එංගලන්ත ක්‍රිකට් සංචිතය හදිසියේ වෙනස් වෙයි

345

කෙන්ට් ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය අතරතුර ආබාධයකට ලක්වූ සෑම් බිල්න්ග්ස් වෙනුවට මෙතෙක් ජාත්‍යන්තර එක්දින හෝ විස්සයි – විස්ස වරම් ලබාගෙන නොමැති බෙන් ෆෝක්ස් එංගලන්ත සංචිතයට කැඳවීමට එංගලන්ත ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇත.

>>ඇලෙක්ස් හේල්ස් ලෝක කුසලානය අත්හරී ද?

එළඹෙන මැයි මස මුල් සතියේ ආරම්භ වන අයර්ලන්ත සහ පාකිස්තාන තරගාවලි ආරම්භ වීමට පෙර එංගලන්ත පරිපාලනය විසින් ඉක්මණින්ම මේ ආදේශය සිදුකර තිබේ.  

කඩුලු රකින දකුණත් පිතිකරුවෙක් වන සෑම් බිලින්ග්ස් පසුගිය 25 වැනිදා පැවති එංගලන්ත කෙන්ට් පන්දුවාර 50  ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ ග්ලමෝගන් කණ්ඩායමට එරෙහිව කාර්ඩිෆ් හි පැවති තරගයක් අතරතුර පන්දු රකිමින් සිටියදී මෙසේ උරහිස ආශ්‍රිතව ආබාධයකට ලක්වූයේය.   

එංගලන්තය එළඹෙන ලෝක කුසලානය සඳහා නම් කළ සංචිතයේ ජොස් බට්ලර්, ජොනී බෙයාර්ස්ටෝව් වැනි ප්‍රබල කඩුලු රකින පිතිකරුවන් සිටි නමුත් එම සංචිතයේ වෙනස්කම් කිහිපයක් සිදුකරමින් අයර්ලන්තයට සහ පකිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලි සඳහා එංගලන්ත සංචිතය නම් කර තිබුණි.

>>ආර්චර් නොමැතිව එංගලන්තය ලෝක කුසලාන සංචිතය නම් කරයි

අයර්ලන්තය සහ එංගලන්තය අතර පැවැත්වීමට නියමිත එකම එක්දින ක්‍රිකට් තරගය මැයි මස 03 වැනිදා ඩබ්ලින් හිදී පැවැත්වෙන අතර ඉන්පසුව එක් විස්සයි – විස්ස තරගයකින් හා එක්දින තරග 5කින් සමන්විත එංගලන්ත – පාකිස්තාන ක්‍රිකට් තරගාවලිය මැයි මස 05 වැනිදා සිට 19 වැනිදා දක්වා එංගලන්තයේ දී පැවැත්වීමට නියමිතය.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<