පරාජයෙන් සසල වූ අසල්වැසියන් කියන කතා

2642

අනෙකුත් කණ්ඩායම් සමඟ සසඳා බැලීමේ දී ලෝක ක්‍රිකට් කිරුළේ හිමිකාරීත්වය තමන් සතුකර ගැනීමට වැඩි ඉඩප්‍රස්තාවක් පවතින බව ප්‍රකාශ කළ ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම අවසන් පූර්ව තරගය වෙත අවතීර්ණ වූයේ තම කණ්ඩායමේ ක්‍රීඩාශීලීත්වය පිළිබඳ දැඩි ආත්ම විශ්වාසයකිනි.

ඉන්දියාව පරාජය කරමින් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයෝ අවසන් මහා සටනට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයට …..

එලෙස බලාපොරොත්තු පොඳි බැඳන් පිළිමළුන් පිටුදැකීමේ වටයට පිවිසි ඉන්දීය කණ්ඩායමට සැබෑවටම අත්විඳීමට සිදු වූයේ අපේක්ෂා කළ ප්‍රතිඵලයට වඩා හාත්පසින්ම වෙනස් වූ, කිසිසේත්ම අපේක්ෂා නොකළ ප්‍රතිඵලයක් වීම කාගේත් කතාබහට මෙන්ම අවධානයට පාත්‍ර වී තිබේ.

ඉන්දීය කණ්ඩායම නවසීලන්තය පරාජයට පත්කරමින් ඉතා පහසුවෙන් අවසන් මහා තරගයට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු දල්වාගෙන සිටි ලොව පුරා විසිරි සිටින දහස් සංඛ්‍යාත ඉන්දීය ක්‍රීඩාලෝලීන්ගේ සිහින එක ක්ෂණයකින් පුස්සක් බවට පත්කිරීමට කේන් විලියම්සන් ප්‍රමුඛ නවසීලන්ත කණ්ඩායම ඊයේ දිනයේ දී සමත් වූයේ අඛණ්ඩව දෙවන වරටත් ලෝක කුසලාන අවසන් මහා තරගයක ක්‍රීඩා කිරීමේ භාග්‍ය උදාකර ගනිමිනි.

තම ක්‍රීඩකයින් අවසන් මොහොත දක්වාම සටන අත්නොහරිමින් පෙන්නුම් කළ සටන්කාමී ක්‍රීඩා විලාසය තමන් අගය කොට සලකන බවත්, ජය පරාජය ක්‍රීඩාවේ කොටසක් බැවින් පරාජයේ වේදනාව සම සිතින් දරා ගනිමින් ඉදිරි කටයුතු සාර්ථකව කරගෙන යාමට ඉන්දීය කණ්ඩායමට තමන් සුබ පතන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය නිල ට්විටර් ගිණුමට පණිවිඩයක් එක්කරමින් සඳහන් කළ සිටියේය. 

නිමාව දුටු ඉන්දීය මහා මැතිවරණයේ මෝදි මහතාගේ ප්‍රධානතම ප්‍රතිවාදියා ලෙස තරග කළ රාහුල් ගාන්ධි ද සිය අදහස් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළ සිටියේ තරගය අවසනායේ දී මිලියන ගණනක් වන ඉන්දියානු ප්‍රේක්ෂක ජනතාවගේ හදවත් මෙම පරාජයත් සමඟම බිඳී ගිය නමුත් තරගාවලිය පුරාවට කණ්ඩායමක් වශයෙන් පෙන්නුම් කළ සුවිශේෂී දක්ෂතාවන් තමන් ඉතාමත් ඉහළින් අගයකොට සලකන බවය.

ක්‍රිකට් බලය තවමත් ‘Big 3 අතේ ද?

ඇතැම් අවස්ථාවල දී සාර්ථක වීම් අසාර්ථක වීම්……..

ඉන්දීය කණ්ඩායමේ ඉදිරිපෙළ ප්‍රබල පිතිකරුවන් කිහිප දෙනෙකුම ඉතාමත් අඩු ලකුණු සංඛ්‍යාවකට නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට නවසීලන්ත ආරම්භක පන්දු යවන්නන් යුගලය සමත් වූ අතර සුපුරුදු ලෙස මැදපෙළ සවිමත් කරමින් තම කණ්ඩායම ජයග්‍රහණය පෙනෙන මානයට රැගෙන ඒමට මහේන්ද්‍ර සිං දෝනි සමඟ එක්වූ තුන් ඉරියව් ක්‍රීඩක රවීන්ද්‍ර ජඩේජා සමත් වූ නමුත් මාටින් ගප්ටිල්ගේ සුවිශේෂී පන්දු රැකීම හමුවේ අසරණ වූ දෝනි දුවද්දී දැවී යාමකට හසු වූයේ ඉන්දීය පිලේ අවසන් තුරුම්පුවේ බලාපොරොත්තුවත් ඔවුන් හට අහිමි කරදෙමිනි.

ඉන්දීය කණ්ඩායම ක්‍රීඩා කළ සෑම තරගයක්ම පාහේ එරට ක්‍රීඩාලෝලීන්ගේ පිරී ඉතිරි ගියේ ක්‍රීඩා පිටිය තුල මෙන්ම පිටතදීත් තම කණ්ඩායමට අමතර වාසියක් ගෙන දෙන එමිනි. කෙසේ නමුත් නොසිතූ මොහොතක අත් වූ මෙම පරාජය පිළිබඳ ඉන්දීය ප්‍රේක්ෂකයන් පසුවන්නේ දැඩි කනස්සල්ලකිනි.

විදෙස් ක්‍රීඩා මාධ්‍ය ඒජන්සියක් සමඟ තම අදහස් හුවමාරු කරගනිමින් ඉන්දීය ප්‍රේක්ෂකයෙකු වන ප්‍රභ්දීප් සිං සඳහන් කළේ නායක කෝලි ඇතුළු මුල්පෙළ ලකුණු අතරට ඒමට අපොහොසත් වූවත් ජඩේජා සහ දෝනිගේ ශතක සබඳතාව තම කණ්ඩායම ජයග්‍රාහී කඩඉම දක්වා ගෙන යනු ඇතැයි ඔහු දැඩි ලෙස විශ්වාසයෙන් පසු වූ බව සඳහන් කළ සිටියේය.

“අපි හීන මැව්වා ලෝක කුසලානය අපේ කරගන්න. දැන් ඉතින් ඒ ඔක්කොම වතුරේ ගියා.”

වර්ෂාවෙන් බාධා වෙද්දී නවසීලන්තයෙන් දුප්පත් ඉනිමක්

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු ……….

ක්‍රීඩාලෝලීන් සහ ප්‍රේක්ෂකයින් එසේ සිය පරාජයේ වේදනාව බෙදා හදාහන්නා අතරතුර දී අත්දැකීම් බහුල පැරණි ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම තරගය පිළිබඳ සිය මතයන් පළකරීමට අමතක නොකළ අතර ඒ අතරින් ටෙස්ට් විශේෂඥයකු ලෙස ඉන්දීය කණ්ඩායමට තම සේවාව වසර ගණනාවක් මුළුල්ලේම ලබා දුන් V. V. S. ලක්ෂ්මන් සඳහන් කොට තිබුණේ ද දෝනි සහ ජඩේජාගේ සටන්කාමි ඉනිම ඉන්දීය ඉනිමට යම් ජීවයක් ලබා දුන්න ද නව පන්දුවේ වාසිය උපරිම ලෙස යොදා ගනිමින් ප්‍රබල ඉන්දීය මුල්පෙළ ආරක්ෂක වැට ඉතා පහසුවෙන් බිඳ දැමීමට හැකි වීම තරගයේ හැරවුම් ලක්ෂය වූ බවයි. තවද කේන් විලියම්සන් ඇතුළු නවසීලන්ත කණ්ඩායමට සුභාශිංසන එක්කරමින් ඔහු පවසා සිටියේ පිටපිට දෙවතාක් ලෝක කුසලාන අවසන් මහා තරගයට පිවිසීමට වරම් ලැබීම නවසීලන්ත කණ්ඩායම අත්කරගත් සුවිශේෂී ජයග්‍රහණයක් බවය.

තවද ප්‍රධාන පෙළේ ඉන්දීය මාධ්‍ය වාර්තා සියල්ලම පාහේ නොසිතු මොහොතක සිය කණ්ඩායමට අත් වූ අවාසනාවන්ත ඉරණම පිළිබඳ පළකොට තිබුණු අතර Times of India පුවත්පතේ නිල වෙබ් පිටුව උපුටා දක්වමින් ප්‍රකාශ කොට තිබුණේ නවසීලන්ත කණ්ඩායම ඉන්දීය කණ්ඩායම සම්පූර්ණයෙන්ම නිරුත්තර කිරීමට සමත් වූවා යනුවෙනි. 

Hindusthan Times පුවත්පත ද සිය ප්‍රධාන පුවත් ශීර්ෂපාඨයෙහි වැඩි ඉඩකඩක් මෙම තරගය සඳහා වෙන්කොට තිබුණේ ජඩේජා ක්‍රියාත්මක කළ සුපිරි ඉනිමේ වෑයම අපතේ යවමින් ඉන්දීය කණ්ඩායම පසුබැසි ආකාරය පිළිබඳවයි.

AFP ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<