Home Sinhala ඉන්දියාව හමුවේ ස්කොට්ලන්තයට දැවැන්ත පරාජයක්

ඉන්දියාව හමුවේ ස්කොට්ලන්තයට දැවැන්ත පරාජයක්

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

252

2021 ICC විස්සයි විස්ස ලෝක කුසලානයේ ඉන්දියාව සහ ස්කොට්ලන්තය අතර ඩුබායි හිදී පැවති දෙවැනි කාණ්ඩයේ තරගය කඩුලු 8කින් ජයගැනීමට ඉන්දියාව අද (5) සමත් වුනා.

ස්කොට්ලන්තය කිසිඳු වෙනසක් නොකොට මේ තරගය සඳහා අවතීර්ණ වුවත්, ඉන්දියාව Shardul Thakur වෙනුවට Varun Chakravathy කණ්ඩායමට කැඳවා තිබුනා. සිය 33වන උපන් දිනය අද දිනයට යෙදී තිබුණු Virat Kohli මේ තරගයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දු යැවීමට තීරණය කළා.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

ඉන්දියාව – KL Rahul, Rohit Sharma, Virat Kohli (capt), Suryakumar Yadav, Rishabh Pant (wk), Hardik Pandya, Ravindra Jadeja, R Ashwin, Mohammed Shami, Jasprit Bumrah, Varun Chakravathy

ස්කොට්ලන්තය – George Munsey, Kyle Coetzer (capt), Calum MacLeod, Richie Berrington, Michael Leask, Matthew Cross (wk), Chris Greaves, Mark Watt, Safyaan Sharif, Alasdair Evans, Brad Wheal

ඉන්දියාවේ ආරාධනය අනුව සිය ඉනිම දියත් කළ ස්කොට්ලන්ත කණ්ඩායමට පන්දුවාර 17කුත් පන්දු 4ක් අවසානයේ සියල්ලන්ම දැවී ලබාගැනීමට හැකිවුණු ලකුණු 85ක් පමණයි. Munsey ලබාගත් ලකුණු 24 සහ Leask ලබාගත් ලකුණු 21 හැරෙන්නට වෙනත් එකඳු ස්කොට්ලන්ත පිතිකරුවෙක් හට ලකුණු 20 සීමාව අභිබවා යාමට Shami සහ Jadeja ඇතුළු ඉන්දීය පන්දු යවන්නන් අවස්ථාවක් ලබාදුන්නේ නැහැ.

පන්දුවාර 8කුත් පන්දු 4ක් තුල මේ ලකුණු 86 ඉලක්කය හඹා ගොස් ඇෆ්ගනිස්තානයට වඩා ඉහළ දළ ලබාගැනීමේ වේගයක් රඳවා ගැනීමේ අරමුණ ඇතිව Rahul සහ Sharma ඉන්දීය ඉනිම ආරම්භ කළා. ඔවුන් දෙදෙනා පන්දුවාර 6ක් තුල නොදැවුණු ලකුණු 70ක සබඳතාවයක් ගොඩනංවා තිබියදී 4 පහර 5ක් සහ 6 පහරක් සමඟ ලකුණු 30ක් ලබාගෙන සිටි Rohit Sharma පිටියෙන් ඉවත්ව ගියා.

T20 ලෝක කුසලානයක දෙවන වේගවත් අර්ධ ශතකය ලබාගෙන සිය 14වන ජාත්‍යන්තර විස්සයි විස්ස අර්ධ ශතකය ලබාගත් KL Rahul 4 පහර 6ක් සහ 6 පහර 3ක් සමඟ පන්දු 19කදී ලකුණු 50ක් ලබාගෙන සිටියදී දැවී ගියා.

කෙසේ නමුත් අවසානයේ දී ඔවුන් මේ තරගය පන්දුවාර 6කුත් පන්දු 2ක් තුල අවසන් කළ ඉන්දීය ක්‍රීඩකයින් සිය කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දිනාගත්තේ පිළිවෙළින් පාකිස්තානයට සහ නවසීලන්තයට පමණක් දෙවැනි වෙමිනි.

ලකුණු සාරාංශය,

  • ස්කොට්ලන්තය – 85 (17.4): George Munsey 24, Michael Leask 21, Calum MacLeod 16, Mohammed Shami 3/15, Ravindra Jadeja 3/15.
  • ඉන්දියාව – 89/2 (6.2): KL Rahul 50, Rohit Sharma 30

තරගයේ වීරයා – Ravindra Jadeja (ඉන්දියාව)

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<


Result


India
89/2 (6.3)

Scotland
83/10 (17.4)

Batsmen R B 4s 6s SR
George Munsey c Hardik Pandya b Mohammed Shami 24 19 4 1 126.32
Kyle Coetzer b Jasprit Bumrah 1 7 0 0 14.29
Matthew Cross b Ravindra Jadedja 2 9 0 0 22.22
Richie Berrington b Ravindra Jadedja 0 5 0 0 0.00
Calum MacLeod b Mohammed Shami 16 28 0 0 57.14
Michael Leask lbw b Ravindra Jadedja 21 12 2 1 175.00
Chris Greaves c Hardik Pandya b Ravichandran Ashwin 1 7 0 0 14.29
Mark Watt b Jasprit Bumrah 14 13 0 0 107.69
Safyaan Sharif run out () 0 1 0 0 0.00
Alasdair Evans b Mohammed Shami 0 1 0 0 0.00
Brad Wheal not out 1 2 0 0 50.00


Extras 3 (b 0 , lb 1 , nb 0, w 2, pen 0)
Total 83/10 (17.4 Overs, RR: 4.7)
Fall of Wickets 1-13 (2.3) Kyle Coetzer, 2-27 (5.2) George Munsey, 3-28 (6.3) Richie Berrington, 4-29 (6.6) Matthew Cross, 5-58 (11.2) Michael Leask, 6-63 (13.4) Chris Greaves,

Bowling O M R W Econ
Jasprit Bumrah 3.4 1 10 2 2.94
Varun Chakravarthy 3 0 15 0 5.00
Ravichandran Ashwin 4 0 29 1 7.25
Mohammed Shami 3 1 13 3 4.33
Ravindra Jadedja 4 0 15 3 3.75


Batsmen R B 4s 6s SR
KL Rahul c & b 50 19 6 1 263.16
Rohit Sharma lbw b 30 16 5 1 187.50
Virat Kohli not out 2 2 0 0 100.00
Suryakumar Yadav not out 6 2 0 1 300.00


Extras 1 (b 0 , lb 0 , nb 0, w 1, pen 0)
Total 89/2 (6.3 Overs, RR: 13.69)
Bowling O M R W Econ
Mark Watt 2 0 20 1 10.00
Brad Wheal 2 0 32 1 16.00
Alasdair Evans 1 0 16 0 16.00
Safyaan Sharif 1 0 14 0 14.00
Chris Greaves 0.3 0 7 0 23.33