සිංහයින්ට එරෙහි විස්සයි විස්ස සංචිතයට පරණ මුහුණු තුනක්

70

ශ්‍රී ලංකාවට එරෙහිව එළඹෙන ඔක්තෝබර් 5 වැනිදා සිට 9 වැනිදා දක්වා ලාහෝර් හිදී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරග තුන සඳහා සහභාගී වන 16 දෙනෙකුගෙන් සමන්විත පාකිස්තාන සංචිතය මේ වන විට නම් කර ඇත. එය නම් කර ඇත්තේ පාකිස්තාන ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සහ තේරීම් කමිටු ප්‍රධානී මිස්බා උල්හක් විසිනි.

ජයගත යුතුම තරගයක් වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් 3ක්!

පාකිස්තානු සංචාරය අරඹමින් පැවති පළමු එක්දින තරගය වැස්සට සේදී යාමත්, දෙවැනි තරගය…

කරච්චි හී මේ දිනවල පැවැත්වෙන එක්දින තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායමේ වෙනස්කම් තුනක් සිදු කර ඇති අතර ඉන් අබිඩ් අලී, මොහොමඩ් රිස්වාන් සහ ඉමාම් උල්හක් තිදෙනා වෙනුවට අහමඩ් ශෙසාඩ්, අසිෆ් අලී සහ ෆහීම් අෂ්රෆ් තිදෙනාව ආදේශ කර ඇත.

අහමඩ් ශෙසාඩ් අවසන් වරට විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2018 වසරේ ජුනි මාසයේ දී ස්කොට්ලන්තයට එරෙහිවයි. මෙම තරග රටාවෙන්ම උමාර් අක්මාල් අවසන් වරට විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2016 වසරේ සැප්තැම්බර් මාසයේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවයි. ෆහීම් අශ්රෆ් අවසන් වරට පාකිස්තානය නියෝජනය කළේ මෙම වසරේ දී ම එංගලන්තය සමඟ එංගලන්තයේ දී පැවති තරග පහකින් සමන්විත එක්දින තරගාවලියයි.

 ඉමාම්ට මෙම විස්සයි විස්ස තරගාවලිය අහිමි වී ඇත්තේ වමතේ ඇඟිල්ලක හට ගත් ආබාධයක් නිසාවෙනි. ශ්‍රී ලංකාව සමඟ පසුගිය සඳුදා පැවති දෙවන එක්දින තරගයේ පන්දු රැකීමේ දී ඔහු මෙලෙස ආබාධයකට ලක්ව ඇත. මෙම නිසා ඔහු අද පැවැත්වෙන තෙවන එක්දින තරගයට ද ක්‍රීඩා කරන්නේ නැත.

2019 නැගී එන ආසියානු කුසලාන තරග කාලසටහන නිකුත් වෙයි

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන ‘2019 ආසියානු කුසලාන නැගී එන ක්‍රිකට්…

විස්සයි විස්ස සංචිතය: සෆ්රාස් අහමඩ් (නායක), බාබර් අසාම් (උප නායක), අහමඩ් ශෙසාඩ්, අසිෆ් අලී, ෆහීම් අෂ්රෆ්, ෆකර් සමාන්, හැරිස් සොහේල්, ඉෆ්ටිකාර් අහමඩ්, ඉමාඩ් වසීම්, මොහමඩ් අමීර්, මොහමඩ් හස්නේන්, මොහමඩ් නවාස්, ශඩාබ් ඛාන්, උමාර් අක්මාල්, උස්මාන් ශෙන්වාරි, වහාබ් රියාස් 

විස්සයි විස්ස තරගාවලියේ කාලසටහන

  • ඔක්තෝබර් 5 – පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය, ගඩාෆි ක්‍රීඩාංගණය, ලාහෝර්
  • ඔක්තෝබර් 7 – දෙවන විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය, ගඩාෆි ක්‍රීඩාංගණය, ලාහෝර්
  • ඔක්තෝබර් 9 – තෙවැනි විස්ස ජාත්‍යන්තර තරගය, ගඩාෆි ක්‍රීඩාංගණය, ලාහෝර්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<