Home Sinhala ශ්‍රී ලංකාව පළඟ ශූරතාවයේ අවසන් තරගයට

ශ්‍රී ලංකාව පළඟ ශූරතාවයේ අවසන් තරගයට

146

2020 ක්‍රිකට් යොවුන් ලෝක කුසලානයේ පළඟ තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ අද (30) දින සමත් වූහ. ඒ ස්කොට්ලන්තය සමඟ පැවති තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 97ක ජයග්‍රහණයක් වාර්තා කරමිනි. 

නයිජීරියාව සසල කරමින් රවිඳුගේ අනර්ඝ ශතකය

අන්තර් ජාතික ක්‍රිකට් සභාව සංවිධානය කරන 2020 යොවුන් ලෝක කුසලාන…..

වයඹ විශ්වවිද්‍යාලයීය අංක 1 ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගනිමින් පිටියට පිවිස කඩුලු 6ක් දැවී ලකුණු 277ක් රැස්කර ගත්හ. පිළිතුරු ඉනිමේ 40 වැනි පන්දුවාරය අවසානයේ දී ක්‍රීඩා පිටියට ඇද හැළුණ වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට ස්කොට්ලන්ත ක්‍රීඩකයන් රැස්කර ගෙන සිටියේ කඩුලු 8ක් දැවී ලකුණු 149කි. ඒ පන්දුවාර 40ක් අවසානයේය. 

එතැන් සිට තරගය නැවත පවත්වා ගෙන යෑමට තරම් සුදුසු වාතාවරණයක් නොතිබීම හේතුවෙන් තරගයේ විසඳුම ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ගණනය කෙරුනි. ඒ අනුව ස්කොට්ලන්ත ක්‍රීඩකයෝ එම අවස්ථාව වන විට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 247ක් රැස්කර සිටිය යුතු වූ අතර එම ඉලක්කය සපුරා නොතිබීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය හිමි විය.  

අද තරගයේ දී ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් මුල්පෙළ පිතිකරුවන් වූ නවෝද් පරණවිතාන, නායක නිපුන් දනංජය සහ අහන් වික්‍රමසිංහ අර්ධ ශතක වාර්තා කිරීමට කැපී පෙනුනි. ආරම්භක පිතිකරුවන් ලෙසින් පිටියට එක් වූ නවෝද් පරණවිතාන සහ කමිල් මිෂාර එක්ව පළමු කඩුල්ලට ලකුණු 90ක සබඳතාවක් එක් කළහ. කමිල් මිෂාර පළමු කඩුල්ල ලෙසින් පිටිය හැර යන විට පන්දු 52කට මුහුණ දෙමින් ලකුණු 39ක් රැස්කර ගෙන සිටියේය. ඊට හතරේ පහර 5ක් ඇතුළත් විය. 

ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙසින් නවෝද් පරණවිතාන දැවී යන විට ශ්‍රී ලංකා ඉනිම ලකුණු 117ක් ලෙස දිස්විය. නවෝද් පන්දු 73කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 54ක් රැස්කර ගෙන සිටියේය. පෙර තරගයේ දී ශතකයක් වාර්තා කිරීමට සමත් වූ රවිඳු රසාන්තට අද තරගයේ දී රැස්කර ගත හැකි වූයේ ලකුණු 21ක් පමණි. 

ඔහුගේ දැවී යෑමෙන් අනතුරුව නිපුන් දනංජය සහ අහන් වික්‍රමසිංහ එක්ව සිව්වන කඩුල්ලට ලකුණු 103ක සබඳතාවක් එක් කළහ. ඔවුන් අතුරින් අහන් වික්‍රමසිංහ පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 59ක් රැස්කර ගෙන සිටිය දී පළමුව දැවී ගියේය. නිපුන් දනංජය පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 66ක් රැස්කර ගත්තේය. 

චමිඳු විජේසිංහ (4), සොනාල් දිනූෂ (නොදැවී 15) සහ කවිඳු නදීශාන් (නොදැවී 3) ද ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් පිතිකරණයෙන් සහය වූහ. 

කඩුලු දවා ගැනීමේ දී චාලි පීට් සහ ජස්පර් ඩේවිඩ්සන් කඩුලු 2 බැගින් දවා ගත්හ. 

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ස්කොට්ලන්ත කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කර ගැනීමට සමත් වූයේ නායක ඇන්ගස් ය. ඔහු පන්දු 72කට මුහුණ දෙමින් රැස්කර ගත් ලකුණු ප්‍රමාණය 31කි. එහි එකඳු හෝ සීමා ලකුණක් වාර්තා නොවිනි. 

මන්දගාමී මෙම ඉනිමේ කඩුලු 3ක් ලකුණු 31කට දවා ගැනීමට චමිඳු විජේසිංහ සමත් වූයේය. ඊට අමතරව ඩිල්ශාන් මධුශංක සහ කවිඳු නදීශාන් කඩුලු 2 බැගින් දවා ගත් අතර දිලුම් සුධීරට කඩුල්ලක් හිමි විය. 

පාකිස්තානයට එන කණ්ඩායමේ නායකත්වය සංගාට

පාකිස්තානයේ ලාහෝර් හිදී 2009 වසරේ දී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට එල්ලවූ….

අද තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙනස්කම් දෙකක් සිදුකර තිබුනි. නයිජීරියාව සමඟ පැවති පෙර තරගයට ක්‍රීඩා කළ මොහොමඩ් ශමාස් සහ මතීෂ පතිරණ වෙනුවට මෙම තරගය සඳහා කමිල් මිෂාර සහ දිලුම් සුධීර නම් කර තිබුනි. 

තරගයේ වීරයා ලෙසින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායක නිපුන් දනංජය නම් කෙරුනි. 

Result


Sri Lanka U19
277/6 (50)

Scotland U19
149/8 (40)

Batsmen R B 4s 6s SR
Navod Paranavithana c Ben Davidson b Charlie Peet 54 73 4 1 73.97
Kamil Mishara b Charlie Peet 39 52 5 0 75.00
Ravindu De Silva c Angus Guy b Jamie Cairns 21 38 0 0 55.26
Nipun Dananjaya c Angus Guy b Jasper Davidson 66 69 3 1 95.65
Ahan Wicrkamasinghe c Daniel Cairns b Kess Sajjad 59 50 5 1 118.00
Chamindu Wijesinghe c Angus Guy b Jasper Davidson 4 4 0 0 100.00
Sonal Dinusha not out 15 10 1 0 150.00
Kavindu Nadeeshan not out 3 4 0 0 75.00


Extras 16 (b 7 , lb 1 , nb 0, w 8, pen 0)
Total 277/6 (50 Overs, RR: 5.54)
Fall of Wickets 1-90 (17.1) Kamil Mishara, 2-117 (25.2) Navod Paranavithana, 3-137 (30.1) Ravindu De Silva, 4-240 (45.4) Ahan Wicrkamasinghe, 5-246 (46.3) Chamindu Wijesinghe, 6-266 (48.3) Nipun Dananjaya,

Bowling O M R W Econ
Rory Hanley 5 0 26 0 5.20
Liam Naylor 5 0 31 0 6.20
Kess Sajjad 10 0 61 1 6.10
Daniel Cairns 4 0 24 0 6.00
Charlie Peet 10 1 44 2 4.40
Jasper Davidson 6 0 31 2 5.17
Jamie Cairns 10 0 52 1 5.20


Batsmen R B 4s 6s SR
Syed Shah b Dilshan Madusanka 17 18 3 0 94.44
Ben Davidson c Ravindu De Silva b Dilshan Madusanka 18 25 3 0 72.00
Tom Mackintosh c Nipun Dananjaya b Chamindu Wijesinghe 4 5 1 0 80.00
Jasper Davidson st Kamil Mishara b Kavindu Nadeeshan 20 52 1 0 38.46
Angus Guy c Kamil Mishara b Chamindu Wijesinghe 31 72 0 0 43.06
Daniel Cairns lbw b Kavindu Nadeeshan 3 13 0 0 23.08
Kess Sajjad b Chamindu Wijesinghe 13 20 0 0 65.00
Liam Naylor st Kamil Mishara b Ashian Daniel 8 10 1 0 80.00
Jamie Cairns not out 10 14 1 0 71.43
Charlie Peet not out 5 11 0 0 45.45


Extras 20 (b 4 , lb 5 , nb 0, w 11, pen 0)
Total 149/8 (40 Overs, RR: 3.73)
Fall of Wickets 1-35 (6.3) Ben Davidson, 2-41 (7.5) Tom Mackintosh, 3-42 (8.1) Syed Shah, 4-95 (25.1) Jasper Davidson, 5-103 (29.2) Daniel Cairns, 6-117 (32.5) Angus Guy, 7-130 (34.6) Kess Sajjad, 8-135 (36.3) Liam Naylor,

Bowling O M R W Econ
Dilshan Madusanka 6 0 26 2 4.33
Dilum Sudheera 7 0 25 0 3.57
Chamindu Wijesinghe 9 1 31 3 3.44
Ashian Daniel 8 1 16 1 2.00
Kavindu Nadeeshan 10 0 42 2 4.20



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<