කෝලිට දඩයක් සමඟින් දඬුවම් ලකුණක්

248

ඉන්දීය කණ්ඩායමේ නායක මෙන්ම දකුණත් පිතිකරුවෙකු වන විරාත් කෝලි හට තරග ගාස්තුවෙන් 25%ක දඩ මුදලක් හා එක් දඬුවම් ලකුණක් ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ (16) තීරණය කළේය.

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර සෙන්චූරියන් හිදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය අතරතුර දී මෙලෙස කෝලි හට දඬුවම් පමුණුවා ඇත.

ක්‍රීඩා සමාජ 14කට පිටිය උපකරණ රැසක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එහි සාමාජිකත්වය ලබාගෙන ඇති ක්‍රීඩා සමාජ 14කට පිටිය උපකරණ..

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඊයේ නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වන අන්දමට ඉන්දීය නායකයාගේ විනය විරෝධී හැසිරීම හේතුවෙන් ඔහුට මෙම දඩ මුදල නියම කර ඇත.

අදාළ සංචාරයේ දෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනයේ (15) දකුණු අප්‍රිකානු දෙවන ඉනිමේ 25 වන පන්දු වාරයේ දී අදාල සිදුවීම සිදුවී ඇති අතර කෝලි විසින් පන්දුව තෙත්වී ඇති බවට පවසමින් පන්දු යවන්නන්ට පන්දු යැවීමට අපහසු බව විනිසුරුවන් වෙත දැනුම් දී තිබේ. එහි දී විනිසුරුවරුන්ගේ ප්‍රතිචාරය සම්බන්ධයෙන් උරණ වූ කෝලි ප්‍රකෝපකාරී ලෙස පන්දුව දමා ගැසීම සිදු කළ ඇත.

පසුව තරඟ තීරක ක්‍රිස් බෝර්ඩ් විසින් ඒ පිළිබදව කෝලිගෙන් කරුණු විමසා ඇති බවත් සඳහන් වේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් නිකුත් කර ඇති නීතිමය සංග්‍රහයේ 2.1.1 යන වගන්තිය අනුව මෙය තරමක් බරපතළ වරදක් වන අතර එම නිසාවෙන් නියම කළ දඩ මුදලට අමතරව එක් දඬුවම් ලකුණක් ද ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත.

ඉන්දීය නායක විරාත් කෝලි මෙම තරගයේ නායකයෙකු ලෙස ටෙස්ට් ලකුණු 150 අවස්ථා 8 වතාවක් ඉක්මවා යමින් ලකුණු 153ක් රැස් කිරීමට සමත්ව ඇත. ඉන්දීය කණ්ඩායම මුල් ඉනිම සඳහා ලකුණු 307කට දැවී ගිය අතර, මුල් ඉනිමේ දී ලකුණු 335ක් රැස් කිරීමට දකුණු අප්‍රිකාව සමත් විය.

දෙරට අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ අවසන් දිනය අද (17) පැවැත්වෙන අතර මේ වන විට මෙම තරගාවලියේ තරග 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකානුවන් සමත්ව සිටියි.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<