LPL නොවැම්බරයේ දී කරළියට

321
LPL to Launch

නොඉවසිල්ලෙන් බලා සිටි ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ලබන නොවැම්බර් මස මුල් භාගයේ දී නිල වශයෙන් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වේ. තරගාවලිය නොවැම්බර් මස 14 වැනිදා සිට දෙසැම්බර් 06 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.

>> නවසීලන්ත පුහුණුකරුට තවත් වසර තුනක්

කණ්ඩායම් 5ක්, දින 15ක කාලයක් තුළ තරග 23ක දී එකිනෙකා සමඟ ගැටෙන මෙම තරගාවලිය කළමනාකරණය කිරීම සහ මෙහෙයවීම සඳහා අයි. පී. ජී. (IPG) හෙවත් Innovative Production Group ආයතනය සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගිවිසුමකට එළඹ සිටියි.  

තරගාවලිය නියෝජනය කරනු ලබන කණ්ඩායම් 5 හිමිකරුවන්ගේ අයිතිවාසිකම්, රූපවාහිනී විකාශනය, නිෂ්පාදනය සහ ක්‍රීඩාංගණවල අයිතීන් පිළිබඳව සියලු මෙහෙයවීම් කටයුතු IGP ආයතනය විසින් සිදු කරනු ඇත.

>> Video – පාසලේ ක්‍රිකට් ගහලා ඉවර නම් මොකද කරන්නේ? – Cricket Wataravuma

කොළඹ, මහනුවර, ගාල්ල, දඹුල්ල සහ යාපනය යන දිස්ත්‍රික්ක 5 කේන්ද්‍ර කර ගනිමින් නම් කර තිබෙන කණ්ඩායම් 5 සියලුම තරග රංගිරි දඹුල්ල, හම්බන්තොට මහින්ද රාජපක්ෂ සහ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණවල දී පැවැත්වෙනු ඇත.

මෙම තරගාවලිය හරහා දේශීය තරග පිටියේ ක්‍රීඩකයින්ට ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයින් සමඟ කරට කර ක්‍රීඩා කරමින් ඔවුන්ගේ කුසලතා වර්ධනය කර ගැනීමට වේදිකාවක් නිර්මාණය කරන අතරම ශ්‍රී ලාංකේය ක්‍රිකට් රසිකයින්ට ද ගුණාත්මක ක්‍රිකට් තරගාවලියක් නැරඹීමේ අවස්ථාව සැලසෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<