ICC Women’s World Cup Qualifier

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කරන 2017 ලෝක කුසලාන කාන්තා එක්දින තරගාවලියේ අවසන් ස්ථාන 4 හිමි කර ගැනීම සඳහා කණ්ඩායම් 10ක් අද (07)  සිට කොළඹ දී තරග වැදීමට නියමිතයි. මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලිය පැවැත්වෙන්නේ ජුනි සහ ජුලි මාස වල එංගලන්තයේදී පැවැත්වෙන මෙවර කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා මේ වන විටත් සුදුසුකම් ලබා සිටින ඕස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම් වලට අමතරව සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම් 4 තීරණය කිරීම සඳහායි.

අවසන් එක්දින තරගයෙන් ශ්‍රී ලංකා යෞවනයින්ට විශිෂ්ට ජයක්

මාසයක පමණ කාලයක් පැවති දකුණු අප්‍රිකානු සංචාරය නිමා කරමින් අද (05) පැවැත්වුණු තෙවැනි සහ අවසන් එක්දින තරගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද සමත් විය..

අදින් ආරම්භ වන මෙම තරගාවලිය මේ මස 21 වැනිදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතයි. කොළඹ NCC, පී. සරා ඕවල්, වෙළඳසේවා ක්‍රිකට් සංගම්, CCC සහ මුවර්ස් යන ක්‍රීඩාංගන වලදී තරග පැවැත්වේ.

ICC කාන්තා ක්‍රිකට් ශූරතා තරගාවලියේ පහතින් සිටි කණ්ඩායම් හතර සමඟ බංගලාදේශය සහ අයර්ලන්තය මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලියට නිතරගයෙන් එක්වූ අතර කලාපීය තරගාවලි ජයගත් කණ්ඩායම් 4ක් ද ඔවුන් සමඟ තරග වැදීම විශේෂත්වයකි. එසේ කලාපීය මට්ටමෙන් සුදුසුකම් ලැබූ කණ්ඩායම් වනුයේ අප්‍රිකානු කලාපීය තරගාවලිය ජයගත් සිම්බාබ්වේ දේශය, ආසියානු කලාපයෙන් එක්වන තායිලන්තය, යුරෝපා කලාපයේ ශූරියන් වූ ස්කොට්ලන්තය සහ ආසියා ශාන්තිකර කලාපයේ සහභාගීත්වය සටහන් කරන පැපුවා නිව් ගිනීයා කණ්ඩායමයි.

මෙලෙස තරගාවලියට එක්වන කණ්ඩායම් 10 පළමු වටයේදී කණ්ඩායම් 5 බැගින් වූ කාණ්ඩ  2ක් යටතේ තරග වදින අතර එහිදී එක් කණ්ඩායමකට තරග 4 බැගින් ක්‍රීඩා කිරීමට සිදුවනු ඇත. අදාළ කාණ්ඩ දෙකෙහි පෙරමුණ ගන්නා කණ්ඩායම් 3 බැගින් කණ්ඩායම් 6ක් සුපර් සික්ස් වටය සඳහා සුදුසුකම් ලැබීමට නියමිතයි.

සුපර් සික්ස් වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් තරග වදින්නේ තමන් අයත් නොවූ කාණ්ඩයෙන් එම වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් 3 සමගයි. එහිදී ලබා ගන්නා ප්‍රසාද ලකුණු ද සමඟින් සමස්ත ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන හතරේ පසුවන කණ්ඩායම් ජුනි මාසයේ ආරම්භ වන ලෝක කුසලාන තරගාවලියට පිවිසීමේ වරම් හිමි කර ගනී. එමෙන්ම ප්‍රසාද ලකුණු සටහනේ ඉහලින්ම සිටින කණ්ඩායම් දෙක අතර පෙබරවාරි 21 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගයකින් මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරියන් කවුරුන්ද යන්න තීරණය කෙරෙනු ඇති.

ප්‍රධාන තරගාවලියට සුදුසුකම් ලබන්නේ කණ්ඩායම් 4ක් පමණක් වුවද, සුපර් සික්ස් වටයට සුදුසුකම් ලබන අනෙක් කණ්ඩායම් දෙකට ද ඉදිරි වසර 4ක කාලයක් සඳහා ජාත්‍යන්තර එක්දින කණ්ඩායමක් ලෙස පිළිගැනීමක් හිමිවන බැවින් සියලුම කණ්ඩායම් මෙම කඩ ඉම පසුකරන්නට මහත් පරිශ්‍රමයක් දරනු ඇත. ඉන්දියාව සහ පාකිස්තානය මෙම තරගාවලියේ ප්‍රබලතම කණ්ඩායම් ලෙස බොහෝදෙනා අවිවාදිතවම පිළිගත්තද, බංගලාදේශය, දකුණු අප්‍රිකාව, අයර්ලන්තය මෙන්ම සත්කාරක ශ්‍රී ලංකාවද කිසිසේත් සුළු කොට තැකිය හැකි කණ්ඩායම් නොවේ.

”අපි පසුගිය සති කිහිපය තුල ගොඩක් මහන්සියෙන් පුහුණු කටයුතු කළා. එමනිසා අපි විශ්වාස කරනවා අපිට පුළුවන් වෙයි කියලා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබන කණ්ඩායම් 4 අතරට ඇතුලත් වෙන්නේ”

ශ්‍රී ලංකාවට සුපර් සික්ස් වටයට පිවිසීම එතරම් අපහසු නොවන්නේ ඔවුන් අයත් වන කාණ්ඩය තුල සිටින ප්‍රධාන මට්ටමේ එකම අභියෝගය ඉන්දියාව වීම නිසාවෙනුයි. නමුත් පළමු වටයේ ප්‍රසාද ලකුණු සුපර් සික්ස් වටයටද අදාළ වන බැවින් අයර්ලන්තය වැනි කණ්ඩායම් සමඟ පැවැත්වෙන තරග ද ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වේ.

ශ්‍රී ලංකා කාන්තා එක්දින සංචිතය.

ඉනෝකා රණවීර (නායිකා), චමරි අතපත්තු, ඉනෝෂි ප්‍රනාන්දු, නිපුනි හංසිකා, එෂානි ලොකුසූරිය, සුගන්ධිකා කුමාරි, හර්ෂිතා මාධවී, ඩිලානි මනෝදරා, හංසි පෙරේරා, උදේශිකා ප්‍රබෝධිනි, චමරි පොල්ගම්පොල, මල්ෂා ෂෙහානි, ප්‍රසාදිනී වීරක්කොඩි, ශ්‍රීපාලි වීරක්කොඩි (කඩුලු රකින්නිය).

පුහුණුකරු : හේමන්ත දේවප්‍රිය.

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ලොව ප්‍රචලිත කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන මෙම තරගාවලියේ ඇතැම් තරග අන්තර්ජාලය ඔස්සේ සජීවීව විකාශය කරන්නට ජගත් ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත.

මේ අනුව අද උදෑසන 9 සිට, තරගාවලිය අරඹමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරගය එසේ අන්තර්ජාලය හරහා නැරඹීමේ පහසුකම් ලබා දී ඇත.

පළමු වටයේ කාණ්ඩ  

  • A කාණ්ඩයේ කණ්ඩායම් – ඉන්දියාව ශ්‍රී ලංකාව, අයර්ලන්තය, සිම්බාබ්වේ සහ තායිලන්තය.
  • B කාණ්ඩයේ කණ්ඩායම්  – දකුණු අප්‍රිකාව, පාකිස්තානය, බංග්ලාදේශය: ස්චොට්ලන්තය සහ පැපුවා නිවු ගිනීයාව.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට