Home Sinhala රෝහිත් හා කුල්දීප් පාකිස්තානය හඬවයි!

රෝහිත් හා කුල්දීප් පාකිස්තානය හඬවයි!

268

2019 ලෝක කුසලාන තරගාවලියේ වැඩි ප්‍රේක්ෂක පිරිසකගේ අවධානය දිනා ගත් හා බොහෝ දෙනෙකු නොඉවසිල්ලෙන් බලා සිටි ඉන්දියාව හා පාකිස්තානය අතර තරගය ඊයේ (16) මැන්චෙස්ටර් හිදී ආරම්භ විය. එම තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 89ක ජයක් වාර්තා කිරීමට ප්‍රබල ඉන්දීය කණ්ඩායම සමත් විය.

දකුණු අප්‍රිකාව මංගල ජය වාර්තා කරයි!

This clip will only be available in Sri Lanka for viewing up to 3 days from the date of upload. 2019 ලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකාව හා

කාසියේ වාසිය ජයග්‍රහණය කළ පාකිස්තානු නායක සර්ෆරාස් අහමඩ් පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ඉන්දියාවට ලබා දුන් අතර ඉන් උපරිම ප්‍රයෝජන අත්කර ගත් ඉන්දියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 336ක් වාර්තා කරන ලදි.

මෙහි දී රෝහිත් ශර්මා කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 140ක් වාර්තා කළ අතර ඊට පාකිස්තානු පන්දු රකින්නන් ද වැඩි සහයෝගයක් ලබා දුන්නේ ලබා ගත හැකිව තිබූ දුවද්දී දැවී යාම් කිහිපයක්ම මග හැර ගැනීම හේතුවෙනි.

ආබාධයකට ලක් වූ ශිකර් ධවාන් අද තරගයට ක්‍රීඩා නොකළ බැවින් ලොකේෂ් රාහුල් රෝහිත් ශර්මා සම ග ඉනිම ආරම්භ කළ අතර ධවාන්ගේ ස්ථානයට තුන් ඉරියව් ක්‍රීඩක විජේ ශන්කර් කැඳවා තිබුණි.

ඉන්දියාව ලබා ගත් ලකුණු 336ට අඩිතාලම සකස් කරමින් රෝහිත් ශර්මා හා ලොකේෂ් රාහුල් පළමු කඩුල්ලට ලකුණු 136ක් එක් කළ අතර පළමු කඩුල්ල ලෙස රාහුල් දැවී යන විට ලකුණු 57ක් ලබා සිටියේ ය.

ඉන්පසු රෝහිත් ශර්මා හා එක් වූ නායක විරාත් කෝලි පාකිස්තානු පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ලෙස පහර දුන් අතර රෝහිත් සිය 24 වැනි එක්දින ජාත්‍යන්තර ශතකය හා මෙම තරගාවලියේ වාර්තා කළ දෙවන ශතකය වාර්තා කරමින් පන්දු 113ක දී ලකුණු 140ක් ලබා ගත්තේ ය. ඔහුගේ ඉනිම හතරේ පහර 13කින් හා හයේ පහර 3කින් වර්ණවත් වූයේ රැස්ව සිටි දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කරමිනි.

රෝහිත් ශර්මා වෙත අනගි සහයක් ලබා දුන් විරාත් කෝලි පන්දු 65ක දී ලකුණු 77ක් වාර්තා කළ අතර අද දින ඔහු එක්දින ජාත්‍යන්තර ලකුණු 11000 සීමාව පසු කිරීමට සමත් වූයේ අඩුම ඉනිම සංඛ්‍යාවක දී එම කඩඉම පසු කළ ක්‍රීඩකයා බවට වාර්තා පොත් අතරට එක් වෙමිනි.

ජයග්‍රහණයෙන් පන්නරය ලබා ගැනීමට සූදානම් වන දකුණු අප්‍රිකාව

දකුණු අප්‍රිකාව මෙවර ලෝක කුසලාන තරගාවලියේ ප්‍රබල කණ්ඩායමක් වනු ඇති බව බොහෝ දෙනා තරගාවලියට පෙර මත පලකළ නමුත් ඔවුන්

පන්දු යැවීමේ දී ඉන්දීය පිතිකරුවන් පාලනය කිරීමට සමත් වූ එකම පන්දු යවන්නා වූ මොහොමඩ් අමීර් දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් කෝලිගේ කඩුල්ල ද ඇතුළුව කඩුලු 3ක් ලබා ගත් අතර හසන් අලි හා වාහබ් රියාස් එක් කඩුල්ල බැගින් ලබා ගන්නා ලදි.

ඉන්දීය ඉනිම අග භාගයේ දී වර්ෂාවෙන් තරගයට බාධා එල්ල වුව ද යළි තරගය ඉක්මනින් ආරම්භ කිරීමට හැකි වූ අතර පන්දුවාර සංඛ්‍යාව අඩු කිරීමේ අවශ්‍යතාවයක් ද එවර මතු නොවීය.

ලකුණු 337ක ජයග්‍රාහී ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි පාකිස්තානු ආරම්භක පිතිකරුවන්ට රිසි සේ පිත්ත හැසිරවීමට බුවනේෂ්වර් කුමාර් හා ජාස්ප්‍රිට් බුම්රා ඉඩ ලබා නොදුන් අතර ඔවුන්ට අපේක්ෂා කළ වේගවත් ආරම්භය ලබා ගැනීමට ද නොහැකි විය.

බුවනේෂ්වර් කුමාර් ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත් වූ පසු පන්දු යැවීමට පැමිණි විජේ ශන්කර් තමා යැවූ පළමු පන්දුවෙන්ම ලකුණු 7ක් ලබා සිටි ඉමාම් උල් හක් පිටියෙන් ඉවත් කිරීමට සමත් විය.

ඉන්පසු ෆකාර් සමාන් හා පිටියේ එක් වූ බාබර් අසාම් දක්ෂ ලෙස පිතිකරණයේ යෙදෙමින් පාකිස්තානු ඉනිම ගොඩ ගැනීමට උත්සහ කළේ ජයග්‍රහණයේ බලාපොරොත්තු ඉහළ නංවමිනි.

විටෙක එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 117ක් ලබා ගෙන ශක්තිමත් ස්ථානයක සිටි පාකිස්තානු කණ්ඩායම වෙතින් යළි තරගය ඉන්දීය කණ්ඩායම වෙත හරවා ගැනීමට කුල්දීප් යාදව් සමත් වූයේ බාබර් අසාම් ලකුණු 48කට හා ෆකාර් සමාන් ලකුණු 62කට දවා ගනිමිනි.

ශ්‍රී ලංකාවට මහේලගෙන් දැනමුතුකම්

ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (15) ඕස්ට්‍රේලියා කණ්ඩායම හමුවේ ලකුණු 87ක අවාසනාවන්ත පරාජයකට මුහුණ දුන් නමුත් ඔවුන්ට තවමත් අවසන් පූර්ව

ඉන්පසු ක්‍රියාත්මක වූ හර්ඩික් පාන්ඩ්‍යා, හෆීස් ලකුණු 9කට හා ෂොයිබ් මලික් ලකුණු ලබා ගැනීමට පෙර දවා ගනිමින් පාකිස්තානු ලකුණු පුවරුව කඩුලු 5කට ලකුණු 129ක් බවට පත් කළේය.

පාකිස්තානු කණ්ඩායමට යළි තරගය වෙත අවතීර්ණ වීමට ඉන්දීය පන්දු යවන්නන් ඉඩ ලබා නොදුන් අතර තරගය අතරමැද දී ඇදහැලුණු වර්ෂාවෙන් පසු නැවත තරගය ආරම්භ වූයේ ඔවුන්ගේ ඉලක්කය පන්දුවාර 40ක දී ලකුණු 302ක් බවට පත් කරමිනි.

පන්දුවාර 40 අවසානයේ දී පාකිස්තානු කණ්ඩායමට ලබා ගත හැකි වූයේ කඩුලු 6ක් දැවී ලකුණු 212ක් පමණක් වූ අතර ඒ සමඟින් ඉන්දීය කණ්ඩායමට ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 89ක ජයක් හිමි විය.

පන්දු යැවීමේ දී විජේ ශන්කර්, හර්ඩික් පාන්ඩ්‍යා හා කුල්දීප් යාදව් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය.

පන්දු 113ක දී ලකුණු 140ක් ලබා ගත් රෝහිත් ශර්මා ගයේ වීරයා සම්මානය දිනා ගන්නා ලදි.

මෙම තරගාවලියේ බංගලාදේශය හා බටහිර ඉන්දීය කොදෙව් පිළ අතර තරගය අද (17) ටෝන්ටන් හිදී පැවැත්වෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


India
336/5 (50)

Pakistan
212/6 (40)

Batsmen R B 4s 6s SR
Lokesh Rahul c Babar Azam b Wahab Riaz 57 78 3 2 73.08
Rohit Sharma c Wahab Riaz b Hasan Ali 140 113 14 3 123.89
Virat Kohli c Sarfaraz Ahmed b Mohammad Amir 77 65 7 0 118.46
Hardik Pandya c Babar Azam b Mohammad Amir 26 19 2 1 136.84
MS Dhoni c Sarfaraz Ahmed b Mohammad Amir 1 2 0 0 50.00
Vijay Shankar not out 15 15 1 0 100.00
Kedar Jadhav not out 9 8 1 0 112.50


Extras 11 (b 1 , lb 1 , nb 0, w 9, pen 0)
Total 336/5 (50 Overs, RR: 6.72)
Fall of Wickets 1-136 (23.5) Lokesh Rahul, 2-234 (38.2) Rohit Sharma, 3-285 (43.5) Hardik Pandya, 4-298 (45.1) MS Dhoni, 5-314 (4734) Virat Kohli,

Bowling O M R W Econ
Mohammad Amir 10 1 47 3 4.70
Abid Ali 9 0 84 1 9.33
Wahab Riaz 10 0 71 1 7.10
Imad Wasim 10 0 49 0 4.90
Shadab Khan 9 0 61 0 6.78
Shoaib Malik 1 0 11 0 11.00
Mohammad Hafeez 1 0 11 0 11.00


Batsmen R B 4s 6s SR
Imam-ul-Haq lbw b Vijay Shankar 7 18 1 0 38.89
Fakhar Zaman c Yuzvendra Chahal b Kuldeep Yadav 62 75 7 1 82.67
Babar Azam b Kuldeep Yadav 48 57 3 1 84.21
Mohammad Hafeez c Vijay Shankar b Hardik Pandya 9 7 0 1 128.57
Sarfaraz Ahmed b Vijay Shankar 12 30 0 0 40.00
Shoaib Malik b Hardik Pandya 0 1 0 0 0.00
Imad Wasim not out 46 39 6 0 117.95
Shadab Khan not out 20 14 1 0 142.86


Extras 8 (b 0 , lb 1 , nb 1, w 6, pen 0)
Total 212/6 (40 Overs, RR: 5.3)
Fall of Wickets 1-13 (4.5) Imam-ul-Haq, 2-117 (23.6) Babar Azam, 3-126 (25.2) Fakhar Zaman, 4-129 (26.5) Mohammad Hafeez, 5-129 (26.6) Shoaib Malik, 6-165 (34.1) Sarfaraz Ahmed,

Bowling O M R W Econ
Bhuvneshwar Kumar 2.4 0 8 0 3.33
Jasprit Bumrah 8 0 52 0 6.50
Vijay Shankar 5.2 0 22 2 4.23
Hardik Pandya 8 0 42 2 5.25
Kuldeep Yadav 9 1 32 2 3.56
Yuzvendra Chahal 7 0 53 0 7.57