එංගලන්තයට ක්‍රීඩා කිරීමේ විනෝදය “යළි” ඇති කරන ස්ටෝක්ස්

886

එංගලන්ත ක්‍රිකට් නායක බෙන් ස්ටෝක්ස් පවසන පරිදි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ “විනෝදය” යළි රැගෙන ආ යුතු වනවා. නවසීලන්තයට එරෙහි පසුගිය ටෙස්ට් තරග ජයග්‍රහණයෙන් පසුව ඔවුන්ගේ ජයග්‍රහණ පිපාසය සංසිඳුනා.

ටෙස්ට් තරග 17ක් තුළ එක් ජයග්‍රහණයක් පමණක් ලබා සිටි ඔවුන් නව නායකයා සමඟ යළි විනෝදයෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට පටන් ගනු ඇති බව නායක ස්ටෝක්ස්ගේ විශ්වාසයයි.

අපට මේක විඳින්න බැරි නම්, මම ඇත්තටම දන්නෙ නෑ අපට විඳින්න මොනවද පුළුවන් කියලා”, ස්ටෝක්ස් BBC හමුවේ එසේ පැවසුවා.

ප්‍රතිඵලයි අරවයි මේවයි ඒවා විසින්ම බලාගනීවී. අපි ඇත්තටම බලමු අපට පුළුවන් විදියට ක්‍රීඩාව හොඳටම රස විඳින්න පුළුවන් ද කියලා. ඒ හැමදේම අපෙන් ඈතට යන දවසක් තියේවි”, ඔහු පැවසුවා. අප දන්නා බෙන් ස්ටෝක්ස් ඔහුගේ හදවතින් ක්‍රීඩා කරන, හදවතින් අදහස් ප්‍රකාශ කරන්නෙක්.

අන්තිම සති දෙකේ දී මට හොයාගන්න ලැබුණු හොඳම දෙයක් තමයි ඒක කොච්චර විනෝදයක් ද කියන එක”, ස්ටෝක්ස් ක්‍රීඩාව ගැන පැවසුවේ එලෙසයි.

සමහර විට ජාත්‍යන්තර ක්‍රීඩකයෙකුට තියෙන පීඩනය තමයි, සතියෙන් සතිය දස්කම් අතර ඉන්න එක. ඒක අභියෝගයක් වෙන්න පුළුවන්”, විනෝදයෙන් ක්‍රීඩා කිරීමේ වැදගත්කම වශයෙන් ස්ටෝක්ස් හඳුනා ගෙන තිබෙන්නේ එයයි.

දවස අවසානයේ දී, ඔබ ඔබේ රට නියෝජනය කරන කොට, පළමු කොටම බලන්න ඕන කාරණය තමයි ඔබ ඔබට පුළුවන් උපරිමයෙන් එය විඳිනවා ද කියන එක”, ස්ටෝක්ස් පැවසුවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<