පාකිස්තානය වේලාසනින්ම තරගාවලිය ජය ගනී

78
Getty Images

බාබර් අසාම් සහ මොහොමඩ් හෆීස්ගේ දක්ෂ පිතිහරඹයන් සමඟින් නිමා වූ පාකිස්තාන – බංග්ලාදේශ දෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් වාර්තා කිරීමට පාකිස්තානය සමත් විය. ඒ සමඟම දෙරට අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත තරගාවලිය 2-0ක් ලෙසින් පෙරමුණ ගැනීමට සත්කාරකයෝ සමත් වූහ.

කලකට පසු පිටියට පැමිණි මලික් පාකිස්තානයට ජය ගෙනේ

පාකිස්තානය සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පැවති පළමු…

අද (25) ලාහෝර් ගඩාෆි ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ ක්‍රීඩකයෝ පළමු තරගයේ දී සේ ම මෙම තරගයේ දී ද පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සතු කර ගත්හ.

නමුත් ඔවුන්ගේ ඉදිරිපෙළ පිතිකරුවන් තිදෙනෙක්ගෙන් බලාපොරොත්තු වූ යුතුකම් ඉටු නොවීමෙන් මෙම තරගයේ දී ද බංග්ලාදේශ ලකුණු පුවරුව අඩු ලකුණු ප්‍රමාණයකට සීමා විය. ඔවුන්ට කඩුලු 6ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 136ක් පමණි. 

මොහොමඩ් නයිම් (0), මෙහෙදි හසන් (9) සහ ලිටන් දාස් (8) අඩු ලකුණුවලට සීමා වෙද්දී ආරම්භක පිතිකරු තමිම් ඉක්බාල් අද තරගයේ දී ලකුණු 65ක් වාර්තා කළේය. පන්දු 53කින් වාර්තා වූ එම ඉනිමට හතරේ පහර 7ක් සහ හයේ පහරක් ඇතුළත් විය. ඔහු අද රැස් කළේ තම විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ 7 වැනි අර්ධ ශතකයයි. 

ඔහුට අමතරව අෆීෆ් අහසන් පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 21ක් ලබා ගත්තේය. නායක මහමුදුල්ලා රියාද් ද ලකුණු 12කට දැවී ගියේය. 

බංග්ලාදේශ ඉනිම අවසන් වෙන විට සෞම්‍ය සාකර් (5) සහ අමිනුල් ඉස්ලාම් (8) නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ. 

නවසීලන්තයේ ලකුණු 203 ඉන්දියාව පන්දුවාර 19න් හඹායයි!

ඉන්දීය පිළේ නවසීලන්ත සංචාරය අරඹමින් පැවති පළමු T20 තරගයෙන්ම කඩුලු 6ක සුවිශේෂී ජයක් වාර්තා කර…

කඩුලු ලබා ගැනීමේ දී මොහොමඩ් හස්නයින් ලකුණු 20කට කඩුලු 2ක් දවා ගත් අතර ශහීන් අෆ්රිඩි, හැරිස් රවූෆ් සහ ශාදත් ඛාන් කඩුල්ල බැගින් බෙදා ගත්හ. 

සත්කාරකයන්ගේ හඹා යන ඉනිමේ ආරම්භය ද සාර්ථක වූයේ නැත. ඉනිමේ දෙවැනි පන්දු වාරයේ දී අංක 2 පිතිකරු අසන් අලි ලකුණු නොලබාම ඉනිම හැර යන විට පාකිස්තාන ලකුණු පුවරුවේ තිබුණේ ලකුණු 6ක් පමණි. 

ඉන් අනතුරුව ආරම්භක පිතිකරු නායක බාබර් අසාම් සහ අංක 3 පිතිකරු මොහොමඩ් හෆීස් එක්ව දෙවැනි කඩුල්ලට නොදැවුණ ලකුණු 131ක් රැස් කරමින් සංචාරක ක්‍රීඩකයෝ අමාරුවේ දැමූහ. 

බාබර් අසාම් සහ මොහොමඩ් හෆීස් එක්ව වාර්තා කළ මෙම සබඳතාව පාකිස්තාන විස්සයි විස්ස පිටියේ හොඳම සබඳතා අතර සිව්වැනි  තැන ගත් අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වූ සබඳතාවන් අතර දෙවැනි තැන ගත්තේය. 

ඔවුන් දෙදෙනා බංග්ලාදේශ ඉලක්කය පසු කළේ තවත් පන්දු 20ක් ඉතිරි කර ගනිමිනි.

අවිශ්කගේ නොදැවුණ ඉනිමෙන් හේලීස් අවසන් තරගයට

වෙළඳසේවා ක්‍රිකට් සංගමය 27 වැනි වරටත් සංවිධානය කරන සිංගර් කුසලාන පළමු පෙළ විස්සයි විස්ස වෙළඳසේවා…

තරගයේ වීරයා ලෙසින් ද සම්මාන ලැබූ බාබර් අසාම් පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 66ක් ලබා ගත්තේ තම විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ 13 වැනි අර්ධ ශතකය වාර්තා කරමිනි. ‍

විස්සයි විස්ස පිටියේ තම 11 වැනි අර්ධ ශතකය වාර්තා කළ මොහොමඩ් හෆීස් පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 67ක් ලබා ගත්තේය. 

පාකිස්තාන ඉනිමේ දැවී ගිය එකම කඩුල්ලේ අයිතිය සයිෆුල් ඉස්ලාම් සතු විය. 

  • බංග්ලාදේශය; කඩුලු 6ක් දැවී 136 (20) තමිම් ඉක්බාල් 65, අෆිෆ් හුසේන් 21, මොහොමඩ් හස්නයින් 2/20
  • පාකිස්තානය; කඩුල්ලක් දැවී 137 (16.4) බාබර් අසාම් නොදැවී 66, මොහොමඩ් හෆීස් නොදැවී 67

දෙරට අතර පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි විස්ස තරගය ජනවාරි 27 වැනිදා ලාහෝර් නුවර දී පැවැත්වීමට නියමිතය.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<