සෙරන්ඩිබ් පරදවමින් පොලීසිය පළමු කාණ්ඩයේ ශුරතාවය දිනයි

308

මාවනැල්ල සෙරන්ඩිබ් ක්‍රීඩා සමාජය ගෝල 2-1ක් ලෙස පරාජය කළ පොලිස් ක්‍රීඩා සමාජය 2018 ප්‍රිමියර් ලීග් පළමු කාණ්ඩයේ පාපන්දු ශූරතාවලියේ ශූරයින් ලෙස අභිෂේක ලබන්නට සමත් විය. අවසන් මහා තරගය ඊයේ (18) පැවැත්වුණේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දීයි.

ශ්‍රී ලංකා ගෝල රකින්නිය පරාජයේ සැර බාලකරයි

SAFF කාන්තා පාපන්දු තරගාවලියේ B කාණ්ඩයට අදාලව ඉන්දියාව සමඟින් පැවති තරගයේ දී, ශ්‍රී ලංකාවට අත්වන්නට ගිය දැවැන්ත පරාජය, ගෝල රකින ක්‍රීඩිකා අයෝමි විජේරත්නගේ දක්ෂතා නිසා…

ඒ අනුව පළමු කාණ්ඩයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ පොලිස් ක්‍රීඩා සමාජය හා සෙරන්ඩිබ් ක්‍රීඩා සමාජය 2019 ඩයලොග් ශූරයින්ගේ ලීග් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ද සමත් විය.

පොලිස් කණ්ඩායමට වාසනාවන්ත ආරම්භයක් ලබා දෙමින් ඔවුන්ට දෙවන මිනිත්තුවේ දී දඬුවම් පහරක් හිමි වූයේ රිෆ්කාන් මොහොමඩ් හට ප්‍රතිවාදී ක්‍රීඩකයෙකු අනවශ්‍ය බාධා කිරීමක් සිදු කළ නිසාවෙනි. චතුර ගුණරත්න සාර්ථක ලෙස එම අවස්ථාවෙන් ගෝලයක් රැස් කළේ තරගයේ පළමු භාගයේ දී ම පීඩනය සෙරන්ඩිබ් කණ්ඩායම දෙසට හරවමිනි.

කණ්ඩායම් දෙකම ඉතා වේගවත් ක්‍රීඩා රටාවක නිරත වූ අතර පොලිස් ක්‍රීඩකයෝ ක්‍රමයෙන් තරගයේ ග්‍රහණය සියතට ගත්තේ අලංකාර පන්දු යොමු කිරීම් සමඟිනි.

රියාස් අහමඩ්, සම්පත් පතිරණ ලබා ගත් කෝනර් අවස්ථාවක් සිය හිසෙන් ගෝල රාමුව වෙත යොමු කරමින් දෙවන පොලිස් ගෝලයත් රැස් කළේ තරගය සම්පූර්ණයෙන්ම පොලිස් කණ්ඩායම දෙසට හරවමිනි.

SAFF කාන්තා ශූරතාවලියට එක්වුණු ශ්‍රී ලංකා සංචිතය

නේපාලයේ පැවැත්වෙන 2019 SAFF කාන්තා පාපන්දු ශූරතාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් නම් කර තිබුණි. මාලදිවයින ගෝල 2-0ක් ලෙස පරාජය කළ…

ගෝල දෙකක පොලිස් වාසියට අභියෝග කළ සෙරන්ඩිබ් ක්‍රීඩකයෝ එවන්ස් අසන්ටේ හා මොහොමඩ් ශේරෝන් මගින් දිගින් දිගටම ආක්‍රමණයේ යෙදුනත් අවසන් මොහොතේ ඔවුන්ගේ උත්සාහයන් ව්‍යර්ථ කර දමන්නට පොලිස් ගෝල රකින ක්‍රීඩක මහේන්ද්‍රන් දිනේෂ් සමත් විය.

පළමු අර්ධය නිමාවට මොහොතකට පෙර අහමඩ් හට තවත් අවස්ථාවක් හිමි වූයේ පොලිස් ක්‍රීඩා සමාජයට පහසු ජයක් හිමි කර දීමට ඉඩ සලසමිනි. කෙසේ වෙතත් සෙරන්ඩිබ් ගෝල රකින ක්‍රීඩක යුගදේස්වරන් අමල්රාජ්ගේ අතපසුවීමෙන් ප්‍රයෝජන ගැනීමට ඔහුට හැකියාවක් ලැබුණේ නැත.

පළමු අර්ධය: පොලිස් ක්‍රීඩා සමාජය 02 – 00 සෙරන්ඩිබ් ක්‍රීඩා සමාජය

දෙවන අර්ධයේ ආරම්භයේ දී ම මහේන්ද්‍රන් දිනේෂ් සුපිරි ගෝල රැකීමක නිරත වූයේ අසන්ටේ එවන්ස්ගේ හිසෙන් පන්දු යොමු කිරීමක් රැක ගනිමිනි.

අනතුරුව එවන්ස් ගෝල චතුරශ්‍රය තුළ බිම හෙලීම නිසා සෙරන්ඩිබ් කණ්ඩායම වෙත දඬුවම් පහරක් ලබා දීමට විනිසුරු තීරණය කළේ සෙරන්ඩිබ් කණ්ඩායමට අස්වැසිල්ලක් වෙමිනි. එවන්ස් පහසුවෙන් එම අවස්ථාව සාර්ථක කර ගත්තේ සිය කණ්ඩායමට ගෝලයක් ගෙන එමිනි.

පොලිස් කණ්ඩායම දිගින් දිගටම ආරක්ෂක ක්‍රීඩා විලාසයක අනුගමනය කළ අතර සෙරන්ඩිබ් කණ්ඩායම ආක්‍රමණයේ යෙදුණේ තවත් ගෝලයක් සොයමිනි.

චලනිගේ ගෝල ද්විත්වයෙන් ශ්‍රී ලංකාව ගොඩයයි

මාලදිවයින ගෝල 2-0ක් ලෙස පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ 5 වන SAFF කාන්තා ශූරතාවලියේ අවසන් පූර්ව වටයට පිවිසෙන්නට සමත් විය. ඒ තරගය B කාණ්ඩයේ තරගයක් ලෙස නේපාලයේ…

අවසන් මිනිත්තු විස්සේ දී තරගය ඉතා උණුසුම් වූ අතර එවන්ස්ගේ දැඩි මහන්සිය අපතේ යවමින් මොහොමඩ් ශේරෝන් හට ගෝල රාමුව ඉදිරියේ දී ම ආසන්න අවස්ථාවක් මග හැරුණේ අවාසනාවන්ත ලෙසයි.

ඒ සමඟම සිය දෙවන කහ කාඩ්පතත් ලබා ගැනීම නිසා සෙරන්ඩිබ් ක්‍රීඩා සමාජයේ හේමන්ත බණ්ඩාරගොඩ හට පිටියෙන් ඉවත් වීමට සිදු වූ අතර ඔහුත් සමඟම සෙරන්ඩිබ් බලාපොරොත්තු ද පිටියෙන් ඉවත්ව ගියේ තරගයේ ජය පොලිස් ක්‍රීඩා සමාජයට හිමි කර දෙමිනි.

අවසන් ලකුණු තත්වය: පොලිස් ක්‍රීඩා සමාජය 02 – 01 සෙරන්ඩිබ් ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා – Asante Evans (සෙරන්ඩිබ්)

සම්මාන ලාභීන්

  • රන් පාවහන (සුපිරි හය වටයේ වැඩිම ගෝල ලාභියා) – මොහොමඩ් අනාස් (නිව් ස්ටාර්)
  • රන් අත්වැසුම  (අවසන් මහා තරගයේ හොඳම ගෝල රකින්නා) – මහේන්ද්‍රන් දිනේෂ්  (පොලිස් ක්‍රීඩා සමාජය)
  • රන් පාපන්දුව  (අවසන් තරගයේ හොඳම ක්‍රීඩකයා) – එම්. ජේ. ආර් මොහොමඩ්  (පොලිස් ක්‍රීඩා සමාජය

ගෝල ලාභියෝ

  • පොලිස් ක්‍රීඩා සමාජය – චතුර ගුණරත්න 2’, රියාස් අහමඩ් 19’
  • සෙරන්ඩිබ් ක්‍රීඩා සමාජය – එවන්ස් අසාන්ටේ 54’

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<