10 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිමා වූ තරගවල දී ඕස්ට්‍රේලියා කණ්ඩායම තව දුරටත් තම අපරාජිත බව රැක ගැනීමට සමත් වූ අතර පාකිස්තාන කණ්ඩායම මේ දක්වා සහභාගී වූ සෑම තරගයක් ම අවසන් කරන්නේ පරාජිතවයි.
- 19වැනි තරගය, 2 වැනි කාණ්ඩය, නවසීලන්තය සහ ස්කොට්ලන්තය, Bristol හී County ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – නවසීලන්තය
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත ක්‍රීඩිකාවෝ කඩුලු 7ක් දැවී ලකුණු 131ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි නවසීලන්ත ක්‍රීඩිකාවෝ කඩුලු 4ක් දැවී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගන්නේ තවත් පන්දු 8ක් ද ඉතිරි කර ගනිමිනුයි.
ජයග්‍රාහී එම ඉනිමේ දී 21 හැවිරිදි වියේ පසුවෙන ඉදිරි පෙළ පිතිකාරිනී Izzy Sharp පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 62ක් ලබා ගන්නවා. එය ඇය ගේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ මංගල අර්ධ ශතකයයි.
ඇය තම ඉනිම තුළ දී Brooke Halliday හා එක් වෙමින් 4 වැනි කඩුල්ලට පන්දු 75ක දී ලකුණු 101ක සබඳතාවක් ද ගොඩ නගනවා. Brooke Halliday තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 41ක් ලබා සිටියා .
කඩුලු දවා ගැනීමේ දී Kathryn Bryce සහ Rachel Slater කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ස්කොට්ලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වෙන්නේ ආරම්භක පිතිකාරිනී Darcey Carter. ඇය පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 72ක් ලබා ගත්තා.
ඊට අමතර ව Sarah Bryce පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 25ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Melie Kerr ලකුණු 19කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොදම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Sophie Devine කඩුලු 2ක් දවා ගත්තා
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ස්කොට්ලන්තකාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 7ක් දැවී 131 (20.0) Darcey Carter 72, Sarah Bryce 25, Melie Kerr 3/17, Sophie Devine 2/19
- නවසීලන්තකාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 4ක් දැවී 132 (18.2) Izzy Sharp 62, Brooke Halliday නොදැවී 41, Kathryn Bryce 2/13, Rachel Slater 2/22
නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 6ක ජයක්.
තරගයේ වීරයා – Izzy Sharp (නවසීලන්තය)
- අඩු ලකුණු ශ්‍රී ලංකාවට වින කටියි
- Sooryavanshi අවසන් මහා තරගය සංදර්ශනයක් කරයි
- ශ්‍රී ලංකාව ජයග්‍රහණයට ලකුණු 94ක් පිටුපසින්
- ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ගියවර ශූරියෝ පරාජය කරයි
- Deepti Sharma ඉන්දීය T20 ඉතිහාසය අලුත් කරයි
2. 21වැනි තරගය, 1 වැනි කාණ්ඩය, පාකිස්තානය සහ ඕස්ට්‍රේලියාව, Leeds හී Old Headingley ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – ඕස්ට්‍රේලියාව
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියා ක්‍රීඩිකාවෝ කඩුලු 7ක් දැවී ලකුණු 199ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් පාකිස්තානු ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 86ක් පමණයි.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියා කණ්ඩායමේ පළමු කඩුල්ල පළමු පන්දුවේ දී ම දැවී ගිය පසුව පිටියේ එක් වූ Georgia Voll සහ Ellyse Perry එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 56ක දී ලකුණු 100ක සබඳතාවක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ Georgia Voll ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඇය පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 39ක් ලබා සිටියා.
Ellyse Perry ඉනිමේ 6 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 71ක් ලබා සිටියා. ඇය විසින් ඒ රැස් කරන්නේ තම විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ 10 වැනි අර්ධ ශතකයයි.
ඔවුන් දෙදෙනා අමතර ව Annabel Sutherland පන්දු 18ක දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 27ක් ද සහ Nicola Carey පන්දු 13ක දී හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 26ක් ද ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Sadia Iqbal, Nashra Sandhu සහ Rameen Shamim කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ Muneeba Ali. ඇය පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 32ක් ලබා ගත්තා.
ඇයට අමතර ව නායිකා Fatima Sana පන්දු 12කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 17ක් ද සහ Iram Javed පන්දු 9ක දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 14ක් ද ලබා ගත්තා.
පාකිස්තාන කණ්ඩායමේ අනෙක් කිසිදු ක්‍රීඩිකාවකට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ ඉඩ නොදුන් අතර එහි දී Sophie Molineux, Annabel Sutherland සහ Ellyse Perry කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ඕස්ට්‍රේලියාකාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 7ක් දැවී 158 (20.0) Georgia Voll 39, Ellyse Perry 71, Annabel Sutherland 27, Nicola Carey නොදැවී 26, Sadia Iqbal 2/31, Rameen Shamim 2/34, Nashra Sandhu 2/33
- පාකිස්තානකාන්තා ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 86 (13.4) Muneeba Ali 32, Sophie Molineux 2/06, Annabel Sutherland 2/12, Ellyse Perry 2/09
පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 6ක ජයක්.
තරගයේ වීරයා – Ellyse Perry (ඕස්ට්‍රේලියාව)
කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















