එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියේ 7 වැනි සතියේ තරග කිහිපයක් ඊයේ (28) පැවැත්වුණා. මේ සති අන්තයේ විශේෂත්වය වුනේ ප්‍රබල කණ්ඩායම් සියල්ලම ජය වාර්තා කිරීමයි.

මැන්චෙස්ටර් සිටි ලිවර්පූල් පසුපසින් 

Everton කණ්ඩායම ගෝල 3-1ක් ලෙස පරාජය කරමින් Manchester City ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ සිටින Liverpool සමඟ ලකුණු පරතරය ලකුණු පහක් දක්වා අඩු කර ගන්නට සමත් වුනා.

24 වැනි මිනිත්තුවේ දී Kevin De Bruyne දක්ෂ හරස් පන්දු යොමු කිරීමක් Gabriel Jesus සිය හිසෙන් ගෝල රාමුව වෙත යොමු කළේ පළමු Manchester City ගෝලය ලෙසයි.  

එම ගෝලයට මිනිත්තු නවයකට පසුව Dominic Calvert-Lewin, Seamus Coleman එල්ල කළ ප්‍රහාරයකින් නැවත පැමිණි පන්දුව ක්ෂණිකව දැල වෙත යොමු කළේ තරගයේ ගෝල සම කරමින්.  

ජයග්‍රහණයේ සැර බාල කරමින් මෙසී නැවතත් ආබාධයකට ලක් වෙයි

2019 ලා ලීගා හා ඉතාලි Serie A තරගාවලියේ තරග කිහිපයක් අද (25) අලුයම පැවැත්වුණා. බාසිලෝනා කණ්ඩායමට…

Yerry Minaගේ ප්‍රහාරයක් Ederson විසින් වැළැක්වූ අතර Raheem Sterling යාර 10 සීමාවේ සිට එල්ල කළ ප්‍රහාරය ගෝල රාමුවෙන් ඉවත ගියේය.   

19 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ Riyad Mahrez යාර 20 සීමාවේ ලැබුණු නිදහස් පහරකින් ගෝල රැස් කළේ තරගයේ පෙරමුණ Manchester City කණ්ඩායමට ගෙන එමින්.  

ඊට මිනිත්තු කිහිපයකට පසු Ederson, Calvert-Lewin ගේ ප්‍රහාරයක් ව්‍යර්ථ කරද්දී Sterlingගේ ප්‍රහාරයක් ගෝල රාමුවේ වැදී දැල් ගත වුනේ Manchester City ජය ස්ථිර කරමින්.     

අවසන් ලකුණු තත්වය: Manchester City 3-1 Everton 

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ 

  • Manchester City – Gabriel Jesus 24′, Riyad Mahrez 71′, Raheem Sterling 84′
  • Everton – Dominic Calvert-Lewin 33′

ගෝල රකින්නාගේ අත්වැරැද්ද Liverpoolට ජය ගෙනෙයි

 

Sheffield United ගෝල රකින්නාගේ අත්වැරැද්දකින් සිය අඛණ්ඩ 16 වැනි ප්‍රිමියර් ලීග් ජය වාර්තා කරන්නට Liverpool සමත් වුනේ ගෝල 1-0ක් ලෙසයි.  

Georginio Wijnaldumගේ 70 වැනි මිනිත්තුවේ ප්‍රහාරය ගෝල රකින්නාගේ දෑත් අතරින්ම ගෝල රාමුව තුළට ඇතුළු වුනේ තරගයේ වාසිය Liverpool වෙත ගෙනෙමින්.

සත්කාරක Sheffield United ඉතා හොඳින් Liverpool ආක්‍රමණ වැළeක්වූ අතර Liverpool පළමු අර්ධයේ දී එකදු ප්‍රහාරයක් හෝ ගෝල රාමුව වෙත ඉලක්කගත නොකිරීම විශේෂත්වයක් වුkd. Sadio Maneගේ එක් ප්‍රහාරයක් ගෝල රාමුවේ ඉහළින් ඇදී ගිය අතර අනෙක් ප්‍රහාරය ගෝල රාමුවේ වැදී ඉවත ගියා.  

Unitedට ප්‍රබල ආක්‍රමණ ද්විත්වයක් ක්‍රියාත්මක කළ අතර Oliver Norwood ප්‍රහාරය Adrian අවහිර කරද්දී John Fleck උත්සාහය Andrew Robertson අවහිර කළා.    

ගෝල රකින ක්‍රීඩක Henderson, Mohamed Salahගේ ප්‍රහාරයක් ව්‍යර්ථ කළත්, ඒ වන විට තරගය සම්පූර්ණයෙන්ම Liverpool දෙසට ඇදී ගොස් තිබුණි.  

අවසන් ලකුණු තත්වය: Liverpool 1 – 0 Sheffield United

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Liverpool – Georginio Wijnaldum 70′

සත්කාරකයින් ලෙස Chelsea සිය පළමු ජය වාර්තා කරයි 

Brighton & Hove Albion ගෝල 2-0ක් ලෙස පරාජය කළ Chelsea මෙවර තරග වාරයේ සිය ක්‍රීඩාංගණයේ දී වාර්තා කළ පළමු ජය වාර්තා කරන්නට සමත් වුනා.  

චෙල්සි ක්‍රීඩකයින් පළමු අර්ධයේ ප්‍රබල ආක්‍රමණයක් දියත් කළ අතර Tammy Abrahamගේ ප්‍රහාරයක් ගෝල රාමුවේ වැදී ඉවත යද්දී, Ross Barkley හා  Pedroගේ ප්‍රහාරයන් Mat Ryan ව්‍යර්ථ කළා.   

දෙවන අර්ධය ආරම්භයෙන් මිනිත්තු පහකට පසුව තරගයේ පළමු ගෝලය වාර්තා කළේ Jorginho, Adam Webster විසින් Mason Mount බිම හෙලීම නිසා ලැබුණු දඬුවම් පහරක් ඔහු සාර්ථකව ගෝලයක් බවට පත් කළා.  

ආක්‍රමණයේ යෙදුණු Brighton වෙනුවෙන් Dan Burnගේ ප්‍රහාරයක් ගෝල රාමුවේ වැදී ඉවත ගිය අතර තරගයේ මිනිත්තු 14ක් ඉතිරිව තිබිය දී Willian ජයග්‍රහණය ස්ථිර කළේ Callum Hudson-Odoi ඉදිරියට රැගෙන ගිය පන්දුව ගෝලයක් බවට පරිවර්තනය කරමින්.   

අවසන් ලකුණු තත්වය: Brighton & Hove Albion 0 – 2 Chelsea 

ගෝල රැස් කළ ක්‍රීඩකයින්

  • Chelsea – Jorginho 50′ (pen), Willian 76′

රතු කාඩ්පත් මැදින් Tottenham Hotspur ජය කිරුළට

පළමු අර්ධයේ ගෝල ද්විත්වයෙන් Tottenham Hotspur කණ්ඩායම Southampton ගෝල 2-1ක් ලෙස පරාජය කරන්නට සමත් වුනා. Hotspur කණ්ඩායම තරගයේ වැඩි කාලයක් ක්‍රීඩා කළේ එක් ක්‍රීඩකයෙකු පිටියෙන් ඉවත් කර තිබූ පසුබිමක වීම විශේෂත්වයක්.  

24 වැනි මිනිත්තුවේ දී Spurs තරගයේ පෙරමුණ ගත්තේ Ndombeleගේ අනර්ඝ ප්‍රහාරයක් Angus Gunn පසු කරමින් ගෝල රාමුව වෙත ඇදී යාමත් සමඟයි.   

කහ කාඩ්පත් දෙකක් ලැබූ Serge Aurier රතු කාඩ්පතක් ලබා දී පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු තීරණය කළ අතර එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගත් Southampton ක්‍රීඩක Danny Ings, 39 වැනි මිනිත්තුවේ දී සිය කණ්ඩායම වෙනුවෙන් ගෝලයක් වාර්තා කළේ තරගයේ ගෝල සම කරමින්.  

Neymar නැවතත් PSGට ජය කැඳවයි; Man. Unitedට නැවතත් නොසිතූ පරාජයක්

එංගලන්ත Premier League තරගාවලියේ සහ ප්‍රංශ Ligue 1 තරගාවලියේ සයවැනි සතියේ හා ස්පාඤ්ඤයේ La Liga සහ ජර්මානු……

පළමු අර්ධය අවසන් වීමට මිනිත්තු කිහිපයක් තිබිය දී Kane ලකුණු සටහන 2-1ක් බවට පත් කළේ ගෝල රාමුවේ දකුණු පස කෙළවරින් පන්දුව දැල් ගත කරමින්.  

දෙවන අර්ධයේ කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා කරන්නට අසමත් වූ අතර පෙර වරද නිවැරදි කර ගත Spurs ගෝල රකින ක්‍රීඩක Lloris, James Ward-Prowse ගේ හා Maya Yoshidaගේ උත්සාහයන් දෙකක් අලංකාර ලෙස ව්‍යර්ථ කරන්නට සමත් වුනා.  

අවසන් ලකුණු තත්වය: Tottenham Hotspur 2 – 1 Southampton 

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Tottenham Hotspur – Tanguy Ndombele 24′, Harry Kane 43′
  • Southampton – Danny Ings 39′

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<