අරාබි ක්‍රීඩකයින්ට ආසියානු කුසලානයේ දොර වැසේ

786

මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරයේ කින්රාරා ඇකඩමි ඕවල් පිටියේ දී අද (06) නිමා වූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තීරණාත්මක තරගයේ දී එක්සත් අරාබි රාජ්‍ය ක්‍රිකට් කණ්ඩායමට එරෙහි ව කඩුලු දෙකක ජයග්‍රහණය ලබා ගත් හොංකොං ක්‍රීඩකයෝ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් සහභාගී වීමට සුදුසුකම් ලබා ගත්තා.

ලෝක කණ්ඩායමට කුක් නම් කළ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෝ කවුද?

එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලාභියා මෙන්ම, වැඩිම ශතක ලාභියා ද වන හිටපු එංගලන්ත නායක ඇලෙස්ටයාර් කුක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට…

පළමුවෙන් පන්දුවට පහර දුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 176ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙසින් හොංකොං කණ්ඩායම තරගය නිමා වීමට තවත් පන්දු 3ක් ඉතිරිව තිබිය දී ඩක්වත් ලුවිස් න්‍යාය අනුව තරගය ජයග්‍රහණය කළා. වර්ෂාව හේතුවෙන් තරගය පන්දුවාර 24කට සීමා වූ අතර ඒ අනුව ඔවුන්ගේ ඉලක්කය වූයේ ලකුණු 179ක්. එම ලකුණු ප්‍රමාණය කඩුලු 8ක් පමණක් දැවී සපුරා ගැනීමට හොංකොං ක්‍රීඩකයන්ට හැකි වුනා.

කාසියේ වාසිය දිනූ හොංකොං නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රීඩකයන්ට පැවරුවා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ගේ ඉනිම පන්දුවාර 15.2ක් වෙද්දී වට වැස්ස හේතුවෙන් තරගය නතර වුනා. ඒ වෙද්දී එක්සත් අරාබි එමීර් ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී ලකුණු 65ක් ලබා සිටි අතර ආරම්භක දකුණත් පිතිකරු අෂ්ෆාක් අහමඩ් පන්දු 40කට මුහුණ දී හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 43ක් ලබා සිටියා. කඩුලු ලබා ගැනීමේ දී දකුණතින් මඳ වේගපන්දු යවන අයිසාස් ඛාන් ලකුණු 9කට කඩුලු 2ක් දවාගෙන සිටියා.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙනුවෙන් ඉනිම ආරම්භ කළේ අෂ්ෆාක් අහමඩ් සහ චිරාග් සුරි. ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 54ක සබඳතාවක් එක් කළා. විරාග් සුරි පන්දු 40කට මුහුණ දී හතරේ පහරක් සමඟින් ලකුණු 11ක් ලබා සිටිය දී දැවී ගියා.

එම කඩුල්ල දැවී යෑමත් සමඟින් යැවුණ 10 වැනි පන්දුවේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමේ දෙවැනි කඩුල්ල ද දැවී ගියා. ඒ ලකුණු 55ක් වෙද්දී.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම වෙනුවෙන් තරගාවලියේ වැඩිම ලකුණු ලබා සිටි නායක රොහාන් මුස්ටාෆාට කිසිදු ලකුණක් ලබා නොදෙමින් පිටියෙන් ඉවත් කිරීමට අයිසාස් ඛාන් සමත් වුනා. අනතුරුව පිටියට පිවිසි රමීෂ් ශාෂාද්ට ද වැඩි වේලා කඩුල්ලේ රැඳී සිටීමට හැකි වූයේ නැහැ. ඔහු පන්දු 4කට මුහුණ දී සිටිය දී නැවත ක්‍රියාත්මක වූ අයියාස් ඛාන් ඔහුගේ කඩුල්ල ද දවා ගත්තා. ඒ වෙද්දී රමීෂ් ලබා සිටියේ ලකුණු 2ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය නැවතත් අතපත්තුට

එක්දින ක්‍රිකට් තරග 3කින් හා විස්සයි විස්ස තරග 5කින් සමන්විත ඉන්දු – ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදින ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත…

ඒ සමඟින් කඩා පාත් වූ වර්ෂාව හේතුවෙන් තරගය නතර කෙරුණ අතර නැවත තරගය ආරම්භ කෙරුණේ පන්දුවාර 24ක තරගයක් ලෙසින්. සිව්වැනි කඩුල්ල වෙනුවෙන් වර්ෂාවෙන් පසුව පිටියට එක් වූයේ ශයිමන් අන්වර්. ඔහු ආරම්භක පිතිකරු අෂ්ෆාක් සමඟ එක්වෙමින් ලකුණු 58ක සබඳතාවක් එක් කළා. ශයිමන් පන්දු 14ක දී හතරේ පහරක් සහ හයේ පහර දෙකක් සමඟින් ලකුණු 22ක් ලබා සිටිය දී දැවී ගියා.

නදීම් අහමඩ් විසින් යැවුණ එම පන්දුවාරයේ ම අෂ්ෆාක්ගේ ඉනිම ද නිමා වූයේ ඔහු ලකුණු 79ක් ලබා සිටිය දී කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙමින්. ඔහු ඒ වෙද්දී පන්දු 51කට මුහුණ දී හතරේ පහර 9ක් සහ හයේ පහර 6ක් තම ඉනිමට ඇතුලත් කර තිබුණා.

තරගයේ විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ 25 හැවිරිදි දකුණතින් මඳ වේගපන්දු යැවූ අයියාස් ඛාන් තරගයේ 23 වැනි පන්දුවාරයේ දී පිට පිට පන්දු දෙකක දී කඩුලු දෙකක් දවා ගනිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමේ කඩුලු වැටීමේ ප්‍රමාණය වැඩි කළා. තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරුණ ඔහු ඉනිම අවසන් වෙන විට ලකුණු 28කට කඩුලු 5ක් දවාගෙන සිටියා. ඊට අමතරව නදීම් අහමඩ් ලකුණු 28කට කඩුලු 3ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි හොංකොං කණ්ඩායමේ ආරම්භක කඩුල්ල ද ප්‍රතිවාදීන්ගේ ආරම්භක කඩුල්ල සේ ම සාර්ථක කර ගැනීමට සමත් වීම කැපී පෙණුනා. නිසාකාට් ඛාන් සහ නායක අන්ෂුමාන් රාත් එක්ව පළමු කඩුල්ලට ලකුණු 64ක් එක් කළා.

නිසාකාට් පන්දු 20ක දී හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 38ක් ලබා ගනිමින් පළමු කඩුල්ල ලෙසින් දැවී ගියා. අනතුරුව යැවුණ පන්දු වාරයේ දී කඩුලු දෙකක් දවා ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රීඩකයෝ සමත් වෙමින් තරගය විවෘත කර ගැනීම සමත් වුනා. ඒ වෙද්දී හොංකොං ලකුණු පුවරුව කියැවුණේ ලකුණු 68කට කඩුලු 3ක් ලෙසින්.

නායක අන්ෂුමාන් පන්දු 25ක දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 28ක් ලබා සිටිය දී පිටියෙන් ඉවත් වීමත් සමඟින් ලකුණු පුවරුව කඩුලු 4කට ලකුණු 82ක් වුනා.

ඉදිරි පෙළ කඩුලු 4ක් අහිමි වුවද එතැන් සිට තරගය තරමක් වෙතට පාලනයට නතු කර ගැනීමට ක්‍රිස්ටෝපර් කාටර් සහ එසාන් ඛාන් සමත් වුනා. ඔවුන් දෙදෙනා එක්ව ලකුණු 53ක සබඳතාවක් 5 වැනි කඩුල්ලට එක් කරමින් තරගයේ වාසිය තම කණ්ඩායමට ලබා දුන්නා. ක්‍රිස්ටෝපර් පන්දු 32ක දී හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 33ක් ලබා සිටිය දී දැවී යන විට හොංකොං ඉනිමේ ලකුණු තත්ත්වය 135ක් වුනා.

ඒෂාන් ඛාන් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 29ක්. ඔහු පන්දු 24කට මුහුණ දී සිටි අතර හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් තම ඉනිමට ඇතුලත් කරගෙන සිටියා. තරගය ජයග්‍රහණයෙන් කෙළවර වෙද්දී ස්කොට් මැකෙචිනි නොදැවි ලකුණු 14ක් ද, එහෙසාන් නවාස් නොදැවි ලකුණක් ද ලබා සිටියා.

කඩුලු ලබා ගැනීමේ දී මොහොමඩ් නවීඩ් ලකුණු 47කට කඩුලු 2ක් දවා ගත්තා.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය; කඩුල 9ක් දැවී 176 (24.0): අෂ්ෆාක් අහමඩ් 79, ශයිමන් අන්වර් 22, අය්සාස් ඛාන් 5/28, නදීම් අහමඩ් 3/28

හොංකොං; කඩුලු 8ක් දැවි 179 (23.3): නිසාකාට් ඛාන් 38, අන්ෂුමාන් රාත් 28, ක්‍රිස්ටෝපර් කාටර් 33, එහෙසාන් ඛාන් 29, මොහොමඩ් නවීඩ් 2/47

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<