2020 IPL වෙන්දේසියට දින නියම වෙයි

83

13 වැනි වතාවටත් පැවැත්වෙන 2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ වසරේ දෙසැම්බර් 19 වැනිදා කොල්කටා හිදී පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් පරිපාලනය තීරණය කර ඇත.

පන්දු යැවීමේ සැකයෙන් කොදෙව් දඟයෙක් නිදහස්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ දඟපන්දු ‍යවන්නෙකු…..

කෙසේ නමුත් IPL ක්‍රීඩක වෙන්දේසිය සාමාන්‍යයෙන් පැවැත්වෙන්නේ බැංගලෝර් හිදී වුවත් මෙවර එය කොල්කටා හී පැවැත්වීමට තීරණය වී ඇත. IPL ක්‍රීඩක වෙන්දේසියේ අවසන් විශාලතම වෙන්දේසිය 2018 වසරේ සිදුවුණු නිසා ඒ ඒ කණ්ඩායම් විසින් රඳවා ගන්නා ක්‍රීඩකයින්ගේ නම් මේ වන විටත් ප්‍රකාශයට පත් කර අවසන්.

කෙසේ නමුත් නවක ඉන්දීය ක්‍රීඩකයින්ට අවස්ථාව ලබා දීම සහ 2021 වසරේ පැවැත්වෙන විශාල වෙන්දේසියට (IPL විශාල වෙන්දේසිය වසර 4-5කට වරක් පැවැත්වේ) පෙර පැවැත්වෙන මෙම අවසන් ක්‍රීඩක වෙන්දේසිය දෙස ලොව පුරා විසිරුණු ප්‍රේක්ෂකයින් හා ක්‍රිකට් විචාරකයින් අවධානයෙන් සිටියි. 

2020 IPL ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ඒ ඒ කණ්ඩායම්වලට ඉතිරිව තිබෙන මුදල් මෙසේයි,

චෙන්නායි සුපර් කිංග්ස් – කෝටි 3.2, දිල්ලි කැපිටල්ස් – කෝටි 7.7, කිංග්ස් ඉලෙවන් පංජාබ් – කෝටි 3.7, කොල්කටා නයිට් රයිඩර්ස් – කෝටි 6.05, මුම්බායි ඉන්දියන්ස් – කෝටි 3.55, රාජස්තාන් රෝයල්ස්- කෝටි 7.15, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් – කෝටි 1.80, සන්රයිසස් හයිද්‍රාබාද් – කෝටි 5.30.

(සැ:යු: ඉහත සියලුම මුදල් ඉන්දීය රුපියල්වලින් දක්වා ඇති බව සලකන්න)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<