Messiගේ ගෝල තුන ස්පාඤ්ඤය හොල්ලයි

109

සිය සයවැනි Ballon D’Or සම්මානය උත්කර්ෂවත් ලෙස සමකරමින් සුපිරි ක්‍රීඩක Lionel Messi වාර්තා කළ ගෝල ත්‍රිත්වයෙන් Barcelona ගෝල 5-2ක් ලෙස Real Mallorca පරාජය කළා. 

Antoine Griezmann තරගයේ පළමු ගෝලය වාර්තා කළ අතර පිටියේ දඬුවම් පහර චතුරශ්‍රයට එපිට සිටිමින් Messi එල්ල කළ කවාකාර ප්‍රහාර දෙකකින් දෙවන හා තෙවැනි Barcelona ගෝල වාර්තා වුනා. Luis Suarez ප්‍රතිවාදීන් නොමඟ යවමින් දක්ෂ ගෝලයක් වාර්තා කළේ Barca ලකුණු පුවරුව තවත් ඉදිරියට රැගෙන යමින්.  

කෙසේ වෙතත් Ante Budimir, Mallorca වෙනුවෙන් පළමු අර්ධයේ වාර්තා කළ ගෝලයත් දෙවන අර්ධයේ ඔහු එල්ල කළ ගෝලයත් ඔවුන්ගේ පරාජය නැවැත්වීමට ප්‍රමාණවත් වුනේ නැහැ. Messi තරගයේ අවසන් භාගයේ ඔහුගේ ගෝල ත්‍රිත්වය සම්පූර්ණ කර ගත්තේ තමන් ලොව ප්‍රමුඛයා බව නැවතත් ඔප්පු කරමින්.

අවසන් ලකුණු තත්වය: Barcelona 05 – 02 Real Mallorca

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Barcelona – Antoine Griezmann (7′) Lionel Messi (17′, 41′, 83′) Luis Suárez (43′)
  • Real Mallorca – Ante Budimir (35′, 64′)

Bayern, Chelsea හා Manchester Cityට අනපේක්‍ෂිත ප්‍රතිඵල

එංගලන්ත Premier League තරගාවලියේ 14 වැනි සතියේ, ස්පාඤ්ඤ La Liga තරගාවලියේ 15 වැනි සතියේ හා ජර්මානු…..

Real Madridට පහසු ජයක්

Madrid ක්‍රීඩකයින් වන Raphael Varane හා Karim Benzemaගේ ගෝල ද්විත්වයෙන් Real Madrid ගෝල 2-0ක් ලෙස Espanyol පරාජය කළා.   

37 වැනි මිනිත්තුවේ දී Varane තරගයේ පළමු ගෝලය වාර්තා කළ අතර Benzema ඔහුට අනගි සහයක් දෙමින් ප්‍රතිවාදී ආරක්ෂක ක්‍රීඩකයින් නොමඟ යැව්වා.

Benzemaට ඉතා අලංකාර අවස්ථා දෙකක් අපතේ ගියත් 79 වැනි මිනිත්තුවේ දී ඔහු ගෝලයක් තමන්ගේ නමට ලියා ගත්තා.

අවසන් ලකුණු තත්වය: Real Madrid 02 – 00 Espanyol

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Real Madrid – Raphaël Varane (37′), Karim Benzema (79′)

Juventusට පළමු පරාජය

Juventus හඹා ගිය Lazio ගෝල 3-1ක් ලෙස Juventus කණ්ඩායමට මෙවර තරග වාරයේ සිය පළමු පරාජය අත්කර දුන්නා. Juve ක්‍රීඩක Juan Cuadradoට රතු කාඩ්පතක් ලැබීමෙන් අනතුරුව අවසන් මිනිත්තු 20 දී ගෝල දෙකක් වාර්තා කළ Lazio තරගයේ ජය තමන් සතු කර ගත්තා.

25 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ සුපිරි ක්‍රීඩක Cristiano Ronaldo තරගයේ පළමු ගෝලය වාර්තා කළ අතර Luiz Felipe තරගයේ ගෝල සම කළේ පළමු අර්ධය අවසන් වීමට පෙරයි.  

69 වැනි මිනිත්තුවේ දී තරගය සම්පූර්ණයෙන්ම වෙනස් වුනා. VAR විමසුමකින් පසුව විනිසුරු Cuadrado හට රතු කාඩ්පතක් ලබා දීමට තීරණය කළේ ඔහු Manuel Lazzari හා ගැටීම නිසයි. Lazzari ගෝලයෙන් මීටර 30ක පමණ දුරක් ඈතින් සිටියත් විනිසුරු තීරණය කළේ Cuadrado ගෝලයක් වාර්තා කිරීමට තිබුණු අවස්ථාවක් අවහිර කරන බවයි. ඒ තීරණයට Juve ක්‍රීඩකයින්ගේ දැඩි විරෝධය එල්ල වුනා.  

මිනිත්තු පහකට පසුව Sergej Milinkovic-Savic, Lazio ඉදිරියට ගෙන ආ අතර Ciro Immobile දඬුවම් පහරක් බේරද්දී තරගය අවසන් වීමට පෙර Felipe Caicedo Lazio තෙවන ගොලයත් වාර්තා කළා.   

අවසන් ලකුණු තත්වය: Juventus 01 – 03 Lazio 

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ 

  • Lazio – Luiz Felipe (45’+1′) Sergej Milinkovic-Savic (74′) Felipe Caicedo (90’+5′
  • Juventus – Cristiano Ronaldo (25′)

Neymarගේ සුපිරි දක්ෂතා ජයග්‍රහණයට පාර කපයි

Montpellier ගෝල 3-1ක් ලෙස පරාජය කරන්නට Paris Saint-Germain කණ්ඩායම සමත් වුනා. ඒ ඔවුන්ගේ ප්‍රධානතම ඉදිරිපෙළ ක්‍රීඩකයින්ගේ පිහිටෙන්. 

Neymar, Kylian Mbappe හා Mauro Icardi මිනිත්තු අටක් තුළ ගෝල වාර්තා කළේ 72 වැනි මිනිත්තුවේ දී Montpellier ක්‍රීඩක Pedro රතු කාඩ්පතක් ලබා පිටියෙන් ඉවත් වීමත් සමඟයි. තරගයේ පළමු ගෝලය වාර්තා කළේ Montpellier වීම විශේෂත්වයක්. ඒ එම ගෝලය Leandro Paredes ගේ Own Goal අවස්ථාවක් වීම නිසයි. 

අවසන් ලකුණු තත්වය: Montpellier 01 – 03 Paris Saint-Germain

  • Paris Saint-Germain – Neymar (74′), Kylian Mbappé (76′), Mauro Icardi (81′)
  • Montpellier – Leandro Paredes (41′ OG)

ජර්මානු ශූරයින්ට කකුල් මාට්ටුවක්

Borussia Monchengladbach, Bundesliga ලකුණු සටහනේ පළමු ස්ථානය ආරක්ෂා කර ගනිමින් ගෝල 2-1ක් ලෙස ජර්මානු ශූර ප්‍රබල Bayern Munich කණ්ඩායම පරාජය කරන්නට සමත් වුනා. ඒ අවසන් මොහොතේ වාර්තා වූ දඬුවම් පහරකින්.

ප්‍රබල කණ්ඩායම් රැසකට ජයග්‍රහණ විරහිතයි

එංගලන්ත Premier League තරගාවලියේ හා ඉතාලි Serie A තරගාවලියේ 14 වැනි සතියේ සහ ස්පාඤ්ඤ La Liga……

Ivan Perisic Bayern කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළේ 49 වැනි මිනිත්තුවේ දීයි. කෙසේ වෙතත් Ramy Bensebaini තරගයේ ගෝල සම කරන්නට සමත් වූයේ දක්ෂ ලෙස පන්දුව හිසෙන් දැල වෙත යොමු කරමින්.

තරගය අවසානයට මිනිත්තු කිහිපයක් තිබිය දී Javi Martinez හට රතු කාඩ්පතක් ලැබුණේ Marcus Thuram හට අනවශ්‍ය බාධා කිරීමක් සිදු කිරීම හේතුවෙන්. එම අවස්ථාවේ ලැබුණු දඬුවම් පහර සාර්ථක කර ගත් Bensebaini තරගයට නොසිතූ අවසානයක් ගෙන ආවා.  

අවසන් ලකුණු තත්වය: Borussia Monchengladbach 02 – 01 Bayern Munich

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Borussia Monchengladbach – Ramy Bensebaini (60′, 90’+2′ PEN) 
  • Bayern Munich – Ivan Perisic (49′)

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<