දෝනි දැන්මම විශ්‍රාම ගන්නවා ද?

840

දැන්ම ක්‍රීඩා පිටියෙන් සමුගන්නට ඉන්දීය සුපිරි නායක මහේන්ද්‍ර සිං දෝනිගේ අදහසක් නැතැයි ඔහුගේ කළමනාකරු මිහිර් දිවාකර් මහතා පවසා සිටිනවා. පසුගිය වසරේ ලෝක කුසලාන තරගාවලියෙන් පසුව දෝනි කිසිදු තරගයක් සඳහා සහභාගී නොවූ අතර පසුගිය අඟහරුවාදා 39 හැවිරිදි වියට පා තැබූ දෝනිගේ ක්‍රිකට් අනාගතය පිළිබඳ කතාබහක් ඇති වුනේ මේ වසරේ IPL තරගාවලියත් පැවැත්වීම අවිනිශ්චිත වූ පසුබිමකයි.

“2020 ආසියානු ක්‍රිකට් කුසලානය අවලංගුයි” – ගංගුලි

කෙසේ නමුත් දිවාකර් පවසා සිටින්නේ දෝනි දැන්මම ක්‍රීඩාවෙන් සමු නොගන්නා බවයි. COVID-19 ව්‍යාප්තියට පෙර මාර්තු මාසයේ පැවැත්වුණු චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පුහුණු කඳවුරක දී දෝනි කටයුතු කළ ආකාරයෙන් ඔහුට දැන්ම සමුගැනීමට උවමනාවක් නැති බව ඔප්පු වූ බව දිවාකර් පවසා සිටිනවා. 

“යාළුවෝ වුනත් අපි ඔහුගේ ක්‍රිකට් ගැන කතා කරන්නේ නැහැ. නමුත් ඔහු  බැලුවාම පෙනෙනවා ඔහුට විශ්‍රාම ගැනීම ගැන සිතන්නේ නැහැ” දිවාකර් PTI වෙත පවසා තිබුණා. “ඔහු ගොඩක් උනන්දුවෙන් ඉන්නේ IPL ක්‍රීඩා කරන්න. ඔහු ඒ තරගාවලිය වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා. සියල්ල වසා දමන්න මසකට කලිනුත් ඔහු හිටියේ චෙන්නායිවලයි.” 

තෙන්දුල්කාර් වඩාත් අවතක්සේරුවට ලක්වුන ක්‍රීඩකයා නම් කරයි

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය IPL තරගාවලිය පවත්වන්නට සිය උපරිම උත්සාහය දරන බව ද වාර්තා වෙනවා. දිවාකර් පවසා සිටියේ මේ දිනවල ගොවිපොළක කල් ගෙවන දෝනි lockdown කාල සීමාව තුළ ද සිය ශරීර සුවතාවය හොඳින් පවත්වා ගැනීම සඳහා පුහුණුවීම් සිදු කළ බවයි. 

“ඔහු පසුගිය කාලයේ සිය ගොවිපොළට වෙලා සිය ශාරීරික සුවතාවය ඉහළට ගන්න උත්සහ කළා. lockdown කාලසීමාව නිමා වූ පසුව ඔහු පුහුණුවීම් ආරම්භ කරයි” දිවාකර් පවසා සිටියා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<