දේශපාලනය ඇඟිලි ගැසූ මලල ක්‍රීඩා නිලවරණය

206
athletics election is being

මේ මස 30 වැනිදාට පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිලවරණයේ ‍මේ වන විය ඉතා උණුසුම්කාරී මුහුණුවරක් ගෙන තිබෙනවා. එම නිලවරණයට එල්ල වෙමින් තිබෙන දේශපාලන බලපෑම් නිසා මෙසේ සිදු වී ඇති බවයි මලල ක්‍රීඩා සංගම් පවසන්නේ.

ආසියානු යොවුන් ශූරතාවලිය‍ට 12ක්

මැයි මස 20 වැනිදා සිට 23 වැනිදා දක්වා තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වීමට නියමිත දෙවන ආසියානු..

මෙම නිලවරණයට තරග වදින ඇතැම් ප්‍රධාන අපේක්ෂකයින් ඉලක්ක කරමින් දේශපාලකයින් කිහිප දෙනෙකු ඊට මැදිහත් වීමට උත්සහ දරණ බවත්, ඔවුන් නිලවරණයට සහභාගී වන ඇතැම් දිස්ත්‍රික් හා අනුබද්ධ සංගම් වෙත බලපෑම් කරමින් ඇතැම් ප්‍රධාන අපේක්ෂකයින්ට මනාපය ලබා දෙන ලෙස ඉල්ලීම් කර තිබෙන බවත් වාර්තා වේ.

එම තත්වය හමුවේ එකී සංගම් ප්‍රධානීන් මේ වන විට දැඩි අපහසුතාවයට පත්ව ඇති බවත් මලල ක්‍රීඩා සංගමය කියා සිටියි. දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගම් කිහිපයක මේ වන විට දේශපාලකයින් මුල් පුටුවේ කටයුතු කරනු ඇත.

මලල ක්‍රීඩා සංගමයේ වත්මන් සභාපති සුගත් තිලකරත්න මහතා මෙවරත් මුල් පුටුවට තරග වදින අතර ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා බවට පත්ව ඇත්තේ එම සංගමයේ හිටපු සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ය.

මලල ක්‍රීඩා සංගමයේ හිටපු ලේකම්වරයෙකු වන ජී.එල්.එස්. පෙරේරා මහතා ද මෙවර සභාපතිධූරයට තරග වැදීම සඳහා නාමයෝජනා භාර දී තිබේ.

සභාපතිධූරය සඳහා වන ඡන්දයට මුළු ශක්තිය යෙදවීමේ අපේක්ෂාවෙන් වත්මන් සභාපති සුගත් තිලකරත්න මහතා උප සභාපතිධූරයට තරග වැඳීම සඳහා ඉදිරිපත් කළ නාමයෝජනාව ඉල්ලා අස්කර ගැනීම කාගේත් දැඩි අවධානයට පත් විය.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිලවරණය සඳහා දිස්ත්‍රික් හා අනු සංගම් ඇතුළුව ක්‍රීඩා සමාජ 39ක් සහභාගී වේ. එහි දී ඡන්ද 59ක් කුමන හෝ සභාපති අපේක්ෂකයෙකු විසින් ලබාගෙන ජයග්‍රහණය කළ යුතු වේ.

කෙසේ වෙතත් මලල ක්‍රීඩා සංගමයේ නිලවරණය මේ මස 30 වැනිදා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර සංගමය අද (12) වන විට පෙර වසරේ (2015) විගණන වාර්තා අනුමත කර ගැනීමේ අපේක්ෂාවෙන් පසුවුවත්  විගණන වාර්තා අනුමත කර ගැනීමෙන් පසුව පමණක් නිලවරණය පවත්වන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශය සියලු ජාතික ක්‍රීඩා සංගම් වෙත නියම කර තිබේ.

එපමණක් නොව අන්තර් ජාතික මලල ක්‍රීඩා සංගමය ශ්‍රී ලංකාවට ප්‍රදානය කරමින් සිටි වාර්ෂික ආධාර අරමුදල ද අත්හිටුවා තිබෙන බව මලල ක්‍රීඩා සංගම වැඩිදුරටත් සඳහන් කළේය.

 තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට