යාදව් සහ කාර්තික් ඉන්දියාව ගොඩදායි

487

ඉන්දීය කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඊයේ (04) කල්කටාවේ දී පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ දී කුල්දිප් යාදව්ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් දිනේෂ් කාර්තික්ගේ අධිෂ්ඨානශීලී පන්දුවට පහර දීමත් හේතුවෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය.

කුල්දිප් යාදව් පන්දු යැවීමේ අඩු ලකුණු ප්‍රමාණයකට කඩුලු 3ක් දවා ගනිමින් දක්ෂතා දක්වද්දී පිළිතුරු ඉනිමේ දී කඩුලු 5ක් දැවී අසරණව සිටි ඉන්දීය කණ්ඩායම ගොඩ ගැනීමේ පූර්ණ ගෞරවය දිනේෂ් කාර්තික් ලබා ගත්තේය.

දකුණු අප්‍රිකානුවන්ට පහසු ජයක්

ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර පර්ත් නුවර දී අද (04) අවසන් වූ …….

කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ ලබා ගත්තේ ලකුණු 109ක් පමණි. ඊට පිළිතුරු බැදීමට පිටියට පිවිසි ඉන්දියාව කඩුලු 5ක් දැවී ලකුණු 110ක් ලබා ගනිමින් තවත් පන්දු 13ක් ඉතිරිව තිබිය දී තරගය ජයග්‍රහණය කළේය.

පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ ඉනිම ආරම්භයේ සිටම පාලනය කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ. කෙදෙව්වන්ගේ ඉනිමේ ලකුණු 20ක් අභිබවා යෑමට සමත් වූයේ ෆාබියන් අලීන් පමණි. ඔහු පන්දු 20කට මුහුණ දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 27ක් ලබා ගත්තේ ය.

ඊට අමතරව කීමෝ පෝල් පන්දු 13ක දී හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 15ක් ලබා ගත්තේ ය. ෂායි හොප් සහ කිරන් පොලාඩ් ද ලකුණු 14ක් බැගින් වාර්තා කළහ. අනෙකුත් කිසිදු පිතිකරුවෙක්ට ලකුණු 10 සීමාව පසු කිරීමට ඉන්දීය පන්දු යවන්නෝ ඉඩ තැබුවේ නැත.

පන්දු යැවීමේ දී කුල්දිප් යාදව් ලකුණු 13කට කඩුලු3ක් දවා ගන්නේ ය. ඊට අමතරව උමේෂ් යාදව්, කේ. කාලීඩ් අහමඩ්, ජස්ප්‍රිට් බුම්රා සහ කුරුනල් පාණඩ්‍යා කඩුල්ල බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයන්ට ද ලෙහෙසියෙන් තරගය ජය ගැනීමට බටහිර ඉන්දීය පන්දු යවන්නෝ ඉඩ තැබුවේ නැත. ඔවුන්ගේ පළමු කඩුල්ල තෙවැනි පන්දු වාරයේ දී ලකුණු 16ක් වෙද්දී දවා ගැනීමට ඔවුන් සමත් වූහ. වරෙක ඉන්දීය ඉනිමේ ලකුණු පුවරුව කඩුලු 4කට ලකුණු 45ක් ලෙස ද දර්ශනය වීමට කොදෙව් පන්දු යවන්නෝ කටයුතු කළේය.

මෙවර ප්‍රිමියර් ලීගයට පාසල් කණ්ඩායම් දෙකක්

2018/19 වර්ෂ වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නොකඩවා දෙවන වතාවටත් …..

අනතුරුව ඉන්දීය ඉනිමට හුස්මක් වැටෙන ලකුණු සබඳතාවක් එක් වූයේ ඒ. මනීෂ් පාන්ඩේ සහ දිනේෂ් කාර්තික් එක් වය. ඔවුන් 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 38ක සබඳතාවක් එක් කළහ. මනීෂ් පාන්ඩේ පන්දු 24ක් පිටියේ රැඳී සිටිමින් ලකුණු 19කට දැවී යමින් එම ලකුණු සබඳතාවට තිත තැබුවේ ය.

ලෙහෙසියෙන් තරගයක් අත් නොහරින දිනේෂ් කාර්තික් මෙම තරගයේ දී ද සියලු බර කරට ගනිමිනි ඉන්දියාව ජයග්‍රහණය කරා රැගෙන ගියේය. ඔහු තරගය අවසන් වෙද්දී පන්දු 34කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 31ක් ලබා සිටියේ ය. ඔහුත් සමඟ අනෙක් අන්තයෙන් නොදැවී රැඳී සිටිමින් ලකුණු 21ක් ලබා ගත්තේ ය. ඒ වෙනුවෙන් ඔහු 9ක් වැය කළ අතර එල්ල කළ හතරේ පහර සංඛ්‍යාව 3කි.

පන්දු යැවීමේ දී කාලෝස් බ්‍රාත්වෙයිට් තම පන්දුවාර 4 ලකුණු 11කට සීමා කර ගනිමින් කඩුලු 2ක් දවා ගත්ත ද අනෙකුත් පන්දු යවන්නට එවැනි දක්ෂතාවක් පෑමට නොහැකි වීම නිසා ඉන්දීය පිතිකරුවෝ ඉන් වාසි ගත්හ. ඔෂාන් තෝමස් ද කඩුලු 2ක් දවා ගත්තේ ය.  

බටහිර ඉන්දිය කොදෙව්; කඩුලු 8ක් දැවී 109 (20): ෆාබියන් අලීන් 27, කීමෝ පෝල් නොදැවී 15, කුල්දිප් යාදව් 3/13

ඉන්දියාව; කඩුලු 5ක් දැවී 110 (17.5), මනීෂ් පාන්ඩේ 19, දිනේෂ් කාර්තික් නොදැවී 31, කුරාන් පාණ්ඩ්‍යා නොදැවී 21, ඔෂාන් තෝමස් 2/21, කාලෝස් බ්‍රාත්වෙයිට් 2/11

දෙරට අතර පැවැත්වෙන දෙවැනි විස්සයි විස්ස තරගය මේ මස 06 වැනිදා ලක්නව් හිදී පැවැත්වීමට නියමිත අතර තරගයේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<