මංගල 100 නීති කිහිපයක් සැහැල්ලු වෙයි

195
ECB tweak retention rules

කල් දැමුණු The Hundred තරගාවලියේ කණ්ඩායම්වලට 2021 වසර සඳහා තමන් කැමති තරම් ක්‍රීඩකයින් සංඛ්‍යාවක් එම කණ්ඩායමේම රඳවා ගත හැකි බව එංගලන්ත ක්‍රිකට් බලධාරීන් පසුගිය දා සඳහන් කළා. COVID-19 වයිරස ව්‍යාප්තිය නිසා මේ වසරේ දී පැවැත්වීමට තිබුණ එම තරගාවලියේ පළමු අදියර 2021 වසර තෙක් කල් දමන්නට සිදු වුනා.

කෙසේ වෙතත් අන්තර්ජාතික ක්‍රිකට් දින දර්ශනය තවමත් ස්ථාවර නැති හෙයින් කණ්ඩායම්වලට සියලුම ක්‍රීඩකයින් රඳවා ගැනීම අපහසු වීමට ඉඩ තිබෙනවා. ඔක්තෝබර් – ජනවාරි කාලසීමාවේ දී කණ්ඩායම්වලට ක්‍රීඩකයින් සමඟ සාකච්ඡා කිරීමට ඉඩ ලබා දී තිබෙන අතර ලබන වසර මුලදී එක් එක් කණ්ඩායම්වල මූලික වශයෙන් තෝරා ගන්නා ලද ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. 

එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය එළඹෙන සති දෙක තුළ 2020/21 වසර සඳහා කොන්ත්‍රාත්තුගත ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ අනුව ඉන්පසුව කණ්ඩායම් ක්‍රීඩකයින්ගේ වැටුප පිළිබඳව ඉදිරි තීරණයක් ගනු ඇති බව Cricbuzz වෙබ් අඩවිය පවසා සිටිනවා. 

කෙසේ වෙතත් පවතින තත්ත්වය මත සියලුම වැටුප් තලයන් 20%කින් පහළ වැටෙනු ඇතැයි ද සඳහන් වෙනවා. Right to match නම් තෝරා ගැනීම යටතේ සියලුම කණ්ඩායම්වලට පිට කණ්ඩායමකින් කොන්ත්‍රාත්තුවක් නොලබන ක්‍රීඩකයින් දිගටම රඳවා ගැනීමේ අවස්ථාව හිමි වෙනවා. එමෙන්ම Wildcard අවස්ථාව යටතේ සෑම කණ්ඩායමකටම T20 බ්ලාස්ට් තරගාවලියෙන් පසුව එක් ක්‍රීඩකයෙක් තෝරා ගැනීමේ අවස්ථාව ද හිමි වෙනවා.

තවත් ක්‍රිකට් පුවත්:

The Hundred තරගාවලිය හා එංගලන්ත – ඉන්දියා ටෙස්ට් තරගාවලියත් එකම කාලයේ පැවැත්වීමට ඉඩක් ද පවතිනවා. සෑම කණ්ඩායමකටම එංගලන්ත ටෙස්ට් කොන්ත්‍රාත්තු ගත ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ද අයත් වෙනවා.

කාන්තා අංශයේ ක්‍රීඩිකාවන් හට එම කණ්ඩායමේම රැඳී සිටින්නට අවස්ථාව තිබෙනවා. ඔවුන්ට එම කණ්ඩායමේ රැඳී සිටින්නට අවශ්‍ය නොවන්නේ නම් විවෘත වෙන්දේසියක් ඔස්සේ ඔවුන්ව මිලදී ගන්නට අනිත් කණ්ඩායම්වලට අවස්ථාව හිමි වෙනවා.

Cricbuzz ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<