අර්ධ ශතක තුනක් දිනය වර්ණවත් කරයි

351

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අදත් (30) දිවයින පුරා ක්‍රීඩාංගණ කිහිපයක දී පැවැත්විය.

යොවුන් දස්කම් මැද පාසල් 4කට පූර්ණ ජයග්‍රහණ

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් ඊයේ (28) සාර්ථකව අවසන් වූ අතර, එහි දී ආනන්ද…

වේල්ස් කුමර විද්‍යාලය හා කෝට්ටේ ජනාධිපති විද්‍යාලය

කාසියේ වාසිය දිනාගත් සත්කාරක වේල්ස් කුමර විද්‍යාලය, ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. මෙම තරගයට විටින් විට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, අවසානයේ වේල්ස් කුමර පළමු ඉනිම ලකුණු 178කට සීමා විය. ප්‍රින්ස් ප්‍රනාන්දු ලකුණු 58ක් ලබාගෙන වේල්ස් කුමරුවන්ගේ ප්‍රථම ඉනිම සැලකිය යුතු ලකුණු මට්ටමක් වෙත ගෙන ඒමට දායක විය. සනෝජ් දර්ශික ලකුණු 29යි. පන්දු යැවීමේ දී හසිඳු ප්‍රමුඛ හා ටශික නිර්මාල් කඩුලු 4 බැගින් දවා ගැනීමට සමත් විය.

ජනාධිපති විද්‍යාලයේ පළමු ඉනිම ලකුණු 108කට සීමා කළ කාංචන පෙරේරා කඩුලු 5ක් දවාලූ අතර, ශසික ලක්මාල් ලකුණු 77ක් ලබාගෙන ඔවුන්ගේ ඉනිමට විශාල සවියක් විය. අවසානයේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ නමුත්, වේල්ස් කුමර විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමි විය.

වේල්ස් කුමර විද්‍යාලය පළමු ඉනිම – 178/10 (55.3): ප්‍රින්ස් ප්‍රනාන්දු 58, සනෝජ් දර්ශික 29, හසිඳු ප්‍රමුඛ 4/67, ටශික නිර්මාල් 4/39.

ජනාධිපති විද්‍යාලය පළමු ඉනිම – 108/10 (31.5): ශසික ලක්මාල් 77, කාංචන පෙරේරා  5/47, නදුක් ප්‍රනාන්දු 2/14.

වේල්ස් කුමර විද්‍යාලය දෙවන ඉනිම – 58/3 (16.3): සඳුන් ප්‍රනාන්දු 24*.


සාන්ත ජෝසප් විද්‍යාලය හා මලියදේව විද්‍යාලය

මලියදේව විද්‍යාලය කාසියේ වාසිය ජයග්‍රහණය කර ප්‍රථමයෙන් පන්දු යැවීමේ නිරත වූ මෙම තරඟය සාන්ත ජෝසප් පිටියේ දී අද ආරම්භ විය.

සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් ජෙහාන් ද සිල්වා ලකුණු 65ක් සිය විද්‍යාලය වෙනුවෙන් රැස්කර වාර්තා කළේය. දිනෙත් ජයකොඩි ලකුණු 37යි. පන්දු යැවීමේ දී දුලාජ් රණතුංග මලියදේව විද්‍යාලයට අස්වැසිල්ලක් වෙමින් ලකුණු 96ක් තුළ කඩුලු 7ක් දවා ගැනීමට සමත් විය.

පළමු දිනය අවසන් වන විට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරන මලියදේව විද්‍යාලය, එක් කඩුල්ලක් දැවී ලකුණු 46ක් ලබාගෙන සිටියි.

සාන්ත ජෝසප් විද්‍යාලය පළමු ඉනිම – 286/10 (64.5): ජෙහාන් ද සිල්වා 65, දිනෙත් ජයකොඩි 37, නිපුන් සුමණසිංහ 36, දිලීශ පෙරේරා 30, ලක්ෂාන් ගමගේ  25,   දුලාජ් රණතුංග 7/96.

මලියදේව විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 46/1 (15): සුපුන් නිස්සංක  24, ටලුක අතපත්තු 22*.

ප්‍රීමා යොවුන් කුසලානය බස්නාහිර මධ්‍යම කණ්ඩායමට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයන් සොයා රට වටා ගිය ගමන ඊයේ (28) කොළඹ මේට්ලන්ඩ් පෙදෙස සිංහල ක්‍රීඩා සමාජ …


සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා ත්‍රිත්ව විද්‍යාලය

වර්ෂාවෙන් ඇතිවූ බාධා හේතුවෙන් ආරම්භය තරමක් පමා වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ සත්කාරක සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. පළමු දිනය අවසන් වන විට සාන්ත සෙබස්තියන් විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 218ක් ලබාගෙන සිටියි.

එහි දී තරුෂ ප්‍රනාන්දු ත්‍රිත්ව විද්‍යාලයේ පන්දු යවන්නන් හමුවේ නොදැවී ලකුණු 70*ක් ලබා ගන්නා ලදි. පන්දු යැවීමේ දී විමුක්ති නෙතුමල් කඩුලු 5ක් දවා ගන්නා ලදි.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 216/8 (66): තරුෂ ප්‍රනාන්දු 70*, ප්‍රවීන් කුරේ 27, ලහිරු ප්‍රනාන්දු 21, විමුක්ති නෙතුමල් 5/95.


ලුම්බිණි විද්‍යාලය හා සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය

බී. ආර්. සී. පිටියේ දී පළමු දිනයට ක්‍රියාත්මක වූ මෙම තරගයේ පළමු දිනය අවසන් වන විට සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය සිය දෙවන ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 63ක් ලබාගෙන සිටියි.

මෙම තරගයේ  ¾ක් පමණ අද දිනය තුළ අවසන් වූයේ හෙට දිනය තුළ නිසැකවම ප්‍රතිඵලයක් සහිතව අවසන් වන තරගයක් බවට ඉඟි පළ කරමිනි. සාන්ත සිල්වෙස්ටර් පළමු ඉනිම ලකුණු 91කට සීමා කිරීමට ශසික චන්දිර ඇතුළු ලුම්බිණි පන්දු යවන්නන්ට හැකි විය. පිළිතුරු ලුම්බිණි ඉනිම ලකුණු 102ක් දක්වා රැගෙන ගොස් පළමු ඉනිමේ ජය පළමු දිනය තුළම සටහන් කර ගැනීමට ලකිඳු උපේන්ද්‍ර විශාල උත්සාහයක් ගත්තේය. පසන් හෙට්ටිආරච්චි කඩුලු 6ක් දවා ගනිමින් අගනා පන්දු යැවීමක නිරත විය.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පළමු ඉනිම – 91/10 (36.1): පසන් හෙට්ටිආරච්චි 21, ශසික චන්දිර 6/25, විමුක්ති කුලතුංග 3/23.

ලුම්බිණි විද්‍යාලය පළමු ඉනිම – 102/10 (29.3): ලකිඳු උපේන්ද්‍ර 33, පසන් හෙට්ටිආරච්චි 6/14.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය දෙවන ඉනිම (පළමු දිනය අවසානයේ) – 63/7 (26): කසුන් එදිරිතිලක 19, කවීන් පීරිස් 3/05.

පළමු දිනය සඳහා පැවැත්වූ තරග හෙට (31) දෙවන දිනටත් ක්‍රියාත්මක වේ.

  >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<