ශ්‍රී ලංකාව අවදානමක දමා ඇෆ්ගනිස්තානය ඉදිරියට

330

මේ දිනවල නවසීලන්තයේ දී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (17) අවසන් වූ තරගයෙන් ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානය හමුවේ ලකුණු 32 (D/L)කින් පරාජය විය. එම ජයත් සමඟින් ඇෆ්ගනිස්තානය සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

නවසීලන්තයේ වන්ගාරෙයි ක්‍රිකට් පිටියේ දී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදි.

කමිඳු – ලක්ෂාන් විශිෂ්ට සබඳතාවය නිසා නවසීලන්තයේ දී සිංහ කොඩිය රැව්දේ!

මතු දිනයක ක්‍රිකට් ලොව දැවැන්තයින් වීමට සිහින දකින ක්‍රීඩකයින්ගේ මෞලි මංගල්‍යය වන 19න් පහළ …

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලානය දිනාගත් ඇෆ්ගනිස්තානු යොවුන් කන්ඩායමේ පළමු කඩුල්ල දවා ගැනීමට වමතින් වේගපන්දු යවන තිසරු රශ්මික සමත් විය. අනතුරුව ඔවුන්ගේ මැදපෙළ සවිමත් කරමින් ඉවසලිවන්ත පිතිකරණයක නිරත වීමට ඊබ්‍රහම් සද්රාන් සමත් විය. ඔහු එක් 4 පහරක් හා 6 පහර 5ක් සමඟින් ලකුණු 86ක් රැස්කර ගන්නා ලදි.

ඊට අමතරව ඔවුන්ගේ ලකුණු පුවරුව තවදුරටත් සවිමත් කළ ඉක්රාම් අලි කිල් හා ඩ්‍රැවිශ් රාසූලි අර්ධ ශතක ලබා ගැනීමට සමත් විය. ඒ අතුරෙන් පන්දු 44ක් තුළ වේගවත් ලකුණු 63ක් ලබාගත් රාසූලිගේ ඉනිම 4 පහර 9කින් හා එක් 6 පහරකින් වර්ණවත් විය. ඔහුගේ කඩුල්ල දුවද්දී දැවී යාමකට හසුකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් විය.

අවසානයේ ඇෆ්ගනිස්තානය සිය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 284ක් ලබා ගන්නා ලදි. පන්දු යැවීමේ දී නිපුන් මාලිංග හා තිසරු රශ්මික කඩුලු 2ක බැගින් දවා ගැනීමට සමත් විය.

කෝලිට දඩයක් සමඟින් දඬුවම් ලකුණක්

ඉන්දීය කණ්ඩායමේ නායක මෙන්ම දකුණත් පිතිකරුවෙකු වන විරාත් කෝලි හට තරග …

ලකුණු 285ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස නිමා වූ තරගයේ දී ශතකයක් ලබාගත් ධනංජය ලක්ෂාන් දැවී ගියේය. ශ්‍රී ලංකා ලකුණු පුවරුව 11/2ක් ලෙස දැක්වෙද්දී පිටියේ එක්වූ ක්‍රිශාන් සංජුල හා ජෙහාන් ඩැනියල් තෙවන කඩුල්ලට ලකුණු 76ක සාර්ථක සබඳතාවයක් ගොඩනංවන ලදි. ලකුණු 41ක් ලබා සිටි සංජුලගේ දැවී යාමට පසුව තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය. ඒ නිසා තරගය පැයක පමණ කාලයක් පමා වූ අතර ඒ නිසාවෙන් තරගය පන්දුවාර 38කට සීමා කිරීමට තරග විනිසුරුවරුන් තීරණය කරන ලදි. එම පන්දුවාර ප්‍රමාණය තුළ ශ්‍රී ලංකාවට සිය ජයග්‍රහණය සඳහා ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 235ක ඉලක්කයක් හිමි විය.

ජෙහාන් ඩැනියල් හා එක්වූ නායක කමිඳු මෙන්ඩිස් පිළිවෙළින් ලකුණු 48ක් හා ලකුණු 38ක් ලබාගෙන ශ්‍රී ලංකාව ජයග්‍රහණයේ මාවතට ගැනීමට වෑයම් කළත්, මැදපෙළ හා පසුපෙළ පිතිකරුවන් ඉක්මනින්ම දැවී ගිය නිසා එම වෑයම අසාර්ථක විය. පන්දු යැවීමේ දී නායක නවීන් උල් හක් කඩුලු 4යි. අශේන් බණ්ඩාර ලකුණු 38යි. ඒත් සමඟින් මෙම තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 32කින් ජයග්‍රහණය කළ ඇෆ්ගනිස්තානු කණ්ඩායම සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගන්නා ලදි.

ඇෆ්ගනිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – 284/7 (50): ඊබ්‍රහම් සද්රාන් 86, ඩ්‍රැවිශ් රාසූලි 63, ඉක්රාම් අලි කිල් 55, නිසාර් වහදත් 25, නිපුන් මාලිංග 5/56, තිසරු රශ්මික 2/64.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – 202/10 (37.3): ජෙහාන් ඩැනියල් 48, ක්‍රිශාන් සංජුල 41, කමිඳු මෙන්ඩිස් 38, අශේන් බණ්ඩාර 38, නවීන් උල් හක් 4/35, කයිස් අහමඩ් 2/37.

තරගයේ වීරයා – ඊබ්‍රහම් සද්රාන්

පාකිස්තානු වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමඟින් ලබන 19 වැනිදා පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ජය ගත යුතුම තරගයක් වන අතර එය ජය ගතහොත් සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<