ දී පැවැත්වුණු IPL ක්‍රීඩක වෙන්දේසියේ දී අලෙවි නොවුණු නමුත් තරගාවලිය අතරතුර දී Royal Challengers Bangaloreට ක්‍රීඩා කිරීමට ඔහුට වරම් ලැබුණා. කෙසේ නමුත් මහීෂ් තීක්ෂණ IPL තරගාවලියක් ක්‍රීඩා කිරීම සඳහා වරම් දිනා ගත් පළමු අවස්ථාව මෙයයි.

දින දෙකක් පුරාවට පැවැත්වුණු මේ ක්‍රීඩක වෙන්දේසියේ දී Mumbai Indians විසින් ඉන්දීය ක්‍රීඩක Ishan Kishan ඉන්දීය රුපියල් කෝටි 15.25ක මුදලකට මිල දී ගෙන තිබෙන අතර එය මේ දක්වා (පෙබරවාරි 13 දහවල් 2.30) වෙන්දේසි වූ ක්‍රීඩකයින් අතරින් ඉහළම වටිනාකමක් නිර්මාණය වුනු ලංසුව බවට පත්වුනා.

එසේම දැනට වෙන්දේසි වූ විදෙස් ක්‍රීඩකයින් අතරින් වැඩිම ලංසු මුදලකට වෙන්දේසි වුනු ක්‍රීඩකයා බවට පත්වුණු Liam Livingstone, ඉන්දීය රුපියල් කෝටි 11.50ක මුදලකට මිල දී ගැනීමට Punjab Kings සමත් වුනා.

එසේම ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ඉන්දීය රුපියල් කෝටි 10.75ක මුදලකට මිල දී ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් ඊයේ (12) සමත් වුනා.

මෙවර IPL ක්‍රීඩක වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් 600 දෙනෙකු ඉදිරිපත් වූ අතර, ඉන් ක්‍රීඩකයින් 228 දෙනෙකු ජාත්‍යන්තර වරම් දිනා ඇති ක්‍රීඩකයින්. ශ්‍රී ලංකාවෙන් වෙන්දේසිය සදහා ඉදිරිපත් වීමට නියමිතව ඇති ක්‍රීඩකයින් ගණන 23ක්.

වෙන්දේසියට ඉදිරිපත් වීමට නියමිතව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හා ඔවුන් ලියාපදිංචි වී ඇති මූලික වටිනාකම් පහත දැක්වෙනවා.

චරිත් අසලංක – ඉන්දීය රුපියල් ලක්ෂ 50

නිරෝෂන් දික්වැල්ල – ඉන්දීය රුපියල් ලක්ෂ 50

කුසල් මෙන්ඩිස් – ඉන්දීය රුපියල් ලක්ෂ 50

කුසල් පෙරේරා – ඉන්දීය රුපියල් ලක්ෂ 50

අකිල ධනංජය – ඉන්දීය රුපියල් ලක්ෂ 50

භානුක රාජපක්ෂ – ඉන්දීය රුපියල් ලක්ෂ 50

මතීෂ පතිරණ – ඉන්දීය රුපියල් ලක්ෂ 20

අවිශ්ක ප්‍රනාන්දු – ඉන්දීය රුපියල් ලක්ෂ 50

පැතුම් නිස්සංක – ඉන්දීය රුපියල් ලක්ෂ 50

චාමික කරුණාරත්න – ඉන්දීය රුපියල් ලක්ෂ 50

දසුන් ශානක – ඉන්දීය රුපියල් ලක්ෂ 50

කෙවින් කොත්තිගොඩ – ඉන්දීය රුපියල් ලක්ෂ 20

තිසර පෙරේරා – ඉන්දීය රුපියල් ලක්ෂ 50

ලහිරු කුමාර – ඉන්දීය රුපියල් ලක්ෂ 50

ඉසුරු උදාන – ඉන්දීය රුපියල් ලක්ෂ 50

නුවන් තුෂාර – ඉන්දීය රුපියල් ලක්ෂ 20

ධනුෂ්ක ගුණතිලක – ඉන්දීය රුපියල් ලක්ෂ 50

ධනංජය ලක්ෂාන් – ඉන්දීය රුපියල් ලක්ෂ 50

සීක්කුගේ ප්‍රසන්න – ඉන්දීය රුපියල් ලක්ෂ 50

දුනිත් වෙල්ලාලගේ – ඉන්දීය රුපියල් ලක්ෂ 20

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<