Home Sinhala කෝඩුකාර ජපානයට ශ්‍රී ලංකා පිළෙන් සැර පහරක්!

කෝඩුකාර ජපානයට ශ්‍රී ලංකා පිළෙන් සැර පහරක්!

105
socialtelecast.com

2020 වර්ෂය සඳහා පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග වලින් සැනසිලිදායක ජයක් සමඟින් සමු ගැනීමට අද (25) ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය. ඒ ක්‍රිකට් ක්‍රීඩාවට ආගන්තුක ජපාන කණ්ඩායමට එරෙහිවයි. කෙසේවෙතත් මූලික වටයේ තරග වලදී ඉන්දියාව සහ නවසීලන්තය හමුවේ පරාජයට පත්වූ ඔවුන්ට ඉදිරි වටය දක්වා ගමන් කිරීමට අවස්ථාවක් හිමි වන්නේ නැත.

අවිශ්කගේ නොදැවුණ ඉනිමෙන් හේලීස් අවසන් තරගයට

වෙළඳසේවා ක්‍රිකට් සංගමය 27 වැනි වරටත් සංවිධානය කරන සිංගර් කුසලාන පළමු පෙළ විස්සයි විස්ස…

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිළ තරගය ඉක්මනින් සහ වඩාත් පහසුවෙන් ජය ගැනීමේ අටියෙන් මුලින් පන්දු යැවීම තෝරා ගත්හ. පිටියේ තිබූ තෙත ස්වභාවය නිසා මෙම තරගය ක්‍රියාත්මක වූයේ ද පන්දුවාර 22කට කප්පාදු කරමිනි. කෙසේවෙතත් එම පන්දුවාර ප්‍රමාණය හෝ ක්‍රීඩා කිරීමට කෝඩුකාර ජපානයට අවස්ථාව හිමිවූයේ නැත. ඒ තරගයේ මුල්ම පන්දුවේ සිටම ශ්‍රී ලංකා පිළ කඩුලු දවා ගැනීම ආරම්භ කළ බැවිනි.

මෙහිදී කිසිදු ජපාන ක්‍රීඩකයෙකු ලකුණු 10 සීමාව පවා පසු කිරීමට අපොහොසත් වූයේ ඔවුන්ට ක්‍රිකට් ක්‍රීඩාව තුල ඉගෙනීමට තවත් දහසක් දේ ඇති බව තහවුරු කරමිනි. පන්දු යැවීමේ දී ඩිල්ශාන් මධුශංක, සුදීර තිලකරත්න, ඇශියන් ඩැනියෙල් සහ නවෝද් පරණවිතාන කඩුලු 2 බැගින් පහසුවෙන් බිඳ හෙලූහ. ඉතිරි කඩුලු දෙක සටහන් වූයේ දුවද්දී දැවී යාම් ලෙසයි. මේ නිසාම ජපානයට රැස් කිරීමට හැකි වූයේ මුළු ලකුණු 43ක් පමණි.

තර්ස්ටන් විද්‍යාලය හයේ පහරක් එල්ල කරමින් තරගය ජයග්‍රාහීව නිමා කරයි

සිංගර් ආයතනය සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු…

මෙම ලකුණු සංඛ්‍යාව හඹා යාමට ශ්‍රී ලංකාවට පන්දුවාර 8.3ක් ප්‍රමාණවත් වූ අතර එම කාලය තුල බිඳ වැටුනේ එක් කඩුල්ලක් පමණි. ඒ පන්දු 7ක් තුලදී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 9ක් ලබා සිටි නවෝද් පරණවිතානගේ කඩුල්ලයි. ඉන් අනතුරුව ලකුණු 38ක නොබිඳුනු සබඳතාවයක් ගොඩ නැගූ මොහොමඩ් ශමාස් සහ රවිඳු රසන්ත ශ්‍රී ලංකාවට පහසු ජයක් හිමිකර දුන්හ. එහිදී රවිඳු රසන්ත හතරේ පහර 3ක් සමඟින් ලකුණු 19ක් රැස් කිරීමට සමත් විය.

මේ වනවිට මීලඟ වටය සඳහා සුදුසුකම් ලැබූ කණ්ඩායම් තීරණය වී ඇති අතර A කාණ්ඩය යටතේ ඉන්දියාව සහ නවසීලන්තයත්, B කාණ්ඩය යටතේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායමත්, C කාණ්ඩය යටතේ බංග්ලාදේශය සහ පාකිස්තානු කණ්ඩායමත්, D කාණ්ඩය යටතේ ඇෆ්ගනිස්තානය සහ දකුණු අප්‍රිකානු කණ්ඩායමත් ඊට සුදුසුකම් ලබා ඇත. 

මෙහිදී ටෙස්ට් ක්‍රීඩා කරන කණ්ඩායම් ලෙස ශ්‍රී ලංකාවට සහ එංගලන්තයට මූලික වටයෙන්ම ඉවතට විසි වීමට සිදුවීම සුවිශේෂී කරුණකි. ඊට සාපේක්ෂව ඇෆ්ගනිස්තාන පිළ සහ බංග්ලාදේශ පිළ තරග දෙක බැගින් ජයගෙන කාණ්ඩයේ මුල් තැන සිටිමින් දෙවැනි වටයට සුදුසුකම් ලැබීම කැපී පෙනෙයි. ඒ දකුණු අප්‍රිකානු පිළ සහ පාකිස්තානය අභිබවා යමිනි.

නවසීලන්තයේ ලකුණු 203 ඉන්දියාව පන්දුවාර 19න් හඹායයි!

ඉන්දීය පිළේ නවසීලන්ත සංචාරය අරඹමින් පැවති පළමු T20 තරගයෙන්ම කඩුලු 6ක සුවිශේෂී ජයක් වාර්තා…

කෙසේවෙතත් ශ්‍රී ලංකාවට යොවුන් ලෝක කුසලානයට සමගාමීව පැවැත්වෙන පළඟ ශූරතාවලිය සඳහා එක් වීමට හැකියාව ලැබී ඇති අතර එහි පළමු තරගය ලෙස නයිජීරියා කණ්ඩායම සමඟ ඔවුන් ලබන 27 වැනිදා තරග වැදීමට නියමිතය. 

Result


Sri Lanka U19
47/1 (8.3)

Japan U19
43/10 (18.3)

Batsmen R B 4s 6s SR
Marcus Thurgate b Dilshan Madusanka 0 1 0 0 0.00
Shu Noguchi b Dilum Sudheera 6 10 0 0 60.00
Neel Date b Dilshan Madusanka 6 11 1 0 54.55
Debashish Sahoo b Dilum Sudheera 9 12 0 0 75.00
Kazumasa Takahashi lbw b Ashian Daniel 2 14 0 0 14.29
Ishaan Fartyal run out (Chamindu Wijesinghe) 4 7 0 0 57.14
Ashley Thurgate c Ahan Wicrkamasinghe b Ashian Daniel 0 1 0 0 0.00
Kento Dobell c Chamindu Wijesinghe b Navod Paranavithana 7 19 0 0 36.84
Max Clements b Navod Paranavithana 6 18 0 0 33.33
Yugandhar Retharekar not out 0 9 0 0 0.00
Sora Ichiki run out (Navod Paranavithana) 1 9 0 0 11.11


Extras 2 (b 0 , lb 0 , nb 0, w 2, pen 0)
Total 43/10 (18.3 Overs, RR: 2.32)
Fall of Wickets 1-0 (0.1) Marcus Thurgate, 2-11 (2.5) Neel Date, 3-15 (3.5) Shu Noguchi, 4-25 (7.5) Debashish Sahoo, 5-25 (8.1) Kazumasa Takahashi, 6-25 (8.2) Ashley Thurgate, 7-32 (10.4) Ishaan Fartyal, 8-41 (14.4) Kento Dobell, 9-42 (16.3) Max Clements, 10-43 (18.3) Sora Ichiki,

Bowling O M R W Econ
Dilshan Madusanka 3 0 12 2 4.00
Dilum Sudheera 5 0 13 2 2.60
Ashian Daniel 5 1 11 2 2.20
Kavindu Nadeeshan 3 0 5 0 1.67
Navod Paranavithana 2.3 0 2 2 0.87


Batsmen R B 4s 6s SR
Navod Paranavithana b Kento Dobell 9 7 2 0 128.57
Mohammad Samaaz not out 7 20 0 0 35.00
Ravindu De Silva not out 19 25 3 0 76.00


Extras 12 (b 0 , lb 1 , nb 1, w 10, pen 0)
Total 47/1 (8.3 Overs, RR: 5.53)
Fall of Wickets 1-9 (1.1) Navod Paranavithana,

Bowling O M R W Econ
Yugandhar Retharekar 2 0 15 0 7.50
Kento Dobell 3 0 15 1 5.00
Max Clements 1 0 3 0 3.00
Sora Ichiki 1.3 0 7 0 5.38
Ashley Thurgate 1 0 6 0 6.00



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<