ශ්‍රී ලංකා – ඉන්දීය තරගාවලිය පස්සට; නව තරග කාලසටහන මෙන්න

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

9042

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය දින කිහිපයක් පිටුපසට දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබෙනවා.

මේ සඳහා හේතු වී තිබෙන්නේ එංගලන්ත තරග සංචාරය නිමා කර දිවයිනට පැමිණි ශ්‍රී ලංකා සංචිතයට සම්බන්ධ ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරණ පුහුණුකරු Grant Flower සහ දත්ත විශ්ලේෂකවරයා හට COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙනි.

දෙරට අතර එක්දින තරගාවලිය එළඹෙන 13 වනදා ආරම්භ කිරීමට නියමිතව තිබුනු නමුත් මේ ඇතිව තිබෙන තත්වය නිසාවෙන් එක්දින තරගාවලියේ ආරම්භය මෙම මස 18 වනදා දක්වා දින 5කින් පසුපසට දමා තිබෙනවා.

තවත් ක්‍රිකට් පුවත්:

ඒ අනුව අද (10) දිනයේ දී අවසන් වීමට නියමිතව තිබූ එංගලන්තයේ සිට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ නිරෝධායන කාල සීමාව තවත් දින කිහිපයකින් වැඩි කළ යුතු බැවින් තරගාවලිය මෙලෙස දින කිහිපයකින් කල් දැමීමට සිදුව තිබෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට පුහුණුවීම් සඳහා තිබෙන දින ප්‍රමාණය අවම වීම නිසයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් හට සිදුකරනු ලබන තවත් PCR පරීක්ෂණයක් හෙට (11) දිනයේ දී සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා – ඉන්දීය නව තරග කාලසටහන

  • පළමු එක්දින තරගය – ජූලි 18
  • දෙවැනි එක්දින තරගය – ජූලි 20
  • තුන්වැනි එක්දින තරගය – ජූලි 23
  • පළමු විස්සයි විස්ස තරගය – ජූලි 25
  • දෙවැනි විස්සයි විස්ස තරගය – ජූලි 27
  • තුන්වැනි විස්සයි විස්ස තරගය – ජූලි 29

තරග සියල්ලම කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර එක්දින තරග තුන දිවා/රාත්‍රි තරග ලෙසත් (පස්වරු 2.30 සිට), විස්සයි විස්ස තරග රාත්‍රි තරග (පස්වරු 7 සිට) ලෙසත් පැවැත්වෙනවා.

තවත් දෙස් විදෙස් ක්‍රීඩා පුවත් ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<