Chelsea හා Liverpool තියුණු ජයග්‍රහණ වාර්තා කරයි

72

2019 වසරේ අවසන් ප්‍රිමියර් ලීග් පාපන්දු තරග කිහිපය මේ දිනවල පැවැත්වෙනවා.

Chelsea අවසන් මොහොතේ සුපිරි ජයක් වාර්තා කරයි

මිනිත්තු හතරක් තුළ වාර්තා වූ ගෝල ද්විත්වයකින් Chelsea කණ්ඩායම ගෝල 2-1ක් ලෙස Arsenal පරාජය කරන්නට සමත් වුනා. 

Arsenal නායක Pierre-Emerick Aubameyang 13 වැනි මිනිත්තුවේ දී Mesut Ozilගේ Corner අවස්ථාවකින් පැමිණි පන්දුව ගෝල රාමුව වෙත එල්ල කළේ තරගයේ පෙරමුණ සිය කණ්ඩායමට ගෙනෙමින්.

Harry Kane අවසන් මොහොතේ ජයග්‍රහණය උදුරා ගනියි

Harry Kane අවසන් මිනිත්තුවේ දී වාර්තා කළ …….

83 වැනි මිනිත්තුවේ දී ගෝල රකින ක්‍රීඩක Bernd Lenoගේ අතපසුවීමක් උපයෝගී කර ගෙන Jorginho තරගයේ ගෝල සම කරන්නට සමත් වුනා. කෙසේ වෙතත් තවත් මිනිත්තු තුනක් ගත වෙද්දී ක්‍රියාත්මක වුන Willian පන්දුව දඬුවම් පහර චතුරශ්‍රය තුළට ගෙන ආ අතර Tammy Abraham පන්දුව ගෝල රකින්නා පසු කරමින් දැල වෙත යොමු කළා.   

අවසන් ලකුණු තත්වය: Chelsea 02 – 01 Arsenal

ගෝල රැස් කළ ක්‍රීඩකයෝ

  • Chelsea – Jorginho 83′, Tammy Abraham 87′ 
  • Arsenal – Pierre-Emerick Aubameyang 13′

 Liverpoolට තවත් තියුණු ජයක්

Sadio Maneගේ පළමු අර්ධයේ සුපිරි ගෝලය නිසා Liverpool ගෝල 1-0ක් ලෙස Wolverhampton Wanderers පරාජය කරන්නට සමත් වුනා. ඒ අනුව ඔවුන් ප්‍රසාද ලකුණු 13ක පරතරයකින් පළමු ස්ථානයේ රැඳී සිටීම විශේෂත්වයක්.

Liverpool සාර්ථක ලෙස තරගය ආරම්භ කළ අතර Mohamed Salahට ලැබුණු අවස්ථාවක් ඔහු අපතේ යැව්වේ අවාසනාවන්ත ලෙසයි.  

හිටපු ප්‍රිමියර් ලීග්‍ ශූරයින්ට වෘක ප්‍රහාරයක්

සුපිරි තරගයක් අවසානයේ Wolverhampton……

42 වැනි මිනිත්තුවේ දී Mane තරගයේ පෙරමුණ Liverpool වෙත ගෙන ආ අතර VAR විමසුමකින් පසුව විනිසුරු එම ගෝලය ලබා දීමට තීරණය කිරීම විශේෂත්වයක්.  

Pedro Neto, Wolves වෙනුවෙන් තරගයේ ගෝල සම කළා යැයි සිතුවත් ඔහුගේ උත්සාහය VAR විමසුමකින් පසුව විනිසුරු නිෂ්ප්‍රභා කර දැමුවා. 

දෙවන අර්ධයේ දී Diogo Jotaගේ ප්‍රහාරයක් Alisson විසින් සාර්ථක ලෙස ආරක්ෂා කර ගත් අතර Wolves කණ්ඩායමට ගෝල සම කරන්නට නම් තවත් අවස්ථාවක් හිමි වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය: Liverpool 01 – 00 Wolverhampton Wanderers

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ    

  • Liverpool – Sadio Mané 42′

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<