T20 තරගාවලියේ විස්තර විචාරකයින් සහ නිල විකාශන ආයතන

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

424
ICC Men’s T20 World Cup 2021

වසර පහක දිගු විවේකයකින් පසුව හෙට (17) එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕමානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත පන්දුවාර විස්ස ලෝක කුසලානය ආරම්භ වීමට තවත් ඉතිරිව ඇත්තේ එක් දිනක් පමණයි.

ලොව පුරා ක්‍රිකට් රසිකයන් නොඉවසිල්ලෙන් බලා සිටින මෙවර ලෝක කුසලානයේ උද්යෝගය වැඩි කරන නිල විස්තර විචාරකයන් පිළිබඳව සහ ලෝක කුසලානය ලොව පුරා බෙදා හරින මාධ්‍යය ආයතන පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් නිවේදනය කර තිබුණා.

මෙවර තරගාවලිය සඳහා එක්වන විස්තර විචාරකයන් අතරට හිටපු කොදෙව් නායක Daren Sammy, දකුණු අප්‍රිකානු වේගපන්දු යවන ක්‍රීඩක Dale Steyn සහ හිටපු ඕස්ට්‍රේලියානු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක Shane Watson ඇතුළත්ව තිබීම කැපී පෙනුණා.

ඔවුන්ට අමතරව තරගාවලිය කට හඬින් හැඩ කිරීම සඳහා Nasser Hussain, Harsha Bhogle, Ian Bishop, Natalie Germanos, Sunil Gavaskar, Michael Atherton and Simon Doull, Russel Arnold, Anjum Chopra, Murali Kartik, Athar Ali Khan, Bazid Khan, Mpumelelo Mbangwa, Preston Mommsen, Danny Morrison, Mark Nicholas, Niall O’Brien සහ Alan Wilkins යන විස්තර විචාරකයින් එක්කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

මීට අමතරව ලෝක කුසලාන තරගාවලිය ලොව පුරා ප්‍රේක්ෂකයන්ට දැක බලා ගැනීමට හැකියාව ලැබෙන තරගාවලියේ නිල විකාශන ආයතන පිළිබඳව ද ICC විසින් දැනුවත් කර තිබුණා.

රූපවාහිනී විකාශන අයිතිය ලබා ගත් නාලිකා,

ගුවන්විදුලි විකාශන අයිතිය ලබා ගත් නාලිකා,

ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ සියලුම තොරතුරු එසැණින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

ICC ඇසුරෙනි

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<