හෙන්රිගේ වැඩ වැඩි වෙයි!

106

පසුගිය අන්තර් පාසල් රග්බි තරග වාරයේ දී ඉසිපතන විදුහලේ ඉදිරිපෙළ පුහුණුකරු වශයෙන් කටයුතු කළ හෙන්රි ටෙරන්ස් එළඹෙන තරග වාරය සඳහා විද්‍යා විදුහලේ ඉදිරිපෙළ පුහුණුකරු වශයෙන් කටයුතු කිරීමට සූදානම් බව වාර්තා වනවා. 

එසේම එළඹෙන අන්තර් සමාජ රග්බි තරග වාරය වෙනුවෙන් ද ඔහු යුද හමුදා ක්‍රීඩා සමාජයේ ඉදිරිපෙළ පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතයි.

ලසින්ත කොළඹින් නුවරට!

පසුගිය වසරේ ඉසිපතන විදුහලේ සහය පුහුණුකරු ලෙස ……

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ හැව්ලොක් රග්බි කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක් වන ටෙරන්ස්, 2012/13 වර්ෂවල දී හැව්ලොක් රග්බි කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවූ ක්‍රීඩකයෙකි. පසුව ඔහු CR&FC, නාවික හමුදා, හැව්ලොක්, CH&FC හා පොලිස් ක්‍රීඩා සමාජ ද නියෝජනය කළේය.

මාලවනට නව කණ්ඩායමක්!

2020 අන්තර් පාසල් රග්බි තරග වාරය වෙනුවෙන් මහනුවර විද්‍යාර්ථ…….

2013 වර්ෂයේ දී පැවැත්වූ ජනාධිපති කුසලාන පාසල් රග්බි තරගාවලියේ දී වෙස්ලි කණ්ඩායමේ පුහුණුකාරීත්වය ද දරු හෙන්රි ඉදිරිපෙළ පුහුණුකාරීත්වයේ විශේෂඥයෙකි. 

2013 වර්ෂයේ සිට පුරා වසර 3ක පමණ කාලයක් තුළ ඉසිපතන විද්‍යාලයේ පුහුණුකාරීත්වය ද දරමින් ඉසිපතන විදුහල ජයග්‍රාහී මාවතකට ගෙන ඒමට සමත් වූ හෙන්රි 2017 වර්ෂයේ දී සාන්ත පීතර විද්‍යාලයේ ප්‍රධාන රග්බි පුහුණුකරු ලෙස ක්‍රියා කළේය. 

පාසල් පුහුණුකාරීත්වයෙන් ඔබ්බට ගිය හෙන්රි ටෙරන්ස් 2014 වර්ෂයේ දී ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ ද ඉදිරිපෙළ පුහුණුකරු වශයෙන් ද කටයුතු කළේය.

මාලවනට නව කණ්ඩායමක්!

2020 අන්තර් පාසල් රග්බි තරග වාරය වෙනුවෙන් මහනුවර ……..

එළඹෙන අන්තර් සමාජ රග්බි ලීගයේ දී හෙන්රි පුහුණුකරුවෙකු වශයෙන් පාසල් මට්ටමෙන් ඔබ්බට ගොස් පළමු වතාවට අන්තර් සමාජ මට්ටමින් ඉදිරිපෙළ පුහුණුකරු වශයෙන් කටයුතු කිරීමට සූදානමින් සිටියි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<