රටවල් 104කට ජාත්‍යන්තර විස්සයි විස්ස මට්ටම

609
DStv

ඉන්දියාවේ කොල්කටා හී පැවති අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ රැස්වීම් මාලාවෙන් අනතුරුව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විධායක මණ්ඩලය ICC විසින් සියලු සාමාජික රටවල් සඳහා විස්සයි විස්ස ජාත්‍යන්තර තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබා දීමට තීරණය කර තිබෙනවා.

වසර 10කට පසු කොදෙව් දූපත් යන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය (අපේක්ෂිත)

ශ්‍රී ලංකා කණ්ඩයම දීර්ඝ විවේකයකින් අනතුරුව එළඹෙන ජුනි මාසයේ දී ටෙස්ට් තරග තුනක් සඳහා …

මේ පිළිබඳ දැනුවත් කිරීමේ මධ්‍ය නිවේදනයක් ඊයේ (26) අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ අතර සාමාජික රටවල් ද ඇතුලත් කරගෙන ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ පද්ධතියක් ආරම්භ කිරීමේ සූදානම පිළිබඳව ද එම මධ්‍ය නිවේදනයෙන් කරුණු දක්වා තිබුණි.

පිරිමි හා කාන්තා සියලු ක්‍රිකට් තරග සඳහා මෙම ජාත්‍යන්තර විස්සයි විස්ස තරග තත්වය හිමිවන අතර විස්සයි විස්ස ආකෘතිය යොදාගෙන ක්‍රිකට් ක්‍රීඩාව ලොව පුරා ප්‍රචලිත කිරීමට ගෙන යන වෑයමක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙනස්කම් හුවා දක්වන අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කරන්නේ සියලු සාමාජික රටවලට දරාගත හැකි පරිදි, විස්සයි විස්ස ජාත්‍යන්තර තරග සඳහා තිබිය යුතු අවම ගුණාත්මක තත්වයන් සාධාරණ පරිදි වෙනස් කිරීමට තීරණය කර ඇති බවයි.

ලෝක කුසලානයේ කාලසටහන නිකුත් වේ

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 12 වැනි වරටත් පවත්වනු ලබන 2019 ලෝක කුසලාන ක්‍රිකට් …

මේ අනුව සාමාජික රටවල් 104කට ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් හිමිවන අතර කාන්තා කණ්ඩයම් සඳහා 2018 ජූලි මස පළමු වැනිදා සිටත්, පිරිමි කණ්ඩයම් හට 2019 ජනවාරි පළමු වැනිදා සිටත් ජාත්‍යන්තර වරම් හිමි වේ. ICC විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී විය හැකි අවම ශ්‍රේණිගත කිරීම් හා ලකුණු පටිපාටිය කාන්තා කණ්ඩායම් සඳහා 2018 ඔක්තෝබර් මස හා පිරිමි කණ්ඩයම් සඳහා 2019 මැයි මාසයේදීත් එළිදැක්වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<