Kohli සහ Rohit ස්ථාන රැක ගනීද්දී තුන් ඉරියව්වෙන් වනිඳු ඉහළට

8940
Virat Kohli

දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවති එක්දින තරගාවලියේ දී දැක්වූ දස්කම් නිසාවෙන් නවතම එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානයේ සිටිමින් සිය ස්ථානය රැක ගැනීමට හිටපු ඉන්දීය නායක Virat Kohliට හැකිව තිබෙනවා.

Kohli පසුගිය ශ්‍රේණිගත කිරීමේ ද දෙවැනි ස්ථානයේ පසු වූ අතර ඔහුව එක්දින නායකත්වයෙන් ඉවත් කළ පසු සහභාගී වූ පළමු එක්දින තරගාවලිය වූ දකුණු අප්‍රිකානු තරගාවලියේ දී අර්ධ ශතක දෙකක් සමඟ ලකුණු 116ක් ලබා ගැනීමට සමත් වුනා.

ඔහුට අමතරව එම වර්ගීකරණයේ සිටි අනෙකුත් ඉන්දීය ක්‍රීඩකයා වූ Rohit Sharma ආබාධයක් නිසාවෙන් දකුණු අප්‍රිකානු තරගාවලිය ක්‍රීඩා නොකළත්, ප්‍රසාද ලකුණු 801ක් සමඟින් ශ්‍රේණිගත කිරීමේ තෙවැනි ස්ථානය ආරක්ෂා කර ගැනීමට සමත්ව තිබෙනවා.

 Image Courtesy: ICC

ඉන්දියා – දකුණු අප්‍රිකානු තරගාවලියේ දී Kohli දෙවතාවක් දවා ගනිමින් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ Keshav Maharaj පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ 33 වැනි ස්ථානය දක්වා ස්ථාන 18ක් ඉදිරියට පැමිණ ඇති අතර එම ශ්‍රේණිගත කිරීමේ පළමු සහ දෙවැනි ස්ථාන පිළිවෙළින් Trent Boult සහ Josh Hazlewood විසින් හිමිකරගෙන තිබෙනවා.

එමෙන්ම එම තරගාවලියේ දී පන්දු යැවීමෙන් කඩුලු 6ක් දවා ගත් තුන් ඉරියව් ක්‍රීඩක Andile Phehlukwayo තුන් ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීමේ 15 වැනි ස්ථානය දක්වා ඉහළට ඒමට ද සමත්ව තිබෙනවා.

නවතම විස්සයි විස්ස තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීමේ පස්වැනි තැන දක්වා ස්ථාන හතරක් ඉහළට පැමිණීමට එංගලන්ත ක්‍රීඩක Moeen Aliට හැකිව තිබූ අතර ඇෆ්ගනිස්තාන ක්‍රීඩක Mohammad Nabi පෙරමුණේ පසුවන එම ශ්‍රේණිගත කිරීමේ ප්‍රසාද ලකුණු 173ක් ලබා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග හතරවැනි තැන දක්වා ඉහළට පැමිණ තිබීම විශේෂත්වයක්.

 Image Courtesy: ICC

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති තරගාවලියේ දී අසාර්ථක වීම නිසාවෙන් එංගලන්ත ක්‍රීඩක Dawid Malan හට විස්සයි විස්ස පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ පළමුවැනි ස්ථානයේ සිට ස්ථාන තුනක් පහළට පැමිණ ඇති අතර එහි පෙරමුණ හිමිව ඇත්තේ ලකුණු 804ක් ලබා ගත් Babar Azam හටයි.

බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ පැවති තරගාවලියේ දස්කම් දැක්වූ එංගලන්ත ක්‍රීඩක Adil Rashid විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ තෙවැනි තැනට පැමිණ ඇති අතර සුපුරුදු පරිදි එහි පෙරමුණ ලකුණු 797ක් ලබා ගත් වනිඳු හසරංගට හිමිව තිබෙනවා.

Times of India ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<