ශ්‍රී ලංකාව මූලික වටයෙන්ම ගෙදර

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2020

64

ICC කාන්තා පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ තෙවැනි තරගය අද (29) ඉන්දියාවට එරෙහිව පැවති අතර එම තරගයෙන් ද කඩුලු 7ක දැවැන්ත පරාජයක් උරුම කර ගැනීමට ශ්‍රී ලංකාවට සිදු විය. 

ආරම්භය දියාරු කළ මැදපෙළ ගැටලුව නිසා ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්

2020 කාන්තා ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ඊයේ (21) දිනයේ ඕස්ට්‍රේලියාවේ දී ආරම්භ විය.

ඒ නිසාවෙන් තවත් එක් තරගයක් ඉතිරිව තිබිය දී ම තරගාවලියෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සිදු විය.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දී පැවැත්වූ මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීම සඳහා තීරණය කළ අතර ඒ අවසරයෙන් පළමුව පිටියට පැමිණි උමේෂා තිමාශිනි සහ නායිකා චමරි අතපත්තු හට පළමු කඩුල්ල සඳහා ගොඩනැංවීමට හැකි වූයේ ලකුණු 12ක සබඳතාවයක් පමණි.

කෙසේ නමුත් මේ දක්වා පැවැත්වුණු ලෝක කුසලාන ක්‍රිකට් තරග කිහිපය තුලම ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණිය ලෙස කටයුතු කළ හංසිමා කරුණාරත්න මැදපෙළට යොමු කරමින් උමේෂා තිමාශිනි ආරම්භක පිතිකාරිණිය ලෙස අද තරගයේ ක්‍රීඩා කිරීම නිසාවෙන් ශ්‍රී ලංකා පිතිකරණ බල ඇණිය යම් අස්ථාවර ස්වභාවයක් ගත බවක් පෙනෙන්නට විය.

කෙසේ නමුත්  තරගාවලිය පුරාවටම ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක වූ එකම පිතිකාරිණිය වූ අතපත්තු මේ තරගයේ දී ද ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත්වෙමින් පන්දු 24ක් තුල වේගවත් ලකුණු 33ක් වාර්තා කරගත්තේ 4 පහර 5ක් සහ එක් 6 පහරක් එල්ල කරමිනි. වමතින් පා දඟපන්දු යවන රාධා යදෙව්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේ ඉන්දීය පන්දු යවන්නියන් හට යම් සැනසිල්ලක් ගෙන එමිනි

බවන්තගේ තුන් ඉරියව් දස්කම් මැද සහෝදරයින්ගේ සටන උණුසුම් වෙයි!

මාර්තුවේ පාසල් ක්‍රිකට් උන්මාදය මාර්තුව එළැඹෙන්නට දින කිහිපයකට ඉහතදීම උත්සවාකාරයෙන් ආරම්භ වූයේ කොළඹ SSC පිටියේදීයි.

අනතුරුව ශ්‍රී ලංකා ඉනිමේ බිඳවැටීම ආරම්භ වූ අතර ලකුණු 48කට කඩුලු 3ක් ලෙස සටහන්ව තිබූ ඉනිම එක් වරම ලකුණු 80කට කඩුලු 7ක් දක්වා ඇද වැටෙන්නට විය. ශ්‍රී ලංකා පසුපෙළ සවිමත් කරමින් ලකුණු වාර්තා කර ගත් වයස අවුරුදු 19ක් වන කවීෂා දිල්හාරි පන්දු 16ක් තුල නොදැවී වේගවත් ලකුණු 25*ක් ලබා ගන්නා ලදි. එම ඉනිම සඳහා 4 පහර 2ක් අන්තර්ගත විය. 

පන්දු යැවීමේ දී වයස අවුරුදු 19ක් වන යාදෙව් සිය පන්දුවාර විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීමේ දස්කම ප්‍රදර්ශනය කළාය.

ලකුණු 117ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පැමිණි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 14කුත් පන්දු 4ක් අවසානයේ කඩුලු 3ක් පමණක් වැය කරමින් සිය ඉලක්කය සපුරා ගත්තේ ඔවුන්ගේ ප්‍රසාද ලකුණු සටහන සඳහා වැඩි දල ලකුණු ලබා ගැනීමේ වර්ධනයක් ද එකතු කරගනිමිනි. 

පිතිකරණයේ දී ඉන්දීය ඉනිම සවිමත් කළ 16 හැවිරිදි දකුණත් පිතිකාරිණියක් වන ශෆාලි වර්මා 4 පහර 7ක් සහ එක් 6 පහරක් එල්ල කරමින් අගනා ලකුණු 47ක් ලබාගත්තේ පන්දු 34ක් පමණක් වැය කරමිනි. ඇය සිය අර්ධ ශතකය පෙනෙන මානයේ සිටිය දී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාම නිසා ඇයගේ අර්ධ ශතකය ඇයට අහිමි විය. 

Video – “කාලයක් තිස්සේ කරපු හොඳ දේවල් වල ප්‍රතිඵල දැන් එනවා” – ලක්ෂාන් සඳකැන්

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන තෙවන සහ අවසන් එක්දින….

වර්මාට අමතරව අනෙකුත් ඉන්දීය සෑම පිතිකාරිණියක්ම පාහේ ලකුණු අතරට පැමිණි අතර ඉනිමේ දෙවන වැඩිම ලකුණු ලාභියා වූ ස්ම්රිති මන්දානා ලකුණු 17ක් ලබාගෙන ඔවුන්ගේ ඉනිම ගොඩනැංවීම සඳහා සහය විය. පන්දු යැවීමේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් උදේශිකා ප්‍රබෝධනී සහ ශසිකලා සිරිවර්ධන එක් කඩුල්ල බැගින් දවා ගත්තේය.

ශ්‍රී ලංකාව – 113/9 (20): චමරි අතපත්තු 33, කවීෂා දිල්හාරි 25*, රාධා යදෙව් 4/23, පුන්මා යදෙව් 2/13.

ඉන්දියාව – 116/3 (14.4): ශෆාලි වර්මා 47, ස්ම්රිති මන්දානා 17, උදේශිකා ප්‍රබෝධනී 1/13,  ශසිකලා සිරිවර්ධන 1/42.

මෙවර කාන්තා ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ A කාණ්ඩය යටතේ තරග වදිනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය මාර්තු මස 2 වනදා බංග්ලාදේශය සමඟ පැවැත්වීමට නියමිතය. 

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<