2028 දී ඔලිම්පික් වලට ක්‍රිකට් ක්‍රීඩාවත්?

311
2028 Olympics

2028 වසරේ දී ලොස් ඇන්ජලීස්හී දී පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බව ජගත් ක්‍රිකට් කවුන්සලය (ICC) ඊයේ (10) තහවුරු කළා.

එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් ආයතනයේ (England and Wales Cricket Board) සභාපති වන Ian Watmore මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් ද ඒ සඳහා පත්කර තිබෙන බව ICCය පවසා සිටිනවා.

Watmore මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එම කමිටුව සඳහා ICC ස්වාධීන අධ්‍යක්ෂක Indra Nooyi, සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනයේ සභාපති Tavengwa Mukuhlani, ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති Mahinda Vallipuram හා ඇමෙරිකා එක්සත් ජනපද ක්‍රිකට් ආයතනයේ සභාපති Parag Marathe යන පුද්ගලයින් ද එම කමිටුවේ සාමාජිකයින් ලෙස කටයුතු කිරීමට නියමිතයි.

තවත් ක්‍රිකට් පුවත්:

ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ද දැනට මිලියන 30ක පමණ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් පිරිසක් සිටින බැවින් 2028 ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීම සඳහා සුදුසුම තරගාවලියක් වනු ඇති බවයි ICCය පෙන්වා දෙනවා.

මීට පෙර එක් අවස්ථාවක දී පමණක් ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් ක්‍රීඩා උලෙළට ඇතුළත්ව තිබුණා. ඒ, 1900 වසරේ දීයි. බ්‍රිතාන්‍ය හා සත්කාරක ප්‍රංශය යන රටවල් දෙක පමණක් ඒ සඳහා තරග කර තිබුණා.

ලබන වසරේ දී පැවැත්වෙන 2022 බර්මිංහැම් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ සඳහා ද ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට ඇතුළත් කර තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<