Bundesliga තරග දෙකක් අවසන් මිනිත්තුවල දී තීරණය වෙයි

63

එංගලන්ත Premier League තරගාවලියේ සහ ස්පාඤ්ඤ La Liga තරගාවලියේ 18 වැනි සතියේ හා ජර්මානු Bundesliga තරගාවලියේ 17 වැනි සතියේ තවත් වැදගත් තරග කිහිපයක් ඊයේ (21) දිනයේ දී නිමාවට පත්විය.

Messiගේ ගෝල තුන ස්පාඤ්ඤය හොල්ලයි

සිය සයවැනි Ballon D’Or සම්මානය උත්කර්ෂවත් ලෙස සමකරමින් සුපිරි ක්‍රීඩක Lionel Messi…

Manchester City හමුවේ Leicester City අසාර්ථකයි

එංගලන්ත Premier League තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසු වූ ප්‍රබල Leicester City සහ තෙවැනි ස්ථානයේ පසු වූ ප්‍රබල Manchester City කණ්ඩායම් අතර ඊයේ පැවති තරගයෙන් ගෝල 1-3ක පහසු ජයක් වාර්තා කරගන්නට Manchester City ක්‍රීඩකයින් සමත් විය. 

තරගයට සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් තරගයේ පළමු ගෝලය වාර්තා කර ගැනීමට සමත් වූයේ Leicester City ක්‍රීඩකයින් විසිනි. එහි දී Harvey Barnes ලබා දුන් පන්දුවක් ඉතා දක්‍ෂ ලෙස ගෝල රාමුව තුළට යොමු කරමින් එම ගෝලයට හිමිකම් කියනු ලැබුවේ Jamie Vardy විසිනි.කෙසේ නමුත් මිනිත්තු කිහිපයකට අනතුරුව ඊට පිළිතුරු ලබා දුන් Riyad Mahrez විසින් Benjamin Mendy ලබා දුන් පන්දුවක් ගෝල රාමුව තුළට යොමුකරමින් තරගයේ Manchester City පළමු ගෝලයට හිමිකම් කියමින් තරගයේ ලකුණු තත්වය සම කරන්නට සමත් විය. 

පසුව Raheem Sterling හමුවේ Ricardo Pereira සිදු කළ ‘foul’ කිරීමක් වෙනුවෙන් Manchester City හට දඬුවම් පහර අවස්ථාවක් පිරිනමන්නට විනිසුරුවරයා තීරණය කළ අතර එය ලබා ගත් Ilkay Gundogan පහසුවෙන් එය සාර්ථක කරගනිමින් සිය කණ්ඩායම තරගයේ පෙරමුණට රැගෙන එන්නට සමත් විය. 

අනතුරුව දෙවන අර්ධයේ දී ක්‍රියාත්මක වූ Kevin De Bruyne ඉතා දක්‍ෂ ලෙස පන්දුව ඉදිරියට රැගෙන යමින් එය Gabriel Jesus හට බාර කළ අතර ඔහු ඉතා පහසුවෙන් එය ගෝල රාමුව තුළට යොමුකරමින් තරගයේ Manchester City තෙවන ගෝලයට හිමිකම් කියන්නට සමත් විය. 

තරගයේ ඉතිරි මිනිත්තු කිහිපය තුළ ගෝල වාර්තා කරගන්නට කණ්ඩායම් දෙකම අසමත් වූ අතර ඒ අනුව මෙම තරගයෙන් ගෝල 1-3ක ජයග්‍රහණයක් හිමිකර ගන්නට Manchester City ක්‍රීඩකයින් සමත් විය.

සම්පූර්ණ කාලය: Leicester City 1 – 3 Manchester City 

ගෝල ලාභීන් 

  • Leicester City – Jamie Vardy 22’ 
  • Manchester City – Riyad Mahrez 30’, Ilkay Gundogan 43’ (P), Gabriel Jesus 69’ 

Arsenal – Everton සටන ගෝල විරහිතයි

Premier League තරගාවලිය යටතේ ප්‍රබල Arsenal සහ Everton කණ්ඩායම් අතර ඊයේ පැවති තරගය ගෝල 0-0ක් ලෙස ජය-පරාජයෙන් තොරව අවසන් විය. 

Arsenal ප්‍රධාන පුහුණුකාර ධූරය සඳහා Mikel Artetaත් Everton ප්‍රධාන පුහුණුකාර ධූරය සඳහා Carlo Ancelotti ත් ඉදිරි දිනවල දී වැඩ බාරගන්නා බවට අදාළ පාපන්දු සමාජ ද්විත්වයෙන්ම නිල ප්‍රකාශ නිකුත් කර තිබීමත් සමඟ මෙම තරගය Arsenal සහ Everton කණ්ඩායම් පිළිවෙළින් Freddie-Ljungberg සහ Duncan Fergusonගේ ප්‍රධාන පුහුණුකාරීත්වය යටතේ ක්‍රීඩා කරනු ලබන අවසන් තරගය විය. 

කෙසේ නමුත් මෙම තරගය පුරාවට කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා කර ගැනීමට අවස්ථාවන් කිහිපයක්ම හිමිවුවත් ඔවුන් ඒවා සාර්ථකව ගෝල බවට පරිවර්තනය කරගන්නට සමත් වූයේ නැත. විශේෂයෙන් මෙහි දී Arsenal ක්‍රීඩකයින් හට ඉතා පහසු අවස්ථාවන් ද්විත්වයක් හිමිවුවත් එහි දී ඔවුන් ඒවා සාර්ථකව අවසන් කරගැනීමට අසමත් වීමත් සමඟ එම අවස්ථාවන් ව්‍යර්ථව යන්නට විය. 

ඒ අනුව තරගයේ නියමිත කාලය අවසානයේ කිසිඳු කණ්ඩායමක් ගෝලයක් වාර්තා කරගන්නට අසමත් වීමත් සමඟ තරගය ජය-පරාජයෙන් තොරව අවසන් වන්නට විය.  

සම්පූර්ණ කාලය: Arsenal 0 – 0 Everton

Spurs දැවැන්ත ජයකට යද්දී ශූරයින්ට මොකද වුනේ?

ජාත්‍යන්තර පාපන්දු පිටිය මේ සතියේ දී ඉතාම උණුසුම් වුනේ නොසිතූ තරග ප්‍රතිඵල රැසක් සමඟින්. යොවුන්…

FC Barcelonaට පහසු ජයක්

ස්පාඤ්ඤ La Liga තරගාවලිය යටතේ ප්‍රබල FC Barcelona සහ Deportivo Alaves කණ්ඩායම් අතර ඊයේ පැවති තරගයෙන් ගෝල 4-1ක පහසු ජයග්‍රහණයක් හිමිකරගන්නට Barcelona ක්‍රීඩකයින් සමත් විය. 

තරගයට ප්‍රබල ආරම්භයක් ලබා ගත් Barcelona ක්‍රීඩකයින් පළමු අර්ධය තුළ ගෝල දෙකක් වාර්තා කර ගනිමින් තරගයේ ඉදිරියට එන්නට සමත් විය. එම ගෝල දෙක සඳහා ම පන්දු පිරිනැමීම Luis Suarez විසින් සිදු කළ අතර එහි දී පළමු ගෝලය Antoine Griezmann විසිනුත් දෙවන ගෝලය Arturo Vidal විසිනුත් වාර්තා කර ගනු ලැබීය. 

කෙසේ නමුත් දෙවන අර්ධයේ දී ක්‍රියාත්මක වූ Pere Pons විසින් Ruben Duarte ලබා දුන් පන්දුවකට හිසින් පහරක් එල්ල කරමින් එය ගෝල රාමුව තුළට යොමු කරමින් තරගයේ Alaves පළමු ගෝලයට හිමිකම් කියමින් සිය කණ්ඩායම අවතීර්ණ කරන්නට සමත් විය. 

නමුත් අනතුරුව ක්‍රියාත්මක වූ Barcelona ක්‍රීඩකයින් නැවතත් තරගයට අවතීර්ණ වෙමින් දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරමින් තවත් ගෝල ද්විත්වයක් සිය ලකුණු පුවරුවට එක්කර ගන්නට සමත් විය. ඒ අනුව ඔවුන් තරගයේ වාර්තා කරගත් තුන්වැනි ගෝලය Lionel Messi ගෝල රාමු කලාපය පිටත සිට එල්ල කළ විශිෂ්ට පහරකින් වාර්තා වූ අතර සිව්වන ගෝලය ඔවුන්ට ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කරගත් Suarez විසින් වාර්තා කරගනු ලැබීය. 

ඒ අනුව මෙම තරගයෙන් ගෝල 4-1ක ඉතා පහසු ජයග්‍රහණයක් තහවුරු කරගන්නට ප්‍රබල Barcelona කණ්ඩායම සමත් විය. 

සම්පූර්ණ කාලය: FC Barcelona 4 – 0 Deportivo Alaves

ගෝල ලාභීන් 

  • FC Barcelona – Antoine Griezmann 14’, Arturo Vidal 45’, Lionel Messi 69’, Luis Suarez 75’ (P)
  • Deportivo Alaves – Pere Pons 56’ 

අවසන් මොහොතේ ප්‍රබල ක්‍රීඩා රටාවෙන් Bayern Munichට ජය

ජර්මනියේ Bundesliga තරගාවලිය යටතේ ඊයේ ප්‍රබල Bayern Munich සහ VfL Wolfsburg කණ්ඩායම් අතර පැවති තරගයෙන් ගෝල 2-0ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කරගන්නට Bayern Munich ක්‍රීඩකයෝ සමත් වූහ. 

තරගයේ පළමු අර්ධය පුරාවට ම කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා කරගැනීමට අවස්ථාවන් කිහිපයක්ම ලැබුනත් ඒවා ගෝල බවට පරිවර්තනය කරගන්නට ඔවුන් සමත් වූයේ නැත. 

පසුව දෙවන අර්ධයේ අවසාන මිනිත්තු කිහිපය දක්වාම එය ඒ අයුරින් ම ක්‍රියාත්මක වූ නමුත් තරගය අවසන් වන්නට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබිය දී ක්‍රියාත්මක වූ ආදේශක ක්‍රීඩක Joshua Zirkzee විසින් Thomas Muller ලබා දුන් පන්දුවක් පහසුවෙන් ගෝල රාමුව තුළට යොමුකරමින් Bayern Munich ඉදිරියට රැගෙන එන්නට සමත් විය. 

අනතුරුව Robert Lewandowski ලබා දුන් දීර්ඝ පන්දුවක් ලබාගත් Serge Gnabry විසින් දැඩි අභියෝගයකින් තොරව පන්දුව ගෝල රාමුව තුළට යොමුකරමින් සිය කණ්ඩායමේ තරගයේ දෙවන ගෝලය ද වාර්තා කර ගනු ලැබුවේ මෙම තරගයෙන් Bayern Munich හට ගෝල 2-0ක තියුණු ජයග්‍රහණයක් හිමිකර දෙමිනි.

සම්පූර්ණ කාලය: Bayern Munich 2 – 0 VfL Wolfsburg

ගෝල ලාභීන් 

  • Bayern Munich – Joshua Zirkzee 85’, Serge Gnabry 89’ 

ශ්‍රී ලංකාවේ ලෝකඩ සිහිනය භූතානය හමුවේ බිඳ වැටේ

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සහභාගි වූ සිව්වැනි තරගය අද (07)…

Hoffenheim හමුවේ Dortmund බිඳ වැටෙයි

Bundesliga තරගාවලිය යටතේ ප්‍රබල Borussia Dortmund සහ Hoffenheim කණ්ඩායම් අතර ඊයේ පැවති තරගයෙන් ගෝල 1-2ක උණුසුම් ජයග්‍රහණයක් වාර්තා කරගන්නට Hoffenheim ක්‍රීඩකයින් සමත් විය.

තරගයට සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් තරගයේ පළමු ගෝලය වාර්තා කරගනු ලැබුවේ Dortmund ක්‍රීඩකයින් විසිනි. Achraf Hakimi ලබාදුන් පන්දුවක් ගෝල රාමුව තුළට යොමුකරමින් එම ගෝලයට හිමිකම් කියනු ලැබුවේ Mario Gotze විසිනි. 

අනතුරුව තරගයේ අවසන් මිනිත්තු කිහිපය දක්වා ම කණ්ඩායම් දෙකට ම ගෝල වාර්තා කරගන්නට අවස්ථාවන් කිහිපයක් ම ලැබුණත් ඒවා සාර්ථකව අවසන් කරගන්නට ඔවුන් සමත් වූයේ නැත. 

කෙසේ නමුත් තරගයේ 79 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ ආදේශක ක්‍රීඩක Sargis Adamyan විසින් Hoffenheim වෙනුවෙන් තරගයේ පළමු ගෝලය වාර්තා කරගනිමින් කණ්ඩායම් දෙක අතර ලකුණු තත්වය සම කරන්නට සමත් විය. 

පසුව නැවතත් ක්‍රියාත්මක වූ Adamyan ලබා දුන් පන්දුවක් සාර්ථකව ගෝල රාමුව තුළට යොමුකළ Andrej Kramaric විසින් Hoffenheim දෙවන ගෝලයට හිමිකම් කියමින් තරගය අවසන් වන්නට ඉතා ආසන්නයේ දී සිය කණ්ඩායම තරගයේ පෙරමුණට රැගෙන එන්නට සමත් විය. 

ඉතිරි මිනිත්තු කිහිපය තුළ කිසිඳු ගෝලයක් වාර්තා නොවීමත් සමඟ මෙම තරගයෙන් ගෝල 1-2ක තියුණු ජයග්‍රහණයක් හිමිකර ගන්නට Hoffenheim ක්‍රීඩකයින් සමත් විය. 

සම්පූර්ණ කාලය: Borussia Dortmund 1 – 2 Hoffenheim

ගෝල ලාභීන් 

  • Borussia Dortmund – Mario Gotze 17’
  • Hoffenheim – Sargis Adamyan 79’, Andrej Kramaric 87’

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<