ක්ෂණික කෝපය නිසා බැට කෑ පාකිස්තාන පුහුණුකරු

438

පසුගිය දා දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන් හීදි නිමාව දුටු දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය අතර පැවති පළමු ටෙස්ට් තරගය අතරතුර දී තෙවැනි විනිසුරු විසින් ලබා දුන් තීරණයක් අභියෝගයට ලක් කරමින් ක්‍රීඩාවේ ජීව ගුණයට නොගැළපෙන අයුරින් හැසිරීමේ චෝදනාවට වරදකරු බවට පත් වීම නිසා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු දකුණු අප්‍රිකානු ජාතික මිකි ආතර් මහතා වෙත අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිල අවවාද කිරීමක් සහ එක් අප්‍රසාද ලකුණක් පැනවීමට තීරණය කර තිබේ.

ජාත්‍යන්තර ටෙස්ට් කණ්ඩායම් වර්ගීකරණය යළිත් වෙනස් වේ

පසුගිය 30 වැනිදා නිමා වූ ශ්‍රී ලංකා නවසීලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය….

තරගය ජයග්‍රහණය කිරීම සඳහා ලකුණු 149ක ඉලක්කයක් හඹා යමින් සිටි දකුණු අප්‍රිකානු ඉනිමේ නව වන පන්දුවාරය අතරතුර පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ලබා දුන් තරමක ආන්දෝලනාත්මක විනිසුරු තීරණයක් මෙම සිදුවීමට පාදක විය.

ශහීන් අෆ්රිඩි විසින් යැවූ පන්දුවක් දකුණු අප්‍රිකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඩීන් එල්ගාර්ගේ පිත්තේ පිටත දාරයේ වැදී ස්ලිප් ක්‍රීඩක අසාර් අලී වෙත උඩපන්දුවක් ලෙසින් ඇඳී ගිය අතර ඉතා හොඳ උත්සාහයකින් අනතුරුව පන්දුව රැක ගැනීමට ඔහු සමත් වූ නමුත් පන්දුව පොළොවේ ස්පර්ශ වන්නේ ද යන්න පිළිබඳ තිබූ සැකය දුරුකර ගැනීම සඳහා තෙවැනි විනිසුරුගේ සහය ලබාගැනීමට පිටියේ විනිසුරු දෙදෙනාට සිදු විය.

කෙසේවුවද බෲස් ඔක්සන්ෆර්ඩ් සහ සුන්දරම් රවී විනිසුරු යුගලය තෙවැනි විනිසුරු හට තීරණය භාර කිරීමට මත්තෙන් ඔවුන්ගේ මතයන්ට අනුව ඩීන් එල්ගාර් දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස සංඥා කළහ. එම අවස්ථාවෙහි පුනරූපනයන් සහ සමීප දර්ශනයන් කිහිප වතාවක්ම නැරඹීමෙන් අනතුරුව තෙවැනි විනිසුරු ලෙස කටයුතු කළ ජොඑල් විල්සන් විසින් පන්දුව පිටියේ වරක් පතිත වීමෙන් පසු අසාර් වෙත ගමන් කළ බව සඳහන් කරමින් ඩීන් එල්ගාර් නොදැවුණු ක්‍රීඩකයෙකු ලෙස පුළුල් තිරය ඔස්සේ ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළේය.

skysports.com මතභේදයට තුඩුදුන් උඩපන්දුව

එම තීරණය ලබා දීමත් සමඟම පාකිස්තාන කඳවුරේ යම් නොසන්සුන්තාවක් හට ගත් අතර පුහුණුකරු මිකි ආතර් මහතා ඉතා ආවේගශීලී ස්වරූපයෙන් තෙවැනි විනිසුරු රැඳී සිටි කාමරය වෙත ගමන් කර ඔහු ලබා දුන් තීරණය දැඩිව විවේචනය කරමින් විනිසුරු හට දිගින් දිගටම දෝෂාරෝපණ එල්ල කරන්නට විය.

මැතිව්ස් වෙනුවට කඩුලු රකින පිතිකරුවෙක්

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වුණු දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය….

ලද අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගත් එල්ගාර් හෂිම් අම්ලා සමඟ එක්වෙමින් ගොඩනැගූ ලකුණු 119ක සබඳතාව නිසාවෙන් කඩුලු 6ක පහසු ජයග්‍රහණයක් කරා දකුණු අප්‍රිකා පිල රැගෙන යාමට ඔවුන් දෙදෙනාට හැකි විය.

ඒ අනුව විනිසුරු තීරණ අනිසි ලෙස අභියෝගයට ලක් කිරීම සහ තරගය පවත්වන වේලාව අතරතුර දී අනවසරයෙන් විනිසුරු කුටීරය වෙත ඇතුල්වීමට තැත් කිරීම යන චෝදනාවන් සඳහා තමන් වරදකරු බවත් තරග තීරක ලෙස කටයුතු කළ ඩේවිඩ් බූන් මහතා විසින් ඉදිරිපත් කළ දඬුවම් වලට එකඟ වන බවත් මිකී ආතර් මහතා ප්‍රකාශ කිරීම නිසාවෙන් තවදුරටත් ඉදිරි විමර්ශනයක් අවශ්‍ය නොවන බව තීන්දු කෙරිණි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<