T20 කුසලානය කල් යන කතාවට ICCයෙන් උත්තර

84

එළඹෙන ඔක්තෝබර් මාසයේ දී පැවැත්වීමට සූදානම් කර තිබූ ICC පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර පවතින බවත්, එය කල් දැමීමේ තීරණයක් පිළිබඳ පලවන වාර්තා අසත්‍ය බවත් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසා සිටියි.

හෝමාගම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ “ජාත්‍යන්තර” කෑල්ල හැලෙයි

“පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය කල් දැමීම සම්බන්ධයෙන් විවිධ වාර්තා පල වී තිබෙන නමුත්, ICC විසින් ඒ පිළිබඳව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැත. දැනට පවතින තත්වය අනුව ICC විසින් පෙර සැලසුම් කර පරිදිම තරගාවලිය සංවිධානය කරන්නට අපේක්ෂාවෙන් පසුවන අතර සෑමදෙනාගේම ආරක්ෂාව සම්බන්ධයෙන් ද සලකා බලා තරගාවලිය පැවැත්වීමට හැකි සියලු අවස්ථා සම්බන්ධයෙන් අප සලකා බැලීම සිදු කරනු ඇත” යැයි ICCය එම මාධ්‍ය නිවේදනයේ සඳහන් කර තිබුණි.

Covid-19 වසංගත තත්වය නිසා මුළු ලෝකයම අකර්මණ්‍ය වී යාම නිසාවෙන් ක්‍රිකට් ක්‍රීඩාවට ද දැඩි බලපෑමක් එල්ල වූ අතර ඒ නිසාවෙන් තරගාවලි රැසක් දින නියමයක් නොමැතිව කල් දැමීමට තරග සංවිධායකයින් හට සිදු විය. කෙසේ නමුත් 2020 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහා අද (28) ICC විධායක කමිටුව රැස් වනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මිලියන 15ක තෑග්ගක්

එසේම 2020 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යම් හෙයකින් නොපැවැත්වුනහොත් 2021 වසරේ දී ද පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් ඉන්දියාවේ පවත්වන බව ICCය එහි දී සඳහන් කර සිටියා. 

කොරෝනා වයිරසය පාලනය කිරීම අතින් ඕස්ට්‍රේලියාව ද ඉතාමත් හොඳ මට්ටමක සාර්ථකත්වයක් ලබාගෙන තිබෙන නමුත් වයිරසයේ පැතිරීම නිසියාකාරවම හඳුනා ගැනීමට නොහැකි නිසා රටවල් 16ක ක්‍රීඩකයින් සහ නිලධාරීන් සමඟ ලෝක මට්ටමේ තරග ඉසව්වක් පැවැත්වීම යම් අවදානමක් තිබෙන බව ද ICCය සිය මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<