ටෙස්ට් ක්‍රිකට් පිටියේ නවකයින් තිදෙනා

611

ක්‍රිකට් ලෝකය අයර්ලන්තය සහ ඇෆ්ගනිස්ථානය ටෙස්ට් තරග සඳහා පිළිගැනීමට සූදානමෙන් සිටින මේ මොහොතේ ටෙස්ට් තරග සඳහා අලුතින්ම එක්වූ රටවල් තුන ක්‍රීඩා කරනු ලැබූ පළමු ටෙස්ට් තරග දෙස අපි හැරී බලමු.

ශ්‍රී ලංකාව, 1982

1981 වසරේ ජූලි මාසයේ දී ටෙස්ට් වරම් දිනූ 8 වන රට බවට පත්වූ ශ්‍රී ලංකාව ඉන් මාස 07කට පසුව සිය පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කරනු ලැබීය.

තරගය

ශ්‍රී ලංකාව සහ එංගලන්තය

පී. සරවනමුත්තු ක්‍රීඩාංගණය, කොළඹ

1982 පෙබරවාරි 17-21

ප්‍රතිඵලය: එංගලන්තයට කඩුලු 7ක ජයග්‍රහණයක්

තරගයේ වීරයා: ජෝන් එම්බුරේ (එංගලන්තය)

පළමු තරගය

වසර ගණනාවක් සම්පූර්ණ සාමාජිකත්වය අපේක්‍ෂාවෙන් සිටි ශ්‍රී ලංකාවට දිවයින තුළ පළමු ක්‍රිකට් සමාජය ආරම්භ කර වසර 150ක් වැනි දීර්ඝ කාලයකින් අනතුරුව, ප්‍රබල එංගලන්ත කණ්ඩායමට එරෙහිව ටෙස්ට් වරම් පිරිනැමුණු අතර එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරුවේ බන්දුල වර්ණපුර විසිනි.

එහි දී කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර අනතුරුව එංගලන්ත නායක බොබ් විලීස් යොමු කළ පන්දුවක් හමුවේ ඩේවිඩ් ගෝවර් වෙත උඩ පන්දුවක් ලබා දෙමින් වර්ණපුර දැවී ගියේ ශ්‍රී ලංකාවේ ටෙස්ට් තරග ඉතිහාසයේ දැවී ගිය පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වෙමිනි.

පසුව ටෙස්ට් කඩුලු 1,000කට වැඩි ප්‍රමාණයකට හිමිකම් කියූ විලීස්, ඉයන් බොතම් සහ ඩෙරෙක් අන්ඩර්වුඩ් යන ක්‍රීඩකයින්ගෙන් සමන්විත වූ ප්‍රබල එංගලන්ත පන්දු යැවීමේ බලඇණිය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 218ක් වාර්තා කර ගැනීමට සමත් විය. එහි දී රංජන් මඩුගල්ලේ සහ අර්ජුණ රණතුංග සිය මංගල ටෙස්ට් අර්ධ ශතක වාර්තා කර ගනිමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළේ පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 99ක සබඳතාවක් ද එක් කරමිනි.

“ඔබ පරිවර්තනය නොවන්නේ නම්, ඔබ අස්ථාවරයි” – මහේල ජයවර්ධන

ප්‍රමුඛ IPL ක්‍රිකට් කණ්ඩායමක් වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු මහේල ජයවර්ධන,…..

එංගලන්ත පළමු ඉනිම අවසන් වන විට ශ්‍රී ලංකාව ඉතා හොඳ තත්වයක පසු විය. ඉන්පසුව ‘Commonwealth Nations Bridge Championship’ තරගාවලිය සඳහා ද ශ්‍රී ලංකාව නියෝජනය කළ වේගපන්දු යවන ක්‍රීඩක අශාන්ත ද මැල් එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුලු ද්විත්වය දවා ගන්නට සමත් වූ අතර ඔවුන්ගේ පළමු ඉනිම අවසානයේ ඔවුන්ට ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් රැඳෙන්නට හැකි වූයේ ලකුණු 05ක් වැනි ඉතා සුළු සංඛ්‍යාවකින් පමණි.

ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ සිහිනය විනාශ වී යන ආකාරයක් දිස්විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 7 ලකුණු 08ක් තුළ බිඳ වැටුණු අතර එහි දී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ජෝන් එම්බුරේ ලකුණු 33කට කඩුලු 6ක් දවා ගැනීමට සමත් විය. අනතුරුව එංගලන්ත පිතිකරුවන් දැඩි අපහසුතාවයකින් තොරව ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබූ ලකුණු 171ක ඉලක්කය සාර්ථකව හඹා යමින් තරගය ජයග්‍රහණය කරන්නට සමත් විය.

පළමු ජයග්‍රහණය

අනෙක් රටවල් හා සංසන්දනය කරන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ටෙස්ට් ජයග්‍රහණය අනෙක් රටවල්වලට වඩා ඉක්මනින් හිමිකර ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් විය. 1985 වසරේ සැප්තැම්බර් මාසයේ කොළඹ දී ඉන්දියාවට එරෙහිව පැවති ශ්‍රී ලංකා කණ්ඩායමේ 14 වැනි ටෙස්ට් තරගයේ දී දුලීප් මෙන්ඩිස්ගේ නායකත්වය යටතේ ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගය ලකුණු 149කින් ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාවට සිය පළමු ටෙස්ට් ජයග්‍රහණය හිමි කර දෙන්නට සමත් විය.

ශතකයක් වාර්තා කර ගනිමින් ප්‍රතිවාදී කඩුලු 9ක් සඳහා දායකත්වය ලබා දුන් කඩුලු රකින ක්‍රීඩක ආරම්භක පිතිකරු අමල් සිල්වා තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ අතර එහි දී ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් ද කැපී පෙනෙන දස්කම් ප්‍රදර්ශනය කරන්නට සමත් විය. මෙම ජයග්‍රහණය වෙනුවෙන් රජයේ නිවාඩු දිනයක් ද නම් කරන ලදි.

ශ්‍රී ලංකා කණ්ඩායම විදේශයක දී ලබාගත් පළමු ජයග්‍රහණය වසර 10කට පසුව නවසීලන්තයේ නේපියර් හිදී වාර්තා විය. එහි දී චමින්ද වාස් තරගයක් තුළ ඔහු දවා ගත් සිය පළමු කඩුලු 10ට හිමිකම් කියමින් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 241ක ඇති විශිෂ්ට ජයග්‍රහණයක් කරා මෙහෙය වන්නට සමත් විය.

වසර 25කට පෙර කණපිට හැරවුණු ඕස්ට්‍රේලියානු නූල් සූත්තර

සොටානි ඔස්කාර් යන නම කියූ සැණින් ශ්‍රී ලංකා ක්‍රිකට්ලෝලීන් හට එක වරම සිහියට නැගෙන……


සිම්බාබ්වේ, 1992

සිම්බාබ්වේ හට ටෙස්ට් වරම් හිමිවන්නේ 1992 වසරේ ජූලි මාසයේ දී ය.

තරගය

සිම්බාබ්වේ සහ ඉන්දියාව

Harare Sports Club, Harare

1982 ඔක්තෝම්බර් 18-22

ප්‍රතිඵලය: ජය-පරාජයෙන් තොරයි.

තරගයේ වීරයා: ඩේවිඩ් හව්ටන් (සිම්බාබ්වේ)

පළමු තරගය

1992-93 වසරවල පැවති ඉන්දියානු කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරයේ දී පැවති එකම ටෙස්ට් තරගයේ පළමු ඉනිම සඳහා සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 456ක් රැස්කර ගන්නට සමත් විය. එහි දී නායක ඩේව් හව්ටන් ලකුණු 121ක් සහ ග්‍රාන්ට් ෆ්ලවර් ලකුණු 82ක් වාර්තා කර ගනිමින් එම ඉනිම ශක්තිමත් කරන ලදි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියානු කණ්ඩායම ලකුණු 307කට සියලු දෙනා දැවී ගියත් ඒ සඳහා ඔවුන් පන්දුවාර 169.4ක් ගතකරනු ලැබූ අතර එහි දී මිනිත්තු 500ක් සහ පන්දු 422ක් වැය කරමින් සංජේ මන්ජ්රේකා විසින් ශතකයක් වාර්තා කර ගනු ලැබුවේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 5 වන මන්දගාමී ම ශතකයට හිමිකම් කියමිනි. අනතුරුව අවසන් දිනයේ දී තරගය නතර කරන විට සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 146ක් ලබා සිටි අතර ඒ අනුව තරගය ජය-පරාජයෙන් තොරව නිමාවට පත්විය.

මෙහි දී කැපී පෙනෙන ක්‍රීඩකයා වූයේ ජෝන් ට්‍රේකොස් ය. 1970 වසරේ දී දකුණු අප්‍රිකාව නියෝජනය කරනු ලැබූ ඔහු මෙහි දී සිය දෙවන ටෙස්ට් ක්‍රිකට් රට සඳහා ක්‍රීඩා කරනු ලැබුවේ වයස අවුරුදු 45 දී ය. ඔහු ඉන්දියානු ඉනිමේ කඩුලු 5ක් දවා ගන්නට සමත් වූ අතර ඒ අතරට සචින් ටෙන්ඩුල්කාර් ලකුණු ලබා ගැනීමට පෙර ඔහු යොමු කළ පන්දුවක් හමුවේ ඔහු විසින්ම උඩ පන්දුව රැක ගනිමින් දවා ගැනීම ද ඇතුළත් විය.

පළමු ජයග්‍රහණය

ඔවුන් මන්දගාමී වර්ධනයක් පෙන්නුම් කළ අතර ඒ අනුව සහභාගී වූ පළමු ටෙස්ට් තරග 30 තුළ ඔවුන් ජයග්‍රහණය කිරීමට සමත් වූයේ එක් තරගයක් පමණි. එය 1995 වසරේ දී හරාරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පාකිස්තාන කණ්ඩායමට එරෙහිව වාර්තා විය.

එහි පළමු ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 544ක් ලබා සිටිය දී ඔවුන් සිය ඉනිම අත්හිටුවන්නට තීරණය කළ අතර එහි දී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ග්‍රාන්ට් ෆ්ලවර් නොදැවී ලකුණු 201ක් වාර්තා කර ගන්නට සමත් වූ අතර ඔහුගේ සොහොයුරු ඇන්ඩි ලකුණු 156ක් වාර්තා කර ගනු ලැබීය. අනතුරුව ඔවුන්ගේ පන්දු යැවීමේ බලඇණිය හීත් ස්ට්‍රීක් විසින් මෙහෙයවනු ලැබූ අතර ඔහු තරගය තුළ කඩුලු 9ක් දවා ගත්තේ පාකිස්තානයට ඉනිමක සහ ලකුණු 66ක අතිදැවැන්ත පරාජයක් හිමිකර දෙමිනි. කෙසේ නමුත් එම තරගාවලිය තරග 2-1ක් ලෙස ජයග්‍රහණය කරනු ලැබුවේ පාකිස්තාන කණ්ඩායම යි.


බංග්ලාදේශය, 2000

සම්පූර්ණ සාමාජිකත්වය හිමි කර ගත් නවතම කණ්ඩායම වන බංග්ලාදේශය හට 2000 වසරේ ජුනි මාසයේ දී එය පිරිනැමුණු අතර ඔවුන් එම වසරේ ම නොවැම්බර් මාසයේ දී සිය පළමු ටෙස්ට් තරගය සඳහා සහභාගී විය.

තරගය

බංග්ලාදේශය සහ ඉන්දියාව

Bangabandhu National Stadium, Dhaka

2000 නොවැම්බර් 10-13

ප්‍රතිඵලය: ඉන්දියාවට කඩුලු 9ක ජයක්

තරගයේ වීරයා: සුනිල් ජෝෂි (ඉන්දියාව)

පළමු තරගය

බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 400ක් වාර්තා කර ගනු ලැබූ අතර එහි දී අමිනුල් ඉස්ලාම් මිනිත්තු 535ක් වැය කරමින් ලකුණු 145ක් ද, හබිබුල් බෂාර් ලකුණු 71ක් ද වාර්තා කර ගනිමින් ඔවුන්ගේ ඉනිම ශක්තිමත් කරනු ලැබීය. ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණයක් සමඟින් සිය ටෙස්ට් ක්‍රිකට් ගමන ආරම්භ කරනු ඇතැයි බොහෝ දෙනා සිතුවත් ඉන්දියානු කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 429ක් වාර්තා කර ගැනීමත් සමඟ එම තත්වය වෙනස් වන සේයාවක් දිස්විය. අනතුරුව දෙවන ඉනිම සඳහා බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 91කට සියලු දෙනා දැවී ගිය අතර ජයග්‍රාහී ලකුණු 63ක ඉලක්කය එක් කඩුල්ලක් පමණක් දැවී හඹායන්නට ඉන්දියානු කණ්ඩායම සමත් විය. එහි දී සුනිල් ජෝෂි පන්දුවෙන් මෙන්ම පිත්තෙන් ද දැක්වූ දායකත්වය කැපී පෙනෙන්නට විය.

’97 නිදහස් කුසලානයේ සොඳුරු මතකයන්

නිදහස් කුසලානය… මෙය කනට හුරු නාමයකි. කාටද? යන එන අතරමගදී පොකට් රේඩියෝව කන……

පළමු ජයග්‍රහණය

ඊළඟ වසර 4ක කාලය තුළ බංග්ලාදේශ කණ්ඩායම ඔවුන් සහභාගී වූ තරග 33න් එකඳු තරගයක් හෝ ජයග්‍රහණය කිරීමට අපොහොසත් වූයේ ඉන් තරග 29ක්ම පරාජයට පත්වෙමිනි.

කෙසේ නමුත් අවසානයේ 2004-05 වසරවල දී සිම්බාබ්වේ කණ්ඩායම බංග්ලාදේශයේ සංචාරයක නිරත වූ අතර එහි දී 2005 වසරේ ජනවාරි මාසයේ දී ‘Chittagong’ හිදී පැවති පළමු තරගයේ දී ලකුණු 226ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කර ගනිමින් සිය පළමු ටෙස්ට් තරග ජයග්‍රහණයට හිමිකම් කියන්නට බංග්ලාදේශය සමත් විය.

එහි දී සිම්බාබ්වේ කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 381ක ඉලක්කයක් හිමි වූ අතර ඔවුන්ගේ පිතිකරණ බලඇණිය බිඳ දැමූ එනමුල් හක් ලකුණු 45කට කඩුලු 6ක් දවා ගන්නට සමත් වූයේ ඔවුන්ව ලකුණු 154කට සීමා කරමිනි.

එතැන් සිට ඔවුන් මේ දක්වා එංගලන්තය, ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව වැනි ප්‍රබල කණ්ඩායම් පරාජය කිරීමට සමත්ව ඇත්තේ ටෙස්ට් ක්‍රිකට් පිටිය තුළ කැපී පෙනෙන දස්කම් ප්‍රදර්ශනය කරමිනි. කෙසේ නමුත් ඉන්දියාව, දෙරට අතර පවත්වා ඇති තරග 13න් එකඳු තරගයක් හෝ පරාජයට පත් නොවී අපරාජිතව රැඳී සිටී.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<