සත් සාමාජික රග්බි තරගාවලියක් මස්කෙලියේ දී

184

අන්තර් වැවිලි කර්මාන්ත සත් සාමාජික රග්බි ශූරතාවලිය (Inter Plantation 7s) මේ මස 30 වැනිදා දික්ඔය මස්කෙලිය ක්‍රීඩා සංකීර්ණයේ ආරම්භ වීමට නියමිතයි.

හතරවැනි සතියේ B කාණ්ඩයේ වුනේ මොකද්ද?

2019 අන්තර් පාසල් සිංගර් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයෙන් තරග වදින පාසල් අතර පසුගිය සතියේ…

තරගාවලිය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගිය දා පැවති අතර එහි දී අදහස් දක්වමින්, මෙම තරගාවලියට අවශ්‍ය සියලු කටයුතු සූදානම් බවත් මෙම කර්තව්‍යය මේ වසරේ දී ඉතා විශේෂ ස්ථානයක් ගන්නා බවත් දික්ඔය මස්කෙලිය ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ ලේකම් මිහිරාජ් සමරවීර මහතා පවසා සිටියේය.

වැවිලි කර්මාන්තයේ යෙදී සිටින ආයතන 13ක් මෙම තරගාවලියට සහභාගී වන අතර මෙවර මෙම තරගය “සී. අයි. සී. අන්තර් වැවිලි කර්මාන්ත රග්බි යාරා කුසලානය – 2019” ලෙස නම් කර ඇත.

සියලුම තරග අන්තර්ජාතික රග්බි සම්මේලනයේ (IRB) නීති රීතිවලට යටත්ව ක්‍රියාත්මක කෙරෙන අතර ඒ අනුව සත් සාමාජික රග්බි රටාවේ නීති රීති මෙහි දී පිළිපදිනු ඇත.

රග්’B’ කාණ්ඩයේ උඩට එන්න ඕන මෙන්න මෙහෙමයි

“වෙහෙසකර සති 4කට පස්සේ B කාණ්ඩයෙන් Plate Championship එකට (පලඟ ශූරතාවයට) තරග…

පසුගිය වසරේ ශූරයින් වූ මස්කෙලිය Plantations සමාගම මෙවර A කාණ්ඩයේ පළවෙනි කණ්ඩායම වන අතර D කාණ්ඩයේ පළවෙනි කණ්ඩායම ලෙස හැටන් Plantation සමාගම ක්‍රීඩා කරයි. අනෙකුත් කණ්ඩායම් කුසපත් ඇදීමක් මගින් කාණ්ඩවලට බෙදී යනු ඇත.

A කාණ්ඩය, C කාණ්ඩයට එරෙහිව ද B කාණ්ඩය, D කාණ්ඩයට එරෙහිව ද මෙම තරගාවලිය තුල දී ක්‍රීඩා කරනු ඇත. තවත් විස්තර සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<