ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරයට අදාළ ව ක්‍රියාත්මක වූ අවසන් එක්දින තරගයෙන් ලකුණු 140ක දැවැන්ත ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව අද (11) සමත් වුනා.
තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායකයා විසින් මෙම තරගයේ පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම ආරම්භ කිරීම සඳහා පැතුම් නිස්සංක සහ අවිශ්ක ප්‍රනාන්දු පිටියට පැමිණියා. ඔවුන් දෙදෙනා විසින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 66ක් එක් කිරීමට සමත් වූ අතර, පැතුම් ආබාධ තත්වයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වීම නිසා එම සබඳතාව අවාසනාවන්ත ලෙස නිමා වුනා. එමෙන්ම ඉන් මොහොතකට පසුව අවිශ්ක ද ලකුණු 17ක් ලබමින් පිටියෙන් ඉවතට ගියා.
ඉන් පසුව කුසල් මෙන්ඩිස් සහ කමිඳු මෙන්ඩිස් දෙවැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක් වෙමින් ලකුණු 87ක් එක් කිරීමට සමත් වුනා. මෙහි දී කුසල් විසින් පන්දු 48කින් ලකුණු 54ක් ලබා ගැනීමට සමත් වන අතරේ, කමිඳු පන්දු 71කින් ලකුණු 46ක් ලබා ගැනීමට සමත් වුනා.
ඔවුන් දෙදෙනා පිටියෙන් ඉවත් වීමෙන් පසුව පිටියෙන් ඉවත් වී ගිය පැතුම් නැවත පිතිකරණයට පිවිසි අතර, ඔහු ඊට පෙර පිටියෙන් ඉවත් වන අවස්ථාව වන විට පන්දු 31ක් පමණක් වැය කරමින් ඉතා වේගවත් අර්ධ ශතකයක් ද රැස් කර ගැනීමට සමත් වී සිටියා.
කෙසේ නමුත් නැවත පැමිණීමෙන් පසුව ඔහුට එතරම් වේලා කඩුල්ලේ රැඳී සිටීමට නොහැකි වූ අතර, පැතුම් අද දිනයේ දී පන්දු 42කින් ලකුණු 66ක් ලබා ගැනීමට සමත් වුනේ හතරේ පහර 6ක් සහ හයේ පහර 5ක් ද සමඟයි.
මීට අමතරව ශ්‍රී ලංකා පසු පෙළ සමඟ එක් වී ලකුණු පුවරුවේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමේ වගකීම අකුරට ඉටු කළ ජනිත් ලියනගේ පන්දු 52ක් තුළ ලකුණු 53ක් ලබා ගැනීමට සමත් වුනා.
මේ අනුව ශ්‍රී ලංකා පිතිකරුවන් විසින් නියමිත පන්දුවාර 50 අවසන් වන විට කඩුලු 9ක් දැවී ලකුණු 290ක් ලබා ගැනීමට සමත් වූ අතර, නවසීලන්තය වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ Matt Henry ලකුණු 55කට කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් වුනා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
- චරිත් සහ දුනිත් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කරයි
මේ අනුව ශ්‍රී ලංකාවෙන් හිමි වූ ලකුණු 291ක දැවැන්ත ඉලක්කය හඹා යාමට පිටියට පිවිසුණු නවසීලන්ත කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරුවන් ඉතා ඉක්මනින් නැවතත් ක්‍රීඩාගාරයට හරවා යැවීමට අසිත ප්‍රනාන්දු ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් සමත් වුනා.
මෙහි දී නවසීලන්ත ඉනිමේ මුල් කඩුලු 5ම ලකුණු 21ක් තුළ බිඳ දැමීමට ඔවුන් සමත් වූ අතර, Mark Chapman නොවන්නට නවසීලන්තය තරගයෙන් මීටත් වඩා දරුණු පරාජයකට මුහුණ දීමට ඉඩ තිබුණා.
Chapman විසින් නවසීලන්ත ඉනිම වෙනුවෙන් ලකුණු 81ක් ලබා ගත් නමුත්, අනෙක් එකඳු පිතිකරුවකු හෝ ලකුණු 20 සීමාව ඉක්මවා යාමට වත් සමත් වුනේ නැහැ.
ඒ අනුව නවසීලන්ත ඉනිම පන්දුවාර 29 පන්දු 4ක් තුළ ලකුණු 150කට සීමා කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණු අතර, තරගයෙන් ලකුණු 140ක ජයක් ද උරුම කරගත්තා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් අසිත ප්‍රනාන්දු, මහීෂ් තීක්ෂණ සහ එශාන් මාලිංග කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් වූ අතර, තරගයේ වීරයා සම්මානය අසිත විසින් දිනාගත්තා.
කෙසේ වෙතත් මෙම එක්දින තරගාවලියේ ජය තරග 2-1ක් ලෙස නවසීලන්තයට උරුම වුනා.
තරගාවලියේ වීරයා සම්මානය Matt Henry හට හිමි වුනා.
දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Pathum Nissanka | c Nathan Smith b Mitchell Santner | 66 | 42 | 6 | 5 | 157.14 |
Avishka Fernando | c Mark Chapman b Nathan Smith | 17 | 33 | 2 | 0 | 51.52 |
Kusal Mendis | c Michael Bracewell b Mitchell Santner | 54 | 48 | 5 | 2 | 112.50 |
Kamindu Mendis | c Tom Latham b Matt Henry | 46 | 71 | 2 | 3 | 64.79 |
Charith Asalanka | c Matt Henry b Michael Bracewell | 0 | 5 | 0 | 0 | 0.00 |
Janith Liyanage | c Glenn Phillips b Matt Henry | 53 | 52 | 3 | 2 | 101.92 |
Chamindu Wickramasinghe | c Nathan Smith b Matt Henry | 19 | 31 | 0 | 1 | 61.29 |
Wanindu Hasaranga | b Matt Henry | 15 | 9 | 0 | 2 | 166.67 |
Maheesh Theekshana | not out | 11 | 8 | 2 | 0 | 137.50 |
Eshan Malinga | not out | 1 | 1 | 0 | 0 | 100.00 |
Extras | 8 (b 0 , lb 4 , nb 0, w 4, pen 0) |
Total | 290/8 (50 Overs, RR: 5.8) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Matt Henry | 10 | 0 | 55 | 4 | 5.50 | |
William O’Rourke | 10 | 0 | 57 | 0 | 5.70 | |
Nathan Smith | 8 | 0 | 62 | 1 | 7.75 | |
Mitchell Santner | 10 | 0 | 55 | 2 | 5.50 | |
Michael Bracewell | 9 | 0 | 45 | 1 | 5.00 | |
Glenn Phillips | 3 | 0 | 12 | 0 | 4.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Will Young | c Asitha Fernando b Maheesh Theekshana | 0 | 8 | 0 | 0 | 0.00 |
Rachin Ravindra | b Asitha Fernando | 1 | 5 | 0 | 0 | 20.00 |
Mark Chapman | b Maheesh Theekshana | 81 | 81 | 10 | 1 | 100.00 |
Daryl Mitchell | c Asitha Fernando b Eshan Malinga | 2 | 5 | 0 | 0 | 40.00 |
Tom Latham | c Wanindu Hasaranga b Asitha Fernando | 0 | 4 | 0 | 0 | 0.00 |
Glenn Phillips | c Kamindu Mendis b Asitha Fernando | 0 | 3 | 0 | 0 | 0.00 |
Michael Bracewell | c Kamindu Mendis b Janith Liyanage | 13 | 20 | 1 | 1 | 65.00 |
Mitchell Santner | c Kamindu Mendis b Maheesh Theekshana | 2 | 15 | 0 | 0 | 13.33 |
Nathan Smith | c Kusal Mendis b Eshan Malinga | 17 | 29 | 1 | 0 | 58.62 |
Matt Henry | b Eshan Malinga | 12 | 6 | 1 | 1 | 200.00 |
William O’Rourke | not out | 1 | 3 | 0 | 0 | 33.33 |
Extras | 21 (b 0 , lb 2 , nb 1, w 18, pen 0) |
Total | 150/10 (29.4 Overs, RR: 5.06) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Asitha Fernando | 7 | 0 | 26 | 3 | 3.71 | |
Maheesh Theekshana | 7.4 | 0 | 35 | 3 | 4.73 | |
Eshan Malinga | 7 | 1 | 35 | 3 | 5.00 | |
Janith Liyanage | 3 | 0 | 16 | 1 | 5.33 | |
Chamindu Wickramasinghe | 3 | 0 | 14 | 0 | 4.67 | |
Wanindu Hasaranga | 2 | 0 | 22 | 0 | 11.00 |