එල්ලේ වලින් ජ’පුර හා කැළණිය පෙරමුණට!

595

13 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ එල්ලේ තරග පසුගිය දා නිමා වූයේ පිරිමි ශූරතාව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයටත්, කාන්තා ශූරතාවය කැළණිය විශ්වවිද්‍යාලයටත් හිමිකර දෙමිනි. පිරිමි හා කාන්තා අනුශූරයන් බවට පත්වීමට සබරගමුව හා රුහුණ විශ්වවිද්‍යාල සමත් විය. 

යාපනයේ අපරාජිත ගමන නිමා වේ; ජ’පුරට ශූරතාව

13 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට….

පිරිමි තරගාවලිය 

තරගාවලිය සඳහා කණ්ඩායම් 14ක් සහභාගි වී සිටි අතර මූලික වටය කාණ්ඩ 4ක් යටතේ පැවැත්විය. 

පේරාදෙණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා ඌව විශ්වවිද්‍යාලය A කාණ්ඩය යටතේ තරග වැදුණු අතර පේරාදෙණිය කණ්ඩායම ප්‍රබල ජයවර්ධනපුර කණ්ඩායමට අභියෝගයක් වෙමින් අපරාජිතව මූලික වටය නිමා කළේය. 

ඔවුන් ජයවර්ධනපුර කණ්ඩායම ලකුණු 6-5ක් ලෙස ද ඌව කණ්ඩායම ලකුණු 3-2ක් ලෙස ද පරාජය කළේය. ජයවර්ධනපුර කණ්ඩායම කාණ්ඩයේ දෙවැනියා බවට පත්වූයේ ඌව කණ්ඩායම ලකුණු 5-4ක් ලෙස පරාජය කරමිනි. 

තරගාවලියේ B කාණ්ඩයට රජරට, රුහුණ හා සෞන්දර්ය විශ්වවිද්‍යාල සහභාගි වීමට නියමිතව තිබුණ ද, සෞන්දර්ය විශ්වවිද්‍යාලය සහභාගි නොවීම නිසා කාණ්ඩයේ ප්‍රථමයා තේරීම සඳහා රුහුණ හා රජරට අතර තරගය පැවැත්විය. එහි දී ලකුණු 4-3ක් ලෙස ජයග්‍රහණය කළ රජරට කණ්ඩායම කාණ්ඩයේ පෙරමුණ ගනිමින් පළමු වටය නිමා කරන ලසි. 

C කාණ්ඩය සඳහා කැළණිය, නැගෙනහිර, වයඹ හා මොරටුව විශ්වවිද්‍යාල ක්‍රීඩා කළ අතර කාණ්ඩයේ පෙරමුණ හිමි වූයේ අපරාජිත කැළණිය කණ්ඩායමටයි. ඔවුන් නැගෙනහිර විශ්වවිද්‍යාලය ලකුණු 8-6ක් ලෙසත්, වයඹ කණ්ඩායම ලකුණු 5-1ක් ලෙසත් පරාජය කළේය.

මොරටුව හා කැළණිය අතර තරගය ලකුණු 7-7ක් ලෙස සමවූ බැවින් අමතර කාලයක් ලබා දීමට සිදු විය. එහි දී ලකුණු 3-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට කැළණිය කණ්ඩායම සමත් විය. නැගෙනහිර කණ්ඩායම මොරටුව කණ්ඩායම හමුවේ ලකුණු 3-2ක් ලෙස ජයග්‍රහණය ලැබූ අතර ඔවුන් ලකුණු 5-4ක් ලෙස වයඹ කණ්ඩායම ද පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් විය. 

D කාණ්ඩය නියෝජනය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට සබරගමුව හා කොළඹ කණ්ඩායම සමත් විය. සබරගමුව කණ්ඩායම අපරාජිතව කාණ්ඩ වටය නිමා කළේ යාපනය ලකුණු 6-1ක් ලෙසත්, අග්නිදිග ලකුණු 4-3ක් ලෙසත්, කොළඹ ලකුණු 3-2ක් ලෙසත් පරාජය කරමිනි. කොළඹ කණ්ඩායම තම තරග තුනෙන් දෙකක් ජයග්‍රහණය කරමින් කාණ්ඩයේ දෙවැනියා ලෙස පළමු වටය නිමා කළේය. 

ටයිකොන්ඩෝ ශූරතා දෙකම මොරටුවට

13 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ ටයිකොන්ඩෝ තරග පසුගිය අගෝස්තු….

ඒ අනුව එක් එක් කාණ්ඩ නියෝජනය කරමින් පේරාදෙණිය, ජයවර්ධනපුර, රජරට, රුහුණ, කැළණිය, නැගෙනහිර, සබරගමුව හා කොළඹ විශ්වවිද්‍යාල අර්ධ අවසන් පූර්ව වටය සඳහා පිවිසීමට සමත් විය. 

අර්ධ අවසන් පූර්ව වටයේ දී කැළණිය, රජරට, නැගෙනහිර හා රුහුණ කණ්ඩායම් පරාජය කිරීමට ශ්‍රී ජයවර්ධනපුර, කොළඹ, පේරාදෙණිය හා සබරගමුව කණ්ඩායම් සමත් විය. ඒ අනුව අවසන් පූර්ව වටයේ දී ශ්‍රී ජයවර්ධනපුර හා කොළඹ කණ්ඩායම් තරග වැදුණු අතර පේරාදෙණිය කණ්ඩායම තරග වැදුණේ සබරගමුව කණ්ඩායම සමඟිනි. 

තරගාවලියේ අවසන් තරගයේ තම අසුන් වෙන්කර ගැනීමට සබරගමුව හා ශ්‍රී ජයවර්ධනපුර කණ්ඩායම් සමත්වන්නේ අවසන් පූර්ව වටයේ දී ප්‍රබල පේරාදෙණිය කණ්ඩායම හා කොළඹ කණ්ඩායම් පරාජය කරමිනි. 

තරගාවලියේ පිරිමි අවසන් තරගය පැවැත්වූයේ සබරගමුව කණ්ඩායම හා ශ්‍රී ජයවර්ධනපුර කණ්ඩායම අතරය. එහි දී ලකුණු 4-3ක් ලෙස තියුණු ජයග්‍රහණයක් වාර්තා කිරීමට ජයවර්ධනපුර කණ්ඩායම සමත් විය.

තුන්වැනි ස්ථානය සඳහා වන තරගයට අයහපත් ආලෝක තත්ත්ව බාධාවක් වූ නිසා තරගය ජය පරාජයකින් තොරව අවසන් කිරීමට සිදු විය. 

  • පළමු ස්ථානය – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය 
  • දෙවන ස්ථානය – සබරගමුව විශ්වවිද්‍යාලය 
  • තුන්වැනි ස්ථානය – පේරාදෙණිය විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය 

තරගාවලියේ සමස්ත පිරිමි තරග ප්‍රතිඵල 

කාන්තා තරගාවලිය 

කාන්තා තරගාවලිය ද කාණ්ඩ 4ක් යටතේ පැවති අතර එහි දී එක් එක් කාණ්ඩ නියෝජනය කරමින් මුල් ස්ථාන දෙක දිනා ගන්නා කණ්ඩායම් අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. 

කැළණිය කණ්ඩායම A කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් වූයේ සබරගමුව කණ්ඩායම හා වයඹ කණ්ඩායම ලකුණු 3-2ක් ලෙස පරාජය කරමිනි. එම කාණ්ඩයේ දෙවන ස්ථානය සබරගමුව කණ්ඩායම ලකුණු 4-2ක් ලෙස පරාජය කළ වයඹ විශ්වවිද්‍යාලයට හිමි විය. 

B කාණ්ඩයේ පේරාදෙණිය, ශ්‍රී ජයවර්ධනපුර හා ඌව කණ්ඩායම තරග වැදුණු අතර පේරාදෙණිය කණ්ඩායම අපරාජිතව කාණ්ඩ වටය නිමා කළේ ඌව කණ්ඩායම ලකුණු 1-0ක් ලෙස හා ජයවර්ධනපුර කණ්ඩායම ලකුණු 2-1ක් ලෙස පරාජය කරමිනි. 

ඌව විශ්වවිද්‍යාලය ලකුණු 9-0ක් ලෙස පරාජය කළ ජයවර්ධනපුර කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. 

රුහුණ විශ්වවිද්‍යාල ද අපරාජිතව කාණ්ඩ වටය නිමා කළ අතර ඔවුන් ක්‍රීඩා කළ C කාණ්ඩයේ අනෙකුත් කණ්ඩායම් වූ කොළඹ, නැගෙනහිර හා මොරටුව යන කණ්ඩායම් තුනම පරාජය කිරීමට රුහුණ විශ්වවිද්‍යාලය සමත් විය. 

කාණ්ඩයේ දෙවන ස්ථානය ලබා ගැනීමට කොළඹ විශ්වවිද්‍යාලය සමත් විය. ඔවුන් මොරටුව කණ්ඩායම ලකුණු 6-2ක් ලෙස ද, නැගෙනහිර කණ්ඩායම ලකුණු 4-3ක් ලෙස ද පරාජය කිරීමට සමත් විය. 

D කාණ්ඩය නියෝජනය කරමින් අර්ධ අවසන් පූර්ව වටය සඳහා පිවිසීමට රජරට හා යාපනය යන කණ්ඩායම් සමත් වූයේ සෞන්දර්ය විශ්වවිද්‍යාලය හා අග්නිදිග විශ්වවිද්‍යාලයට තුන්වැනි හා සිව්වැනි ස්ථාන ලබා දෙමිනි. එම කාණ්ඩය අපරාජිතව නිමා කිරීමට රජරට කණ්ඩායම සමත් විය. 

කොළඹ දෙකට දමා යාපනය සිසුවියන් අංක එකට

13 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ දැල්පන්දු තරග ඊයේ (29) නිමා වූයේ….

කාණ්ඩ වටයේ අවසානයේ දී එක් එක් කාණ්ඩ නියෝජනය කරමින් රජරට, ශ්‍රී ජයවර්ධනපුර, යාපනය, වයඹ, රුහුණ, පේරාදෙණිය, කැළණිය හා කොළඹ කණ්ඩායම් අර්ධ අවසන් පූර්ව වටය සඳහා පිවිසියේය. 

අර්ධ අවසන් පූර්ව වටයේ දී රජරට, කැළණිය, රුහුණ හා යාපනය යන කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කඝ අතර ඔවුන් අවසන් පූර්ව වටය සඳහා පිවිසීමට සමත් විය. 

අවසන් පූර්ව වටයේ දී රුහුණ හා යාපනය කණ්ඩායම් තරග වැදුණු අතර එහි දී ලකුණු 5-4ක් ලෙස ජයග්‍රහණය කළ රුහුණ කණ්ඩායම අවසන් තරගයට පිවිසියේය. දෙවන අවසන් පූර්ව තරගයේ දී කැළණිය කණ්ඩායම රජරට කණ්ඩායම පරාජය කළේ අමතර කාලයේ දී ලකුණු 2ක් වාර්තා කරමිනි. 

අවසන් තරගයේ දී කැළණිය කණ්ඩායම ප්‍රබල අභියෝගයක් රුහුණ කණ්ඩායමට එල්ල කළ අතර එම තරගය කැළණිය කණ්ඩායම ජයග්‍රහණය කළේ ලකුණු 9ක් වාර්තා කරමිනි. රුහුණ කණ්ඩායමට වාර්තා කළ හැකි වූයේ ලකුණක් පමණි. 

මේ අතර රජරට කණ්ඩායම පරාජය කළ යාපනය කණ්ඩායම තුන්වැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය. 

  • පළමු ස්ථානය – කැළණිය විශ්වවිද්‍යාලය 
  • දෙවන ස්ථානය – රුහුණ විශ්වවිද්‍යාලය 
  • තුන්වැනි ස්ථානය – යාපනය විශ්වවිද්‍යාලය 
  • සිව්වැනි ස්ථානය – රජරට විශ්වවිද්‍යාලය 

තරගාවලියේ සමස්ත කාන්තා තරග ප්‍රතිඵල 

13 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<