මහනුවර අපරාජිතව පළමු වටය නිමා කරයි

107

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ අවසන් සතියේ තරග පසුගියදා ආරම්භ විය. තරගාවලියේ තවත් තරගයක් අද (18) දින මහනුවර ක්‍රීඩා සමාජය සහ හැව්ලොක් ක්‍රීඩා සමාජය අතර කොළඹ හැව්ලොක් පාක් ක්‍රීඩාංගණයේ දී පැවැත්විනි. එම තරගය ලකුණු 22 – 12 ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වූයේ මහනුවර ක්‍රීඩා සමාජයයි. 

යුද – පොලිස් ගැටුමට ජයග්‍රාහකයෙක් නැහැ

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ හත්වැනි සතියේ තරගයක් යුද හමුදා…

මහනුවර ක්‍රීඩා සමාජය මෙම තරගයට පෙර ක්‍රීඩා කළ සියළු තරග ජයග්‍රහණය කරමින් මෙවර තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම බවට පත්ව සිටි අතර ඔවුන් පසුගිය සතියේ දී CH & FC කණ්ඩායම ලකුණු 31 – 13 ක් ලෙස පරාජය කළේය. 

හැව්ලොක් කණ්ඩායම මෙවර තරගාවලියේ ප්‍රබලම කණ්ඩායමක් ලෙස තරගාවලිය ආරම්භ කළ අතර ඔවුන් මුහුණ දුන් තරග 6 න් 5 කම ජයග්‍රහණය ඔවුන් සතුවිය. මෙවර තරගාවලියේ ප්‍රබලම පරාජය සටහන් කරමින් ඔවුන් පොලිස් කණ්ඩායම හමුවේ ලකුණු 36 – 24 ක් ලෙස පරාජය විය. හැව්ලොක් කණ්ඩායම පසුගිය සතියේ දී CR & FC කණ්ඩායම සමඟින් ක්‍රීඩා කළ අතර ඔවුන් එම තරගය ජයග්‍රහණය කළේ ලකුණු 30 – 22 ක් ලෙසිනි. 

තරගයේ මුල් මිනිත්තුව ගත වීමටත් පෙර තම පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට මහනුවර කණ්ඩායම සමත් විය. එම උත්සාහක දිනුම වාර්තා කිරීමට බුද්ධිම පියරත්න සමත් වූයේ බුවනෙක උඩංගමුව යොමු කළ පන්දුව සාර්ථකව උත්සාහක දිනුමක් බවට පත්කරමිනි. එහි ප්‍රවර්ථනය අසාර්ථක වුවද මහනුවර කණ්ඩායම තරගයේ පෙරමුණ ගැනීමට සමත් විය. (මහනුවර 05 – 00 හැව්ලොක්) 

තරගයේ 6 වන මිනිත්තුවේ දී ප්‍රබල ආක්‍රමණයක් දියත් කරමින් මහනුවර කණ්ඩායම හැව්ලොක් සීමා ඉර ආක්‍රමණය කළ අතර ප්‍රබල scrum අවස්ථාවක් උපයෝගී කර ගනිමින් තරගයේ දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට මහනුවර කණ්ඩායම සමත් විය. එය බුවනෙක උඩංගමුව විසින් වාර්තා කළේය. එහි ප්‍රවර්ථනය සාර්ථක කර ගැනීමට තරින්ද ‍රත්වත්තේ සමත් විය. (මහනුවර 12 – 00 හැව්ලොක්) 

හැව්ලොක් කණ්ඩායම මහනුවර සීමා ඉර ආක්‍රමණය කරමින් තරගයට අවතීර්ණ වීමට උත්සාහයන් කිහිපයක් ලබා ගත් නමුත් ප්‍රබල මහනුවර ඉදිරිපෙළ හමුවේ එම උත්සාහයන් ව්‍යර්ථ විය. තරගයේ මුල් මිනිත්තු කිහිපය තුළ මහනුවර කණ්ඩායම ප්‍රබල පන්දු හුවමාරු කිහිපයක් සිදු කරමින් හැව්ලොක් කණ්ඩායමට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමට සමත් වුවද හැව්ලොක් කණ්ඩායම ද ක්‍රමයෙන් තරගයට අවතීර්ණ වන ආකාරයක් දක්නට ලැබිනි. 

හැව්ලොක් කණ්ඩායම ක්‍රමයෙන් මහනුවර සීමා ඉර ආක්‍රමණය කළ ද ඔවුන්ගේ පන්දු හැසිරවීම් වල සිදුවූ අඩුපාඩු නිසාවෙන් මහනුවර කණ්ඩායමට යම් වාසියක් ගෙන දීමට සමත් විය. 

මහනුවර කණ්ඩායමේ scrum අවස්ථාවකින් පන්දුව සොරා ගත් හැව්ලොක් කණ්ඩායම තම පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. ඒ තරගයේ 26 වන මිනිත්තුවේ දීය. එම උත්සාහක දිනුම කෙශාන් කාවින්ද විසින් වාර්තා කළ අතර එහි ප්‍රවර්ථනය සාර්ථක වූයේ නැත. (මහනුවර 12 – 05 හැව්ලොක්) 

තරගයේ මුල් මිනිත්තු කිහිපයට වඩා වැඩි තරගකාරී බවක් 20 වන මිනිත්තුවෙන් පසුව දිස්වූ අතර හැව්ලොක් කණ්ඩායම ප්‍රබල ක්‍රීඩා රටාවක් දියත් කරමින් මහනුවර කණ්ඩායමට දැඩි ආක්‍රමණයක් එල්ල කිරීමට සමත් විය. තරගයේ පළමු අර්ධය අවසන් වීමට පෙර හැව්ලොක් කණ්ඩායම මනා ලෙස තරගයට අවතීර්ණ වී සිටියහ. 

“අත්දැකීම් බහුල” CR “නවක” හැව්ලොක් ගෙන් බැටකයි!

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ හයවැනි සතියේ තවත් තරගයක්…

පළමු අර්ධය : මහනුවර ක්‍රීඩා සමාජය 12 – 05 හැව්ලොක් ක්‍රීඩා සමාජය 

දෙවන අර්ධය ආරම්භයේ දීම offside අවස්ථාවක් උපයෝගී කර ගනිමින් මහනුවර කණ්ඩායම දඬුවම් පහරක් ලබා ගත් අතර එය සාර්ථක කර ගනිමින් මහනුවර ලකුණු පුවරුව ලකුණු 15 ක් බවට පත්කිරීමට තරින්ද ‍රත්වත්තේ සමත් විය. (මහනුවර 15 – 05 හැව්ලොක්) 

දෙවන අර්ධයේ දී හැව්ලොක් කණ්ඩායමට ලැබුනු lineout අවස්ථාවන් කිහිපයක්ම මහනුවර කණ්ඩායම විසින් දිනා ගැනීම කැපී පෙනිනි. 

හැව්ලොක් කණ්ඩායම එල්ල කළ ප්‍රබල ආක්‍රමණයන් හමුවේ තම තුන්වන උත්සාහක දිනුම වාර්තා කිරීමට මහනුවර කණ්ඩායම සමත් වූයේ තරගයේ 51 වන මිනිත්තුවේ දීය. එම උත්සාහක දිනුම කවිඳු පෙරේරා විසින් වාර්තා කළ අතර එහි ප්‍රවර්ථනය සාර්ථක කර ගනිමින් මහනුවර ලකුණු තත්ත්වය ලකුණු 22 දක්වා ඉහළ දැමීමට තරින්ද ‍රත්වත්තේ සමත් විය. (මහනුවර 22 – 05 හැව්ලොක්) 

දෙවන අර්ධයේ දීද හැව්ලොක් කණ්ඩායමට ලකුණු ලබා ගැනීම සඳහා ප්‍රබල අවස්ථාවන් කිහිපයක් හිමි වූ නමුත් ඔවුන්ගේ අඩුපාඩු එම උත්සාහයන් ව්‍යර්ථ කිරීමට සමත් විය. මේ අතර මහනුවර කණ්ඩායම තම scrum අවස්ථාවන් උපක්‍රමශීලී ලෙස යොදා ගනිමින් ක්‍රීඩා කරනු දක්නට ලැබිනි. 

හැව්ලොක් කණ්ඩායම මෙම තරගයේ දී තීරණාත්මක lineout අවස්ථාවන් කිහිපයක්ම පරාජය වීම ඔවුන්ට දැඩි අවාසියක් විය. 

මහනුවර ඉදිරිපෙළ හමුවේ තරගයේ 63 වන මිනිත්තුවේ දී හැව්ලොක් කණ්ඩායමේ දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට ශව්කට් ලාහීර් සමත් විය. එහි ප්‍රවර්ථනය සංදේශ් ජයවික්‍රම විසින් සාර්ථක කර ගනිමින් හැව්ලොක් ලකුණු තත්ත්වය ලකුණු 12 බවට පත්කළේය. (මහනුවර 22 – 12 හැව්ලොක්) 

තරගයේ 69 වන මිනිත්තුව වන විට මහනුවර කණ්ඩායම තරගයේ පාලනය ලබා ගැනීමට සමත්ව සිටි අතර හැව්ලොක් ඉදිරිපෙළට දැඩි පීඩනයක් එල්ල කරමින් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට ද උත්සාහ කළේය. මහනුවර ඉදිරිපෙළ සහ පසුපෙළ ක්‍රීඩකයන් තම අත්දැකීම් මනාව භාවිතා කරමින් ප්‍රබල ක්‍රීඩා රටාවකට අවතීර්ණව සිටියහ. 

තරගයේ අවසන් මිනිත්තු කිහිපය තුළ මහනුවර කණ්ඩායම තම ග්‍රහණය තවත් දැඩි කරමින් හැව්ලොක් කණ්ඩායමට ලකුණු ලබා ගැනීමේ සියළු අවස්ථාවන් ව්‍යර්ථ කිරීමට සමත් විය. මහනුවර කණ්ඩායමේ ප්‍රබල ඉදිරිපෙළ සහ වේගවත් පසුපෙළ හමුවේ හැව්ලොක් කණ්ඩායමට තරගයේ ග්‍රහණය ලබා ගැනීමට නොහැකි විය.  

දෙවන අර්ධය: මහනුවර ක්‍රීඩා සමාජය 22 – 12 හැව්ලොක් ක්‍රීඩා සමාජය 

තරගය තුළ දැක්වූ ප්‍රබල ඉදිරිපෙළ දක්ෂතා සහ උත්සාහක දිනුමක් වාර්තා කිරීම වෙනුවෙන් තරගයේ වීරයා සම්මානය හිමි වූයේ මහනුවර ක්‍රීඩා සමාජයේ බුවනෙක උඩංගමුව හටය. 

විද්‍යා විදුහලට විදේශ බලවේගයක්!

එළඹෙන පාසල් තරග වාරයේ දී ගල්කිස්ස විද්‍යා විදුහලට නව ශක්තියක් වෙමින් කෙටි කාලීන…

ලකුණු රැස්කළ ක්‍රීඩකයන්: 

  • මහනුවර ක්‍රීඩා සමාජය – බුද්ධිම පියරත්න (1T), බුවනෙක උඩංගමුව (1T), කවිඳු පෙරේරා (1T), තරින්ද ‍රත්වත්තේ (2C,1P) 
  • හැව්ලොක් ක්‍රීඩා සමාජය – කෙශාන් කාවින්ද (1T), ශව්කට් ලාහීර් (1T), සංදේශ් ජයවික්‍රම (1C) 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<